උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ වීමට වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම 11/12/2015 භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවට පෙර ම අර දිට්ඨි ඕඝය මගින් සිතට ස්ථාන වන සියලු දේ නිරූපණය වන බව වටහා ගත්තා. මේක තේරුම් ගන්න නම්, මේ 09/12/2015 දුක්ඛ නිරෝධ භාවනාවේ දී ඉගෙන ගත් diagram එක මෙනෙහි කරන්න ඕනේ.
ඒ කියන්නේ අපි දන්නවා අර අප්පටිවේධ සඤ්ඤාව අපි චේතනාවට පල්ලෙහායින් ලියාගන්නවා, අත්ත සඤ්ඤාව. එහෙම නැත්නම් දැල්ලේ ආලෝකය කියලා. එතනින් නිත්‍ය සඤ්ඤාවට යනවා. එතනින් අවිද්‍යා ආශ්‍රව, එතනින් දිට්ඨි ආශ්‍රවය. ඉතින් එතැනට එනවා, “නිත්‍ය නිසා විඤ්ඤාණයට හානි නොවේ” කියන වචනය. එතනින් පල්ලෙහාට එනවා දිට්ඨි ඕඝය, සිතට ස්ථාන වීම තෝරා ගැනීම් floods මගින් කරනවා කියන එක. එතනින් පල්ලෙහාට දිට්ඨි සල්ලය, නැවත විමසීම. එතනින් චලනය, එතනින් අප්පටිවේධය. ඉතින් ඔතන දිට්ඨි ඕඝයට එහා පැත්තෙන් අවිද්‍යා ඕඝය තියෙනවා. ඕක දෙපැත්තට යනවා. යම්කිසි අවිද්‍යා ඕඝයක් වී ද එය දිට්ඨි ඕඝයට පසුව ඇතුළත් වෙනවා. Present සහ past යන වෙනස විතරයි මෙතන තියෙන්නෙ. Waves දෙකක්. එක පැත්තකින් මේ දිට්ඨි පැත්තෙන් යන wave එක අනිත් පැත්තට යනවා. ඊළඟට ඔය අවිද්‍යා, ඒ කියන්නේ විඤ්ඤාණ ආහාර පාරේ පැත්තෙන් තව wave එකක් වම් අත පැත්තට එනවා. අන්න ඒ විදිහට තමයි සිතන්න ඕනේ.
ඉතින් මේක මෙනෙහි කිරීම සමඟ අධික ප්‍රීතියයි සමාධියයි ඇති වුණා. ඒ කුමක් නිසා ද? අන්න ඒකයි ප්‍රශ්නය තියෙන්නේ. භාවනාවට පෙර ම 05/11/2015 අත්තානුදිට්ඨිය භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. එහි දී “රූපස්මිං වා අත්තානං” දක්වා ම මම බලාගෙන ආවා. ඒක තියෙන්නේ අත්තානුදිට්ඨිය 2කේ. යම් දිට්ඨි ඕඝයක් වී ද නොදන්නා බව නිසා සිත පිහිටුවා ඇත. මෙය දිට්ඨි සල්ලයෙන් විමසා ද එයින් චලනය ඇති වෙයි. යම් චලනයක් වී ද එමගින් නැවත සිතට ස්ථාන වෙයි. මෙහි යම් වෙනසක් සිතින් දැනගන්නේ හඳුනා ගන්නේ එමගින් ප්‍රීතිය ඇති වෙයි. කුමක් නිසා ද? සත්වයා විඤ්ඤාණ ධාරාව ගලනවා යැයි හඳුනා ගන්නේ මෙම වෙනසේ දී. එහි දී තමා ජීවත් වෙනවා බවට සාක්ෂි ඇත්තාහ, අන්න ඒ නිසයි. ඒක තමයි body witness කියන භාවනාව.
ඒක තමයි මං කරපු භාවනාව. ඔය කීටාගිරි සූත්‍රයේ තියෙන්නේ body witness කියලා, කාය සක්‌ඛී කියලා.