ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති නම් ව්‍යාධි මරණ කියන ඒවටත් කැමති වෙනවා. මැරිලා ඉපදෙන්නත් කැමති වෙලා නන්දි සහගත වීම කියන එක සිහි කළා. මේ විදිහට ආරම්භ කරලා අර ශ්‍රද්ධා දෙක, ශ්‍රද්ධා තුන භාවනාව කළා.
අද භාවනාවේ දී බැලුවේ අර අත්තා යන සඤ්ඤා, චිත්ත, දිට්ඨි විපල්ලාස කුමන රේඛාවලින් නිරූපණය වෙනවද කියන එක. ඊයේ භාවනාවේ දී අවසානයට අපි ඉගෙන ගත්තා අර පරාමාස, චේතනා කියන රේඛාව මගින් සුඛ යන දිට්ඨි විපල්ලාසය නිරූපණය වෙනවා කියලා. ඒකෙදි පළවෙනි එකට අර සුභ වීම. අර පෙර අත්තා නිසා සිදු වෙන දේ. මමංකාර අත්තා නිසා අර ශ්‍රද්ධා දෙක භාවනාවේ දී අපි c ලෙස ගත්ත එක. ඊළඟට තුන් වන කාරණයට අහංකාර අත්තා. අවිද්‍යා ආශ්‍රවයේ බලපෑම සහගතව.
මෙම රේඛාව ම පරාමාසය ඉඳන් චේතනාව දක්වා යන එක a අත්තා යන සඤ්ඤා විපල්ලාසය බව පැහැදිලි වුණා. එහෙම නම් diagram එකක් ඇඳගත්තොත් අපිට පේනවා පරාමාස, චේතනා, ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට ආපහු එනවා කියන එක. එතකොට පල්ලෙහායින් එනවා පරාමාස භය අගති, භය අගති වේදනා, වේදනා පරාමාස.
ඉතින් අපි a කියලා දැම්ම නම් භය අගතියේ ඉඳන් වේදනාවට, දැන් පරාමාස ඉඳන් චේතනාවට a. B කියලා දැම්ම නම් වේදනාව ඉඳන් පරාමාසයට, චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය කියන තැන b. පරාමාසයෙ ඉඳන් භය අගතියට c කියලා කිව්වා නම් ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට c. එතකොට චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා එන්නා වූ b කියන රේඛාව මගින් අත්තා යන චිත්ත විපල්ලාසය දැක්වෙන බව වැටහුණා. කෙසේ ද? අත්තා යැයි යම් අගයක් වී ද එය චේතනාව මගින් නොනැසී පවත්වයි. එසේ පැවැත්වීමට උත්සාහ කරයි. ජීවිත ඉන්ද්‍රියට හානි නොවන අයුරින් මෙය පවතිනවා ද යන්න පමණක් විඤ්ඤාණ ධාරාව මගින් විමසා බලයි. මෙය දිට්ඨි සල්ලයේ ලක්ෂණයක් වන්නේ ය.
ජීවිත ඉන්ද්‍රිය c කියලා දානවා arrow එකකින් පරාමාසය දක්වා. එතකොට අන්න ඒ c රේඛාව මගින් අත්තා යන දිට්ඨි විපල්ලාසය දැක්වෙන බව වැටහුණා. මෙය විඤ්ඤාණයේ bending point එක වශයෙන් ජීවිත ඉන්ද්‍රිය ඇති තැනින් නැමෙන බවත් හොඳින් පෙර දන්නා වූ ධර්මයක් ලෙස ම සිතට වැටහුණා. “Excellent” යැයි බුදුපියා මේක පැවැසුවා. අත්තා යන දිට්ඨි විපල්ලාසයේ දී පදුට්ඨමනසඞ්කප්පය නිසා ඇති වූ නිත්‍යභාවය හොඳින් බලපාන බවත්, මෙය ප්‍රධාන කාරණය බවත් කිසිදු සැකයකින් තොරව අවබෝධ වුණා.
මේ bending point එක කියලා කියන්නේ, දැන් අපි ජීවිත ඉන්ද්‍රිය නිකන් ලකුණු කර ගත්තොතින් curve වශයෙන් රේඛාවක්. එකක් චේතනාවට අනිත් එක විඤ්ඤාණයට, අනිත් එක ඉදංසච්චයට, අනිත් එක මෝහ අගතියට. අපි දන්නවා මෝහ අගතිය තියෙන තැන ගලේ වැදිලා කුඩු වෙලා යන විඤ්ඤාණය. එතකොට ඉදංසච්චය ළඟ අර පහළට වැටෙන විඤ්ඤාණය. ජීවිත ඉන්ද්‍රිය වටා චේතනාවේ සිට විඤ්ඤාණ ඉදංසච්චය මෝහ අගතිය යන, සියලු point දක්වා විඤ්ඤාණය bend වෙන බවත්, මැරී වැටුණත් ඉවසන බවත් හොඳින් වැටහුණා.
ඉතින් මේ භාවනාවේ දී මේ ආකිඤ්චන විමුක්තියේ ඉඳන් නිරෝධය දක්වා ඒ ඒ සමාධි තිබුණා කියන එක කියන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.