ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ විමසා බැලුවේ අර සුඛ යන සඤ්ඤා, චිත්ත, දිට්ඨි විපල්ලාසය තුන කුමන රේඛාවකින් නිරූපණය කරනවා ද කියන එකයි. එතනදි අපිට ඇඳගන්න පුළුවන් කෙනෙකුට වේදනා, පරාමාස, භය අගති. එකේ අපි භය අගතිය ඉඳන් වේදනාවට a, වේදනාවේ ඉඳන් පරාමාසයට b, පරාමාස ඉඳන් භය අගතියට c. උඩින් එනවා triangle එක වේදනාවේ ඉඳන් චේතනාවට a, ආපහු වේදනාවේ ඉඳන් පරාමාසයට b, පරාමාස ඉඳන් චේතනාවට c.
වම් පැත්තෙන් එනවා ජාතියේ ඉඳන් වේදනාවට. රාග සල්ල වීමෙන් අනතුරුව සුභ යන දිට්ඨි විපල්ලාසය ඇති වෙන බව අපි ඊයේ ඉගෙන ගත්තා. භය අගතියේ ඉඳන් වේදනාව දක්වා a කියලා රේඛාව වෙනවා නම් රාග සල්ලයෙන් ඇති වුණ දිට්ඨි විපල්ලාසයේ බලපෑම සහිතව වේදනාව, චේතනාව දක්වා අර a කියන රේඛාව වීම වැළැක්විය නොහැක. මෙය සුඛ යන සඤ්ඤා විපල්ලාසය ලෙස ගත යුතු ය. ඊළඟ වේදනාව පරාමාස වීම, b කියන එක වීම චිත්ත විපල්ලාසය වන්නේ ය. මෙහි දී වේදනාව පෙරත්, මෙය මෙසේ ම ය යනුවෙන් නන්දි සහගත වන්නේ විඤ්ඤාණයේ වෙනස සොයා ගැනීමට අපොහොසත් වන නිසා ය.
ඊළඟට පරාමාසයෙන් ඉඳන් භය අගතියට යන c කියන කොටස. ඒක වන්නේ අහංකාර ස්වභාවය නිසා ඇති වුණ බලපෑම අධික ය. එහි දී “අත්තනි වා රූපං” ලෙස සිතීම පහසු වෙයි. මෙතෙන්දි අපි දන්නවා අර වේදනා සඤ්ඤා මේ පැත්තෙන් රූපය තියෙනවා අර පෙර අත්තා කියලා එන්නා වූ එක. ඉතින් සඤ්ඤාවෙන් චේතනාවට එන බලපෑම. මේ වන විට අපිට පේනවා තුනක් අත්තා කියලා ඇවිල්ලා තියෙනවා. තුන් පාරක්.
ඒ කියන්නේ 1, පෙර වටයන් කරකැවීම නිසා 5A අත්තභාවය නිසා සුභ වීම. අපි ඒක ඊයේ බැලුවා පළවෙනියට. 2, ඊයේ භාවනාවේ දී අපි c ලෙස ගත අවස්ථාවේ දී අත්ත ස්වභාවය. ඒ කියන්නේ මමංකාරය අත්තා. දැන් 3, වේදනාව සුඛ වීමෙන් අනතුරුව එනම් අවිද්‍යා ආශ්‍රවයන් නිසා ඇති වූ බලපෑම මගින්. ඒ කියන්නේ එකොළොස් වැනි රවුම වන අහංකාර අත්තා ද වී අවසානය.
මෙසේ පරාමාස චේතනා වීම c කියලා කියනවා. පරාමාසයේ ඉඳන් උඩ අතටයි මේක යන්නේ. සුඛ යන දිට්ඨි විපල්ලාසය ඇති වෙනවා, මේ විදිහට. විඤ්ඤාණ ධාරාව ගැලීම නොනවතී. එනම් අර පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අපි දැන් දිට්ඨිය කියන එක දානවා. අත්තා කියන කතාව, දිට්ඨි විපල්ලාසය. ඉතින් ඒකෙන් අපි දන්නවා අර විඤ්ඤාණ ධාරාව ගලනවා අනිත් පැත්තට, දැන් අත්තා කියලා අපි මුලින් ලකුණු කරගත්තේ. ඉතින් මේ වෙලාවෙදිත් අර කලින් වගේ ම නළලේ වම, දකුණ සහ නිකට සුඛ සහිතව සමාධි සහගතව සිටියා.
ඒක තමයි මං කරපු භාවනාව.