Date: 11/12/2015 Name: Dukka Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා, ඒ ඊයේ භාවනාවට පෙර ඔයගොල්ලෝ දන්නවා ඒකෙ අපි අර diagram එකක බැලුවා, ඒ අප්පටිවේධ සඤ්ඤාව, ඒ කියන්නේ අත්ත සඤ්ඤාව කියන එක. එතනින් අපි නිත්‍ය සඤ්ඤාවට ගිහිල්ලා අවිද්‍යා ආශ්‍රවය එතනින් දිට්ඨි ආශ්‍රවය. අර නිත්‍ය නිසා විඤ්ඤාණයට හානියක් වෙන්නේ නැහැයි කියන අදහස. එතනින් දිට්ඨි ඕඝය. අපි ලිව්වා එතන සිතට ස්ථාන වීම කියලා තෝරා ගන්නවා කියලා. එතනින් අපි ආවා දිට්ඨි සල්ලයට. නැවත විමසීම කියන එක. ඊට පස්සේ එතනින් අර චලනය. එතනින් ගියා ඒ අප්පටිවේධය කියන එකට.

ඉතින් මේකේ, මම විශේෂයෙන් ම බැලුවා ඔය සිතට ස්ථාන වෙනවා කියන එක නේ අපි ඊයේ බැලුවේ, දස අකුසලය කියන එක. එතකොට මේවා ඔක්කොම මේ දිට්ඨි ඕඝය තියෙන තැන සම්පූර්ණයෙන් නිරූපණය වෙනවා කියන එක. ඉතින් ඒක අපිට පැහැදිලි වෙනවා, දැන් අවිද්‍යා ආශ්‍රවයෙන් අපි එන්නේ අවිද්‍යා ඕඝයට. අවිද්‍යා ඕඝයට ආවා නම් ඊට පස්සේ දිට්ඨි ඕඝයට එනවා. වෙනස තියෙන්නේ අර present moment එකයි පස්සේ කියන කතාව විතරයි. අර එක ධර්මයක් දකුණට ඇදුණා නම් ඒක ඊළඟ වෙලාවෙදි අනිත් පැත්තට ඇදෙනවා.

එතකොට ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට ඇවිල්ලා දිට්ඨි ඕඝයට එනවා. අන්න ඒ square එක මම හොඳට බැලුවා. අවිද්‍යා ආශ්‍රව අවිද්‍යා ඕඝ, දිට්ඨි ආශ්‍රව දිට්ඨි ඕඝ, හතරැහැට තියන එක. එතකොට ඒක බලලා එහෙනම් මේ දිට්ඨි ඕඝයෙන් ඒ ඔක්කොම සිතට ස්ථාන වෙනවා, නිරූපණය වෙනවා කියලා represent වෙනවා කියලා බලලා. ඉතින් ඒක මේ දස අකුසලය කියන එක අපි පහ කරලා දස කුසලයේ ඉන්න ඕනේ. එහෙම නම් ඉතින් අපිට කරන්න තියෙන්නේ මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන එක විතරයි.

එතකොට සම්මා දිට්ඨියෙන් මෝහය කියන එක නැති කරනවා. මිච්ඡා දිට්ඨි සහගතව ජීවත් වීම කියන එක වළකනවා. අර මගේ යැයි නොගනී, කියන එක. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්ප වෙනවා. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. අන්න එතනදි දැන් අවිහිංසා පාර අමෝහය නේ. අමෝහයෙන් අදෝසය කියන එකට එනවා. දැන් අපි පටන් ගන්නෙ එහා කෙළවරෙන්. එතකොට අමෝහය නිසා මගේ නොවන නිසා අදෝසය. මේක මගින් අව්‍යාපාද නොවීම කියන එක සිද්ධ වෙනවා. අලෝභ, අදෝස, අමෝහ හරහා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වන්නේ දෝස වීමට තුඩු දෙන්නා වූ සංස්කාරයන් ඉවතලන්නේ, සිතට ස්ථාන නොවන්නේ, ව්‍යාපාදයට තුඩු දෙන්නා වූ ධර්මයන් කියන ඒවා පහ කරනවා. ඒ ධර්මයන් තියෙනවා නම් ව්‍යාපාදයට තුඩු දෙනවා.

යම් ධර්මයක් විඤ්ඤාණයේ බැස ගැනීම සඳහා තවමත් ඉතුරු වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ සාඨෙය්‍ය වගේ ඒවා, හතර වන විරිය මගින්, නිවනින් පිටත දෙයක් නොගැනීම මගින් පහ කිරීමට උත්සාහ කරනවා වෑයම් කරනවා. හතර වෙනි පාරේ තියෙන විරිය.

මේක සතියට ඇතුළත් වෙනවා. සම්මා සතිය මගින් සම්මා සංකප්පය කියන එක පවත්වනවා. එය මිච්ඡා දිට්ඨි නොවීම මගින් සිදු වෙයි. ඇති වන්නේ දුක බව පෙන්වා දෙනවා. මේකෙන් සම්මා සමාධියට තුඩු දෙනවා. සම්මා සමාධිය මගින් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා විතක්කයන් දැඩි කොට ගන්නවා. මෙතන දී අපි මෙත්තා සූත්‍රය හැටියට හිතන්න ඕනෑ. “කාමේසු විනෙය්‍ය ගෙධං න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.”

කාමයන්ගේ ගිජු බව දුරලනවා. ඒ කියන්නේ “අභිජ්ඣා නොවේ” කියන එකයි. මෙය සම්මා සමාධියයි. මෙහි දී අර රූප, අරූප කිසිදු භවයක් නොගනී. ඒක හරියට මේ පැත්තෙ රූප නම් bell shaped curve එක වගේ ගත්ත නම්, එහා පැත්ත අරූප නම් උඩ අභිජ්ඣා. දෙපැත්තට ම නෑ. ඒ කියන්නෙ අරූප වෙලා නැවත ඉපදීම වන්නේ නම්, රූප වීම දකිනවා. අරූප ධ්‍යානයට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් මැරිලා වැටිලා ආපහු ඒ රූපයන් කියන ඒවට වැටෙනවා. මේක “නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.”

එතකොට රූප අරූප කිසිදු භවයක් ගන්නේ නෑ. හේතුව කිම? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති පරිවාර වීම නිසයි.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.