ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමතියි. මැරිලා ඉපදෙන්නත් කැමතියි. නන්දි සහගත වුණා.
මේ විදිහට පටන් අරගෙන ශ්‍රද්ධා දෙක, තුන, හතර භාවනාවන්, ඒ තුන ම මම කළා. අද භාවනාවේ දී බැලුවේ අර නිත්‍ය යන සඤ්ඤා, චිත්ත, දිට්ඨි විපල්ලාසයෝ කුමන රේඛාවලින් නිරූපණය වෙනවා ද කියන එකයි.
ජීවිත ඉන්ද්රිය ඉඳන් විඤ්ඤාණය දක්වා යන රේඛාව a කියලා ගත යුතු බවත්, මේ මගින් නිත්‍ය යන සඤ්ඤා විපල්ලාසය ඇති වන බවත් හොඳින් වැටහුණා. කෙසේ ද? විඤ්ඤාණ ධාරාවේ යම් හටගැනීමක් වන්නේ ජීවිත ඉන්ද්රිය වටා 90° න් අර ශ්‍රද්ධා හතර භාවනාවේ දී ඉගෙන ගත් triangle එක භ්‍රමණය වෙනවා. ඒක භ්‍රමණය වුණා ම අපිට එනවා ඔය diagram එකක් හැටියට ගත්තොත් පරාමාස චේතනා ජීවිත ඉන්ද්රිය. ඒක තමයි ඊයේ බලපු triangle එක. ඒක 90° න් කැරකුණාම චේතනා විඤ්ඤාණ ජීවිත ඉන්ද්රිය.
එතකොට a කියන එක අපි ලකුණු කරන්නේ ජීවිත ඉන්ද්රිය ඉඳන් විඤ්ඤාණය දක්වා. ඒ නිත්‍ය යැයි කියන සඤ්ඤා විපල්ලාසය. මේක තවත් 90° න් කැරකෙනවා නම් නිත්‍ය යන චිත්ත විපල්ලාසය කියන එක හටගන්නවා. එතකොට diagram එක හැටියට එනවා අපිට, පරාමාස, චේතනා, විඤ්ඤාණ, ඉදංසච්ච මැද්දේ ජීවිත ඉන්ද්රිය, ඊට පස්සේ දැන් 90° න් තවත් අර triangle එක කැරකැවුණම දැන් අපිට තියෙනවා ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණය ඒක a. විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට b, නිත්‍ය යැයි කියන චිත්ත විපල්ලාසය b. එතන ඉඳන් ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා ඒක සකස් වෙලා තියෙනවා. එහෙම නම් විඤ්ඤාණ ඉදංසච්ච රේඛාව තමයි b කියලා කියන්නේ නිත්‍ය යන චිත්ත විපල්ලාසය නිරූපණය කරන්නේ.
මෙතැන දී සමාධිය හරි උග්‍ර වෙනවා, විඤ්ඤාණ ධාරාව බිඳ වැටෙන බව මෙහි දී පැහැදිලියි. අර මතක ද අපි sea wave එකක් බලලා තියෙනවා. මේ නමුත් අර පිටුපසින් එන රළ පහර මගින් පෙරටත් වඩා හොඳින් පවතිනවා කියන අදහස සිතට බැසගෙන තියෙනවා. ඒක diagram එකක් අපි කලින් දාලා තියෙනවා. ඔය විදිහට අර රළ පහර වැදුණම ඊළඟ රළ පහර ඒක වැටෙනකොට අරකට උඩට වැටෙන්නේ. මේක තවත් 90° න් භ්‍රමණය වෙනවා නම් නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය හටගන්නවා. දැන් එතකොට එනවා අර ඉස්සෙල්ලා කිව්ව පරාමාස චේතනා විඤ්ඤාණ ඉදංසච්ච, මැද්දේ තියෙන්නේ ජීවිත ඉන්ද්රිය. එතකොට ඒ රේඛාව දැන් අපිට පේනවා 90° න් කැරකිලා, දැන් එහෙම නම් පරාමාස, ජීවිත ඉන්ද්රිය, ඉදංසච්ච, කියන triangle එක බවට පත් වෙනවා. එතකොට c කියලා කියන්නේ ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා තියෙන එක. ඒක දික් කළහම අපිට පේනවා ඒක චේතනාව දක්වා තමයි ඒක යන්නේ කියන එක.
මේ වන විට එහෙනම් ජීවිත ඉන්ද්රිය පරාමාස රේඛාව 270° න් භ්‍රමණය වෙලා. ඒ කියන්නේ අර ශ්‍රද්ධා භාවනා හතරේ තිබිච්ච එක, දැන් අපිට පේනවා 270° න් ඒක භ්‍රමණය වෙලා කියලා පැහැදිලියි. කඩා වැටුණ ජල පහර. පෙර ජල පහර මතට වදින්නේ පෙරටත් වඩා වේගයෙන් ගලනවා යන හැඟීම් ඇත. ඒ c රේඛාව චේතනාව දෙසට යොමු වෙලා පවතිනවා. නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය, ඉදංසච්ච ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා යන රේඛාව මගින් ඒක තමයි අපි c කියලා කියන්නේ. ඒකෙන් නිරූපණය කරනවා. මෙහි දී සංස්කාරවල mode අගය පැවැත්වීම විශේෂිතයි. ඒක important. ඒ කියන්නේ ජීවිත ඉන්ද්රිය ඉඳන් විඤ්ඤාණය. විඤ්ඤාණයෙන් අර සංස්කාර හරහා භය අගතිය, වේදනාව, ආපහු අර නාමරූප තැනට, සුභයි කියන තැනට එනවා. ඒ කියන්නේ සුභ යන අර්ථය පැවතිය යුතු ය. ඒක තමයි round 1ක. ඊළඟට 2ක සුඛ යන යමක් පරාමාස වී ද එම අගය පැවතීම වෙන්න ඕනෙ. ඒක තමයි රවුම් 5 කියන එක. ඊළඟට 3 ගත්තම, එම සුඛය නිසා යම් මානයක් වී ද එය නොසිඳී පැවතිය යුතු ය. Round 6 එක. මෙම අගයෝ චේතනාව මගින් සිදු කරනවා. “අජ්ඣොසඤ්ඤා” කියන අර්ථය.
ඉතින් මෙතන දී කෙනෙක් කල්පනා කරන්න ඕනේ අර light bulb තුනක් අපි පාවිච්චි කරනවා නම් එකක එළිය අඩු වුණාට, අනිත් එකේ එළිය වැඩි කරලා ආලෝකය අපි පවත්වා ගන්න පුළුවන් නේ. ඒකත් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි කිව්ව නේ දැන් ඉදංසච්ච ජීවිත ඉන්ද්රිය, රේඛාව චේතනාව දක්වා අපි දික් කළොතින් එනවා කියලා. ඒ කියන්නේ දැන් එයා පෙන්නනවා මේ අගයන් තුන නම් කොහොම හරි පවත්වන්න ඕනේ.
ඉතින් මේක මේ විදිහට කළහම මම දැනගෙන හිටියා, මේ වෙලාවේ දී යම්කිසි දෙයක් තමන්ට දැනගන්න පුළුවන් වෙයි කියන එක. ඒක තමයි ඔය හතර වන ධ්‍යාන තලයේ ඒ සත්වයන් ආලෝක සහගතව ඒ අයගේ රූපයන් සහගතව දකින්න පුළුවන්කම කියන එක මේ වෙලාවේ දී ඇති වෙනවා. ඒ වගේ ම හොඳට තදින් වැටහිච්ච දෙයක් තමයි මේ සම්මා සමාධිය කියන එක. ඒ කියන්නේ ධ්‍යාන හතර වීම කියන එක ඉතා පැහැදිලියි. අරූප ධ්‍යානයකට ගියා කිව්වහම ඉතින් එයා තේරුම් ගන්නවා මේක අර කෑල්ලක් නැතුව නේ මේ මම ඉන්නේ. මෙතැන දී පේනවා මේ කෑලි තුන ම සහිතව මේක සම්මා සමාධියෙන් තමයි මේ සම්මා ඥානය ඇති වෙලා සම්මා විමුක්තීන් කියන ඒවා ඇති වන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.