ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා, වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ ඔයගොල්ලන්ට මතකයි, අපි අර diagram එකක් වගේ දැක්කා කියලා. එතන අර අපි පටන් ගත්තොතින් එහෙම දිට්ඨි ඕඝයෙන් සිතට ස්ථාන වීම් තෝරා ගැනීම කියන එක, අර ගංවතුර වගේ, floods වලින් ඒක කරන්නේ. ඊට පස්සේ දිට්ඨි සල්ලයෙන් අපි එතන ලියාගත්තා, නැවත විමසීම. ඊට පස්සේ අපි එතනින් රේඛාවකින් චලනය කියලා උඩට ලකුණු කරගත්තා. අප්පටිවේධය, අප්පටිවේධ සඤ්ඤාව කිව්වම අර අත්ත සඤ්ඤාව, දැල්ලේ ආලෝකය. එතනින් අපි ගියා නිත්‍ය සඤ්ඤාවට. එතනින් අවිද්‍යා ආශ්‍රවය. අවිද්‍යා ආශ්‍රවයෙන් අපි දිට්ඨි ආශ්‍රවයට ආවා. අර “නිත්‍ය නිසා විඤ්ඤාණයට හානි නොවේ” කියලා අපි එතන ලකුණු කරගත්තා. එතනින් ආවා, දිට්ඨි ඕඝය කියන එකට ආපහු.
ඉතින් මේක මෙනෙහි කරලා, අද භාවනාවෙදි මම, අර සිතට ස්ථාන වීම, කියන එක තෝරා ගැනීම ගැන අවධානයට මනස යොමු වුණා. බුදුපියාගෙන් ඇහුවහම අද මොකක් ද කරන්නේ කියලා බුදුපියා ඒ වෙලාවේ දී කිව්වා, ඒ අවස්ථාවේ දී “දිට්ඨිං ච අනුපගම්ම සීලවා, දස්සනෙන සම්පන්නො.” කිව්ව ගමන් ම මට වැටහුණා අපේ සිතට මේ ස්ථාන වන්නේ මේ පාණාතිපාත වැනි දේවල්. ඒ සංස්කාරයන් ම තමයි සිතට ස්ථාන වන්නේ.
ඒ ඒ සංස්කාරයන්ගෙන් සිත බැසගෙන, ඒකෙම ස්ථානගත වීම හොඳින් වැටහුණා. කොයි ආකාරයට ද? අපි උදාහරණයක් දෙකක් බලනවා නම්, යම්කිසි අයෙකුට හානියක් වෙනවා යැයි කියලා හැඟීමක් තියෙනවා නම්, ඒ නිසා ඔය පාණාතිපාතය, පිසුණා වාචය, වෙන් කිරීම කියන එක, වැනි දේ අන් සත්වයන්ට කරනවා. අදත්තාදානය කරමින් ජීවිතය කියන එක අපි පවත්වනවා. මේ විදිහට මේ දස අකුසලය මගින් ම සිතට ස්ථාන වෙනවා කියන එක.
අභිජ්ඣා, මගේ වේවා කියලා අරගෙන ඒ රූපයන් අල්ලා ගන්නවා. ව්‍යාපාද, පෙර අභිජ්ඣා වූ දේ ම විපරිණාමයට පැමිණ නැවත නැවතත් ඕනේ කියමින් සිතට ස්ථාන කරගන්නවා. මිච්ඡා දිට්ඨිය අභිජ්ඣාවට උදව් උපකාර කරනවා. මගේ යැයි ගැනීම හොඳ යැයි කියලා පවසනවා. මේ විදිහට සිතට ස්ථාන වෙන්නේ, දිට්ඨි සල්ලය මගින් නැවත විමසනවා. අප්පටිවේධ වූ සඤ්ඤා, අත්ත සඤ්ඤා අල්ලාගෙන සංසාරය කියන එක පවත්වනවා.
ඉතින් මේක බලාගෙන යනකොට මේ විදිහට දස කුසලය මෙනෙහි කරනකොට දස අකුසලය නිසා මෙතන වෙනවා කියන එක, ඒක කරගෙන යනකොට මට, මේ stream එක වගේ පේනවා, මේ අතීත භවයන්, එක එක අයගේ ඒවයි ඔහොම පේනවා. පෙනුණහම මම ඒවා එකකටවත් අවධානය යොමු කළේ නෑ. ඒවා දකිනවා තමයි, නමුත් ඒවයි කිසිම එකකට අගයක් දුන්නේ නෑ. දැන් මේ පෙනෙන්නේ පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් දකිනවා කෙනෙක්, මෙන්න මේ වගේ දේවල්. අතීතයේ දේවල්.
ඊළඟට දිබ්බචක්ඛුව තියෙනවා නම්, එතනින් අපිට පේනවා මේ වර්තමානයේ, අනාගතයේ චුතූපපාත ඥානයේ ඒවා. ඉතින් දැන් එහෙම නම් මේ විදිහට තමයි බුදුහාමුදුරුවෝ ආසවක්ඛය කියන එකට එන්නේ. ආශ්‍රවයන් නසන්න අර අතීතයන් බැලුවා ඒවා ඇල්ලුවෙත් නෑ. අනාගතයෙත් ඔක්කොම පේනවා එකක්වත් අල්ලා ගන්නේ නෑ. මේකේ ගත යුත්තක් නෑ කියන එක, අර ධර්මතා තුන, පුබ්බේනිවාසානුස්සති ඥානය, එතන දිබ්බචක්ඛුවෙන් එන චුතූපපාත ඥානයයි, ආසවක්ඛය. මොකද සිතට ස්ථාන වන්නේ නෑ, කියන එක ඒක හරි ලස්සනට පැහැදිලි වුණා. එකෙන් ආශ්‍රවයන් ඉතින් නසනවා. කවුරු හරි කෙනෙක් ඒ විදිහට කරන්නෙ නැත්නම්.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.