උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවේ දී ඡන්ද සමාධිභාවනා කොටස දක්වා, ඒක මෙනෙහි කරගෙන ආවා, අද භාවනාවේ දී. එහි දී විපල්ලාස තුන රේඛා තුනකට සම්බන්ධ වෙලා පෙනුණා. එතකොට picture එකක් වශයෙන් ඇඳගන්නවා නම් අපිට පුළුවන් රූපය, ගිද්ධිලෝභය, ජාතිය. ආපහු රූපය. ඊළඟට වේදනා, පරාමාස, භය අගති. එතකොට අපි ලියා ගත්තොතින් භය අගතිය ඉඳන් වේදනාවට a කියලා. ගිද්ධිලෝභයේ ඉඳන් රූපයට යන එක a, වේදනාවේ ඉඳන් පරාමාසයට යන එක b නම්, ගිද්ධිලෝභයේ ඉඳන් ජාතියට යන එක b. පරාමාසය ඉඳන් භය අගතියට යන එක c නම්, ජාතියේ ඉඳන් රූපය දක්වා යනවා කියන එක c.
අපි යමක් සුභ ලෙස ගන්නේ, මතකයි අපි අර 5A අත්තා කියලා කලින් තිබුණේ a යන සඤ්ඤාව නිසා බව සබ්බාසව diagram දෙකේ දී අපි ඉගෙන ගත්තා. එසේ නම් a මගින් ඇති වන බලපෑම ගිද්ධිලෝභයේ ඉඳන් රූපය දක්වා යන එක a කියලා ගන්නවා. සුභ යන සඤ්ඤාව ලෙස අපි ඒක ගන්න ඕන. ගිද්ධිලෝභයේ ඉඳන් රූපය දක්වා යන එක සුභ යන සඤ්ඤාව. නාමරූපයේ බලපෑමක් නොවන්නේ නම් මෙසේ සුභ ලෙස නොගනී. ආශ්‍රව නැසුවා වූ රහතන් වහන්සේට සුභ යන සඤ්ඤා විපල්ලාසයෝ නැත.
ඊළඟට වේදනාවේ ඉඳන් පරාමාසයට අපි කියනවා b කියලා. සුඛය පරාමාස වන්නේ ඒ නිසා වන නන්දි ස්වභාවය පෙරත් මෙය මෙසේ ම ය, යනුවෙන් ගිද්ධිලෝභයේ ඉඳන් ජාතිය දක්වා යනවා ඒක b.
නන්දි සහගත වීම චිත්ත විපල්ලාසය ලෙස සැලකිය යුතුයි. ඒ විදිහට නන්දි වෙනවා කියන එක චිත්ත විපල්ලාසය. පරාමාසය ඉඳන් භය අගතිය දක්වා යන්නා වූ එක, අපි හිතමු එක c කියලා. යම් සුඛයක් පරාමාස වී ද, එය නිසා ඇති වූ මමංකාර අත්තා නිසා, දිට්ඨි ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව එතනින් රාග සල්ල. රාග සල්ල වීමෙන් පසුව දිට්ඨි විපල්ලාස ඇති විය. නැවතත් එවන් වූ රූපයක් ම සොයනවා. බත් කටක් කෑමෙන් අනතුරුව එවන් වූ රස වූ සුඛ වූ බත් කටක් ම නැවත සෙවීම උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්.
ඉතින් අර ඊයේ වගේ ම අර සුඛය සහගතව ම, ඒ වගේ ම නළලේ ඒ මැද්දත් හොඳට දැනෙමින් හිටියා ඒ භාවනාවේ දී.
ඒක තමයි මං කරපු භාවනාව.