Date: 15/12/2015 Name: Saddha

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයට ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවායි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති නම් ව්‍යාධි මරණයන්ටත් අපි කැමතියි. මැරී ඉපදීමටත් කැමති වෙනවා. නන්දි වෙනවා. ඉතින් යමෙක් මේ නිසා ඇති වූ දිට්ඨි ඕඝය නිසා සිතට ස්ථාන වී පවතින්නේ, මෙහි යම් නැති වීමක් දිට්ඨි සල්ලයෙන් විමසීම නැති වීම මගින් ම පමණක් සිදු කළ හැකි බව ඊයේ භාවනාවේ තුළින් අපිට වැටහෙනවා. විමසීම නැති වීම එනම් දිට්ඨි සල්ලය නැති වීම ඡන්ද, චිත්ත, විරිය, විමංසා සමාධි මගින් සිදු වෙනවා. මෙම සමාධි, විපල්ලාස හතර කැපීම මගින් ම පමණක් ම සිද්ධ වෙනවා. කෙසේ ද?

විපල්ලාස නැති වන්නේ පටිච්චසමුප්පාදයේ පුරුකක අවබෝධය සහගතව අනුපස්සනා හතර මගින්. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ සහගත වූ සමාධිය සම්මා සමාධියයි. ඡන්ද සමාධිය කෙරෙහි සිත යොමු වුණා. නිවනින් පිටත සිත පිහිටුවා කාම ඕඝය විය. යම් දෙයක් සිතට ස්ථාන වේ ද අසුභය නිසා වූ දිට්ඨින් විසින් එය පවත්වයි. මෙහි යම් බැස ගැනීමක් නොමැති ද, චලනයක් නොමැති ද එහි නිරෝධය ඇත. ඉතින් මූණේ වම් පැත්ත සුභ වුණා.

චිත්ත සමාධිය කෙරෙහි සිත යොමු කරා. වේදනාව සුඛ යැයි සිතා වේදනාව පතමින් සිත පිහිටුවා ඇත. භව ඕඝය විය. යම් වේදනාවක් සිතට ස්ථාන වී ද සුඛ යැයි වරදවා ගත් දේ නිසා ඇති වූ දිට්ඨින් විසින් එය පවත්වයි. මෙහි යම් බැස ගැනීමක් නොමැති ද, චලනයක් නොමැති ද එහි නිරෝධයට තුඩු දෙන්නා වූ අත්ත සඤ්ඤාවේ බිඳීම පවතී. ඉතින් එතනදි කෙනෙක් කල්පනා කරන්න ඕනේ අර වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් ඒ අත්තා, නළලේ වම් පැත්තේ, දකුණත්, නිකටත්, නළලේ පැති දෙකයි නිකටයි සුඛ සහගතව දැනුණා. නමුත් ඒකේ ඇලීමක් නෑ.

විරිය සමාධිය කෙරෙහි සිත යොමු වුණා. තමා යැයි, අත්තා යැයි වරදවා වටහා ගනිමින් සිත පිහිටුවා ඇත. දිට්ඨි ඕඝය විය. යම් දෙයක් සිතට ස්ථාන වෙයි ද අත්තා යන දිට්ඨින් විසින් එය පවත්වයි. මේ යම් බැස ගැනීමක් නොමැති ද, චලනයක් නොමැති ද එහි නිරෝධයට තුඩු දෙන්නා වූ අත්ත සඤ්ඤාවේ බිඳීම පවතී. ඔළුව විශාල උණා. ආකිඤ්චන විමුක්තිය වුණා. විමංසා සමාධිය කෙරෙහි සිත යොමු වුණා. නිත්‍ය යැයි වරදවා වටහා ගැනීමෙන් විඤ්ඤාණයට හානි නොවේ යැයි සිතා, සිත පිහිටුවා ඇත. අවිද්‍යා ඕඝය වෙයි. යම් දෙයක් සිතට ස්ථාන වේ ද නිත්‍ය යන දිට්ඨින් විසින් එය පවත්වයි. ඉතින් එතන දිට්ඨි විපල්ලාසය නේ, අනිත්‍ය නිත්‍යයා කියන එක.

ඔය තුන් වන විපල්ලාස ගැන තමයි අපි මේ කතා කරන්නේ. මෙහි යම් බැස ගැනීමක් නොමැති ද, චලනයක් නොමැති ද අහංකාර වීමක් නොමැති ද, එතන දී කාරණා තුනක් කියවුණා. යම් බැස ගැනීමක් නොමැති ය A, B චලනයක් නොමැති ද, C අහංකාරයක් නොමැති ද, එහි නිරෝධය තුඩු දෙන්නා වූ නිත්‍ය සඤ්ඤාවේ බිඳීම පවතී. ඉතින් මෙතෙන්දි අර තුන් වෙනියට පෙන්නපු අහංකාර වීමක් නොමැති ය කියන එක “අත්තනි වා රූපං” යන්න අර A, B කිව්වා දෙකට අමතරව තියෙනවා කියන එක සිහි කරන්න ඕනෙ. අර විඤ්ඤාණය සකස් වෙන. එතකොට අපි දන්නවා අර පරාමාසයට පල්ලෙහායින් අහං. එතන වේදනාවෙන් සඤ්ඤා, පෙර අත්තා. දැන් ඉතින් එයා, ඒක නිසා අත්තා ඉඳන් නිත්‍යට යන ස්වභාවයට ම ඇවිල්ලා තියෙනවා. ප්‍රඥා විමුක්තිය කියන එක ඇති වුණා.

ඉතින් මේක තමයි මං කරපු භාවනාව.