ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත, තුන් කාලයේ ම මේ සත්වයන් හට පිළිසරණ වූ බව දැන වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා අනුසයෙන් පටන්ගෙන අවිද්‍යා ආශ්‍රව වෙලා, එතනින් අප්පටිවේධ වූ සඤ්ඤා භාවිතා කරලා, වර්තමානයේ විඤ්ඤාණය අල්ලා ගැනීම, සැකසීම ද ගැන ධර්මය දෙක එකතු වන්නේ නම් දිට්ඨිය නිසා ම ඇති වූ සිතක් සිතීමකින් තොරව පවතී, කියලා අපි ඊයේ භාවනාවේ දී ඉගෙන ගත්තා.
එතකොට යම්කිසි සඤ්ඤාවක් දිට්ඨිය නිසා පවතින බවත් ඒ දිට්ඨිය සඤ්ඤාව නිසා පවතින බවත් මෙතැන දී අපිට පැහැදිලියි. ඒ කියන්නේ පහන් දැල්ල සහ ආලෝකය ලෙස සලකනවා නම් මේකෙ අවබෝධ පහසුයි අපිට. යම්කිසි විදිහකට පහන් දැල්ලක් මගින් ආලෝකය පැතිරෙනවා ද, යම්කිසි උණුසුමක් ඇති ද, ඒක මගින් වාතයේ යම් රත් වීමක් consume වීමක් ඇති ද, චලනයක් ඇති ද, මෙය දිට්ඨිය ලෙස සැලකිය යුතුයි. ආලෝක සඤ්ඤාව ම දැල්ලේ ආලෝකය ලෙස සැලකිය යුතු ය. එහෙම නම් අපි මේ කතා කරන්නේ සඤ්ඤාවයි සල්ලයත් එක්ක ඇති වෙන්නා වූ ඒ දිට්ඨි කතාව තමයි මේ පෙන්නන්නෙ. එතකොට මේකෙ යම්කිසි ස්ථාවරයක්, උණුසුමක් ඇති ද එය තේජෝ ධාතු ස්වභාවය නොසිඳී පවතී කියන එක තියෙනවා. මෙසේ හටගන්නා වූ, තේජෝ ධාතු ස්වභාවය, මොන ආකාරයකට ද අපි මෙහෙය වන්නේ. කෙසේ මෙහෙය වන්නේ ද? ඒ චලනය මගින් motion එක මගින් තමයි ඒක කරනවා කියන එක පෙන්නන්නෙ.
දැන් අපි දන්නවා ඔය අශ්වාරෝහකයෙක් වුණත් අශ්වයාව, වාහනය දුවන්නෙ නැත්නම් මෙහෙයවීමක් නෑ නේ. වාහනයක් වුණත් එහෙම ම යි. හැසිරවීමක් කියන්නේ ගමන් කිරීමක් තියෙන්න ඕනේ. ඒ වගේ ම තමයි යම්කිසි ඉරක වගේ දෙයක රශ්මිය පැතිරෙන්නේ නැත්නම්, ඉතින් ඒක ම, ඉර ම පුපුරලා යනවා. ඒ කියන්නේ රස්නය කියන එක, ඒක විහිදිලා යන්න ඕනේ. යම්කිසි චලනයක් නොමැති නම් ධාරාව නොගලයි. චලනය ලබා ගැනීම සඳහා අපි කුමක් කළේ ද? රත් වීමයි කියන එක. මෙය ස්පර්ශය භාවිතා කිරීම මගින් කරන ලදී. මෙයට ධාතු හතර ම අවශ්‍ය විය. නැති නම් පහන් දැල්ල කියන එක නොපවතී.
මෙසේ අතීත භවයන් දැනගැනීම, ස්පර්ශය මෙහෙයවීම මගින් සිදු කරයි. ඉතින් මේක මෙහෙම කරලා එකපාරට ම මෙනෙහි කළා නම් මේ ස්ථානය, මෙන්න මේ කාමරය තමන් හිටපු තැන කියලා, එකපාරට ම තමන්ට දැනගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මේ පුබ්බේනිවාසානුස්සති ඥානයේ දෙවෙනි එක තමයි මේ පෙන්නුවේ.
ඒක තමයි මං කරපු භාවනාව.