ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් සම්පූර්ණයෙන් කළා. අර ශ්‍රද්ධා දෙක, තුන, හතර, පහ භාවනාවන් මේකට අඩංගුයි. මෙහෙම කළහම අර නිත්‍ය යන චිත්ත විපල්ලාසය විමසන අවස්ථාවේ දී විශාල වූ ප්‍රභාස්වර වූ circle එකක් සූර්යයා මෙන් දැකීමක් වුණා. “Excellent” යැයි ඇසුණා. ඒක පසුව දැනගන්න පුළුවන්. අර නිරෝධයට වරින්වර යන බවකුත් දැනුණා.
කායමුදුතාව භාවනාවේ දී ඉගෙන ගත් කාරණා මට සිහි වුණා. 23/09/2015 අර අත්තානු දිට්ඨි භාවනාවේ diagram එක පොඩ්ඩක් අපි සිහි කරලා ගත්තොත් ඒකෙ අපි දන්නවා අර රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ, ඊළඟට ස්පර්ශ, නාමරූප, ජීවිත ඉන්ද්රිය, වේදනා, පරාමාස, ඉදංසච්චය, පල්ලෙහායින් මෝහ අගතිය. ඉතින් මේක රේඛා ටික යා කරගන්න අපි දන්නවා. ඉතින් ඒකේ අපි දන්නවා ඔය මෝහ අගතියේ ඉඳන් අර පෙර මිච්ඡා දිට්ඨිය කියලා අපි ලියනවා පල්ලෙහා පරිදේවය දක්වා එන තැනට. ඒක අර අත්තානුදිට්ඨිය නිසා ඇති වෙන එක.
ඊළඟට අපිට ආපහු පේනවා, අපි දන්නවා කායපාගුඤ්ඤතාවය මගින් පෙර මිච්ඡා දිට්ඨිය කියන එක ඉවත් කරනවා කියලා. ඒක අර සඤ්ඤාවේ ඉඳන් නාමරූප තියෙන තැනට යන එක නවත්වන එක. ඒ වගේ ම ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන්නා වූ එක.
ඊළඟට ආපහු අපි දන්නවා, කායමුදුතාව මගින් අර දැන් මිච්ඡා දිට්ඨිය කියන එක ඉවත් කරනවා. ඒක අපි ලකුණු කරන්නේ වේදනාවේ ඉඳන් නාමරූපයට, ඒ වගේ ම පරාමාසයෙන් ඉඳන් නාමරූපය දක්වා රේඛා දෙක කපනවා කියන එක.
දැන් අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මයක්. දැන් අපි ඉගෙන ගත්තා මේ ශ්‍රද්ධා හතර භාවනාවේ ඉගෙන ගත්ත නේ triangle එකක්. පරාමාස චේතනා, චේතනා ජීවිත ඉන්ද්රිය, ජීවිත ඉන්ද්රිය පරාමාස. ඕක යන්නේ ඔය order එකට නේ. A කියලා කියන්නේ පරාමාසයේ ඉඳන් චේතනාවට, b කියන්නේ චේතනාවේ ඉඳන් ජීවිතය ඉන්ද්‍රියට, ජීවිත ඉන්ද්රිය ඉඳන් පරාමාසයට arrow එකක් ඒ පැත්තට ම ලකුණු කරගන්නවා අපි. ඕක 270° න් ජීවිත ඉන්ද්රිය වටා කැරකැවුණහම ඊළඟට අපිට පේනවා ඕක හැදිලා තියෙන විදිහ.
දැන් ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපි c කියලා කියනවා. ඒකෙ arrow එක යන්නේ ඒ පැත්තට. ඊළඟට ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට b, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට a. Arrows තුන reverse වෙලා. ඒ සියලු දිසාවන් reverse වෙලා කියලා වැටහෙනවා. ඒ කියන්නේ පළමුව අපිට a මගින් b වලට, b මගින් c වලට feed වීමක් සිද්ධ වුණා ද, දැන් අනික් පැත්තට, c මගින් b වලටත්, b මගින් a වලටත් feed වෙන බව පේනවා. මෙසේ යම් අත්තානු දිට්ඨියක් පෙර වී ද, අර body witness භාවනාවේ දී අපි විමසුවා එය මගින් පසු අත්තානුදිට්ඨිය හටගන්නා බව ද එය ඉදංසච්චයට ඇතුළත් වන බව ද අපිට පැහැදිලියි.
කායුජ්ජුකතාවය ඇති බවත්, කායපාගුඤ්ඤතා ඇති බවත් පැමිණ ඇත්තේ කායමුදුතා යන තැනට බවත් වැටහුණා. කෙසේ ද? යම් කාමරාග අනුසයක් පෙර වී ද එය දිට්ඨි අනුසය දක්වා යම් ආකාරයකට ගමන් කළා ද, ඒ කියන්නේ අපිට දැන් පේනවා දිට්ඨි අනුසය කියන එක අර වේදනා භය අගති රේඛාව, ඒක පොඩ්ඩක් කැරකුණහම අපි එනවා වේදනා ජරා, අවිද්‍යා අනුසය. ඒක තව ටිකක් කැරකුණහම රාග අනුසය. එතකොට අර වේදනා ජාති රේඛාව දක්වා. දැන් මේ ජාති වේදනා රේඛාව නේ අපි දික් කරන්න ඕනේ. දික් කළහම අපිට පේනවා අර අගයන් තුන. අර මේක මගින් මොකක් ද කරන්නේ? නැවතත් නාමරූප ඇති තැන සුභ යන අගය round 1ක. ඊළඟට පරාමාසය ඇති තැන සුඛ කියන අගය. Round 5 එකෙන් ආපු එක. ඊළඟට රාග අනුසය කියන එක හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ ද පවත්වනවා.
කායමුදුතාව ගැඹුරු ලෙස වැඩෙනවා නම් ඒ කියන්නේ කායුජ්ජුකතා, කායපාගුඤ්ඤතාවලට පසුව, මෙම මානයන්ගෙන් සිත ගලවා, දැන් මිච්ඡා දිට්ඨිය පහ කර සියලු දුක්ඛයන්ගෙ නිරෝධය කළ හැකි ය කියන එකයි. ඉතින් අර “circle එක හැටියට දැක්කේ අනාශ්‍රව විමුක්තිය” කියන එක බුදුපියා පැවසුවා. ඒ විදිහට සූර්යයා වගේ bright වට තිබිච්ච අවස්ථාව.
ඒක තමයි භාවනාව.