ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. ඒකෙදි වැඩි අවධානයක් යොමු වුණේ, අර පහන් දැල්ල මගින් වාතයේ යම් චලනයක් ඇති ද මෙය දිට්ඨිය ලෙස සැලකිය යුතු ය, කියන එකයි. දිට්ඨිය ලෙස සලකන්නේ දිට්ඨි සල්ලය ප්‍රමාණවත් වෙනවා. නමුත් දිට්ඨි ඕඝය නිසා සිතට ස්ථාන වූ බව අමතක නොකළ යුතුයි. විඤ්ඤාණ ධාරාව යම් රූපයක් ස්පර්ශ කරමින් මෙහෙයවා, ඇති වූ සංකල්පයෝ මගින් ස්ථාන තෝරා ගැනීම කියන එක සිදු වෙලා තියෙනවා. අපි අතීත කාලේ තැන් තැන්වල යවලා මෙන්න මේ ගෙදර මේ ගෙදර ආදී වශයෙන් අපි හොයාගෙන තියෙනවා. එසේ නම් එම ස්ථානවල විඤ්ඤාණයට බැස ගැනීමට ඇති හැකියාව ඇත. එනමුදු නැවත විමසීමක්, ඒ කියන්නේ අර ගෙදර කට්ටිය කලින් නතර වෙලා හිටිපු පලියට ඒ ගිහිල්ලා අහන්න ඕනෑ නේ. ආපහු අවසරයක් ගන්න ඕන නේ, ඉන්න පුළුවන් ද කියලා. එතකොට ඒ විදිහට නැවත විමසීමක්, දිට්ඨි සල්ලය මගින් කරනු ලබනවා. දිට්ඨි ආශ්‍රවය මෙම ස්ථානයේ, ගෙදර නතර වීම මගින් විඤ්ඤාණයට හානි නොවී පවතින බව නිත්‍ය පිළිබඳ සඤ්ඤාවෝ ඇති කරනවා. එයා කියනවා අර ඉස්සරම හිටියහම කරදරයක් වුණේ නෑ මට. අන්න ඒ වගේ නිත්‍ය සඤ්ඤාවෝ මෙයා ඇති කරනවා.
ඉතින් එතකොට ඔහොම නම් අපිට ඕක සටහනක් කරගන්න පුළුවන් කෙනෙකුට. උඩ චේතනා, යට අපි ලියාගන්නවා අප්පටිවේධ සඤ්ඤාව කියන්නේ අත්ත සඤ්ඤාව කියලා. එතන ම අපිට ලියා ගත හැකි දැල්ලේ ආලෝකය කියලා. ඊළඟට අපි යනවා නිත්‍ය සඤ්ඤාවට, අත්තා ඉඳන් නිත්‍යට. අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවයන් අපි එනවා දිට්ඨි ආශ්‍රවයට. එතකොට එතැනදි දිට්ඨි ආශ්‍රවයේ දී අපි සටහන් කරගත්ත හැකි, නිත්‍ය නිසා විඤ්ඤාණයට හානි නොවෙයි කියලා. එතනින් අපි එනවා දිට්ඨි ඕඝයට. සිතට ස්ථාන වීම. එතන තියෙනවා තෝරා ගැනීම. තෝරා ගැනීම, අර floods වලින් තමයි ඒක කෙරෙන්නේ. ගංවතුර පාරෙ යවලා වගේ ඒක තෝරා ගන්නවා. එතනින් ඊට පස්සේ එනවා දිට්ඨි සල්ලය. එතකොට දිට්ඨි සල්ලය කියන තැන අපි ලියාගන්නවා නැවත විමසීම කියන එක. ඊට පස්සේ දිට්ඨි සල්ලයෙන් අපි ආපහු උඩට යනවා අප්පටිවේධයට. අර අත්ත සඤ්ඤා කියන තැනට යැවෙනවා. එතකොට ආන්න එතන අපි ලියාගන්නවා, චලනය කියලා. දිට්ඨි සල්ලයෙන් අප්පටිවේධය දක්වා යන එක.
එතකොට ආලෝක, ඒ කියන්නේ සඤ්ඤාව, නොමැති නම් විමසීමක් කළ නොහැක. අර ගෙදර වුණත් ඉතින් light එකක්වත් දාලා නැත්නම් ගෙදර ඉන්නව ද කියලා දන්නේ නෑ නේ. අන්න ඒ වගේ ආලෝකය මගින් යොමු කරනවා. දිශාගත වීම. අන්න මේ පැත්ත. මේ ගෙදර ද? මේ ගෙදර ද? මේ පැත්ත සිදු වෙනවා. විමසන්නා එම ආලෝකය දැක එහි පදිංචි වීම සිදු කරනවා. විමසීම නොවන්නේ නම් නිරෝධය කරා ගමන් කරනවා. විමසනවා නම් දිට්ඨි අනුසයට හේතු වූ, ස්ථානවල සිත නතර වෙනවා. ඔය දෙකයි තියෙන්නේ. එක්කෝ විමසනවා. එක්කො විමසන්නේ නැතුව නිකම් ඉන්නවා. විමසන් නැත්නම් නිරෝධයේ. විමසනවා නම් අර දිට්ඨානුසයට හේතු වෙච්ච දේවල් තියෙන්නෙ එතන නතර වෙනවා. ඉතින් ඒකත් එක්ක, එක එක අතීත භවයන් මම දුටුවා.
ඒක තමයි මං කරපු භාවනාව.