ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ශ්‍රද්ධා 3 භාවනාවෙන් පටන් ගන්නයි කියලා බුදුපියා පැවසුවා. මෙම භාවනාව කරන්නේ ඊයේ භාවනාවේ අවසානයත් සමඟ සම්බන්ධ වුණා.
රාග අනුසය මගින් පවත්වන්නෙ සුඛ යන සඤ්ඤා විපල්ලාසය ම නේ ද? දැන් මෙතන දී අපිට diagram එකක් හැටියට එනවා. අපි ඇඳ ගත්තොතින් ජාති, වේදනා, චේතනා. එතන අපි වේදනාවේ ඉඳන් චේතනාව දක්වා අර සුභයි කියන නාමරූප තියෙන තැන තියෙන්නේ. අපි වේදනාව ඉඳන් චේතනාව රේඛාවට අපි a කියලා ලියනවා. ඒක තමයි සුඛ සඤ්ඤාව. ඊළඟට b කියලා කියන්නේ වේදනා පරාමාස. C කියලා කියන්නේ පරාමාස චේතනා කියන රේඛාව.
ඒ වගේ ම ආපහු අපිට පේනවා අර ඊයේ අවසානයට ගත්ත triangle එක. ඒකෙදි අපිට පේනවා ඉදංසච්ච, ජීවිත ඉන්ද්රිය, අන්න ඒක c, ජීවිත ඉන්ද්රිය පරාමාස b, පරාමාසය ඉඳන් ඉදංසච්චයට එන එක a. ඒ වගේ ම අපිට එනවා විඤ්ඤාණයේ ඉඳන් භය අගති සෝක වේදනා. ජීවිත ඉන්ද්රිය රේඛාව දික් කරොතින් පරාමාසය දක්වා එන b කියන එක දික් කරොත් අපිට එන්නෙ සෝකයට. ආපහු ඉදංසච්චය ඉඳන් පරිදේව හරහා භය අගතියට එනවා කියන එක තියෙනවා.
එතකොට මම මේ වේදනාව සුභ, චේතනා සුභ කියලා කිව්වේ නාමරූප කියන තැන, රේඛාව දෙස සිත යොමු වන්නේ, රාග අනුසය මගින් යමක් පවසන්නේ ද අදහස් වන්නේ ද මෙම තුන් අගයෝ, එනම් පළවෙනි එකට කියන්න පුළුවන් නාමරූප ඇති තැන සුභ අගය round 1 එකේ, දෙක පරාමාස ඇති තැන සුඛ අගය round 5 එක. ඕක තමයි මමංකාර අත්තා. තුන් වෙනි එකට කියන්නට පුළුවන්, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, අර අහංකාර අත්තා. පථයන් තුන හරහා නැවතත් සනාථ කිරීම, ඔය අපි ඊයේ ඉගෙන ගත්ත triangle එක. ඒ කියන්නේ ඉදංසච්ච ජීවිත ඉන්ද්රිය අපි ඕක කිව්වේ c කියලා. ඒ c එක ලකුණු කරන්නේ ඒ රේඛාවේ ම තමයි. ඊළඟට ඔය b රේඛාව කැරකිලා ගියොතින් එහෙම 270° න් අපි ඉගෙන ගත්තා අන්න ඒක ආපහු දැන් ඇවිල්ලා තියෙනවා ජීවිත ඉන්ද්රිය ඉඳන් පරාමාසයට. ඊළඟට පරාමාසය ඉඳන් ඉදංසච්චයට a කියලා කියනවා. දැන් අපි b කියලා කිව්වහම වරදවා ගන්න හොඳ නෑ, මේ ටිකකට ඉස්සෙල්ලා සඳහන් කරපු b කියන එක. ඒක අපි පෙන්නුවේ ජීවිත ඉන්ද්රිය වටා triangle එකේ තියෙන b එක අර අත්තා කියන විපල්ලාස ඇති වෙනකොට වුණා වූ එක.
එතකොට මේක මගින් සනාථ කරනවා. මේ triangle එක මගින්, මොන අගයන් ද? ඉස්සෙල්ලා කියපු අගයන් තුන. කොහොම ද? දැන් අපිට ආපහු කියන්න පුළුවන්. එක හැටියට විඤ්ඤාණ භය අගති සෝක වේදනා, ඊළඟට දෙවෙනි කාරණය කියන්නට පුළුවන් ජීවිත ඉන්ද්රිය පරාමාස අපි කියනවා එක, b කියලා. ඊළඟට පරාමාසයෙන් සෝකය, සෝකයෙන් වේදනාව. තුන් වෙනි කාරණයට පෙන්නනවා පරාමාස ඉදංසච්ච අන්න ඒක, අපි කිව්වා a කියලා. ඊළඟට ඉදංසච්චයෙන් පරිදේව භය අගති සෝක, එතනින් වේදනාව.
දැන් පථ තුනක් තියෙනවා මේ පථ තුනෙන් ඒ සනාථ කිරීමක් කියන එක වෙනවා. අපි ඒ පථ තුන නැවතත් විමසලා බැලුවොතින්, පළවෙනි පථය විඤ්ඤාණ භය අගති සෝක වේදනා පාර. විඤ්ඤාණ ධාරාව කඩා වැටුණා. රළ පහර බිඳුණා. ඒකට පස්සේ ඇති වෙච්ච එකක්. දැන් අපි දන්නවා අර reverse කියන එක ඇති වෙලා තියෙනවා. අර c line එක. ඒක තමයි ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට තියෙන c line එක. ඒ රේඛාවේ බලපෑම කියන එක තියෙනවා. මෙහි සෝකය අධික ය. නමුත් සුඛ යන මෝඩ මතය ඇත. කුමක් නිසා ද? නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය නිසා.
දෙවැනි පථය විමසුවොත් ජීවිත ඉන්ද්රිය පරාමාසය. අපි ඕකට කිව්වා, b කියලා. පරාමාසයෙන් සෝකය, සෝකයෙන් වේදනාව. මෙහි නිත්‍ය යන චිත්ත විපල්ලාසය ඇති නමුත් චිත්තයේ වෙනස දන්නේ. ඒ කියන්නේ බිඳුන, කැඩුණු ජල පහර. දිට්ඨිය බිඳී ඇත්තේ එය නිසා වූ ව්‍යාධි ස්වභාවය සෝකයට ඇතුළත් වන නමුත් සුඛ යන මෝඩ මතය ඇත. එතකොට මේකෙන් චිත්තයේ වෙනස තියෙනවා. දිට්ඨියේ බලපෑම, චිත්තය වෙනස ඒක නිසා ව්‍යාධිය.
ඊළඟට තුන් වෙනි එකට එනවා පරාමාස ඉදංසච්ච. ඒක තමයි අපි a කියලා කිව්වේ. ඒ කියන්නේ අපි ගන්නවා නේ සඤ්ඤාවක්. නිත්‍යයි කියන සඤ්ඤා විපල්ලාසය. ඊළඟට ඉදංසච්චයෙ ඉඳන් පරිදේවයට, පරිදේවයෙන් භය අගතිය, භය අගතියෙන් සෝකය, සෝකයෙන් වේදනාව.
මෙහි නිත්‍ය යන සඤ්ඤා විපල්ලාසය ඇති නමුත් සඤ්ඤාවේ වෙනස දන්නේ, දැන් දිට්ඨියයි චිත්තයයි දෙක ම බිඳිලා තියෙනවා. ඒ නිසා වූ ජරා ස්වභාවය සෝකයට ඇතුළත් වන නමුත් සුඛ යන මෝඩ මතය ඇත. එනම් මෝහය ඇත.
ඊයේ වගේ ම අනාශ්‍රව විමුක්ති ආලෝක රවුමක් දැක්කා. ඒ වගේ ම නිරෝධයට යෑම කියන එකත් මේකෙදි සිද්ධ වුණා.
මේක තමයි මම කරපු භාවනාව.