ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
18/12/2015 ශ්‍රද්ධා 4 භාවනාවේ දී ඉගෙන ගත්ත triangle එකෙන් පටන් ගන්න කියලා බුදුපියා පැවසුවා. ඒ triangle එක තියෙනවා. ඒ පරාමාස චේතනා ජීවිත ඉන්ද්රිය. අපි දන්නවා අත්තා කියන සඤ්ඤා විපල්ලාසය පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා a කියලා ලකුණු කළා. ඊට පස්සේ චේතනා ජීවිත ඉන්ද්රිය දක්වා අපි අත්තා යන චිත්ත විපල්ලාසය b කියලා ලකුණු කළා. ඊට පස්සේ ජීවිත ඉන්ද්රිය ඉඳන් පරාමාසය දක්වා අත්තා යන දිට්ඨි විපල්ලාසය c කියලා ලකුණු කළා.
ඊළඟට අපිට පේනවා ඕක 180° න් කැරකුණාට පස්සේ අපිට ඇති වෙන ස්වභාවය. ඒකේ පේනවා මේ ජීවිත ඉන්ද්රිය කියන එක විඤ්ඤාණය දක්වා එතන අපි a කියලා ලකුණු කරනවා.
ඊළඟට විඤ්ඤාණය ඉඳන් අර බිඳිමින් පවතින විඤ්ඤාණ ධාරාව විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්ච දක්වා අපි b කියලා ලකුණු කරනවා. අර 180° න් කැරකිලා නිත්‍ය යන චිත්ත විපල්ලාසය.
එතකොට ඉදංසච්ච ළඟ අපිට ලියාගන්න පුළුවන් බිඳුණා වූ රළ පහර කියලා. දැන් ඔතනින් ඉදංසච්චය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට c කියලා අපි ඒ වෙලාවේ ලකුණු කළා. චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා එන්නා වූ රේඛාව, ඒ කියන්නේ b කියලා කිව්ව එක අත්තා යන චිත්ත විපල්ලාසය. ඒ රේඛාව මගින් යම්කිසි මුසාවක් ඉදංසච්චයට ඇතුළු වුණා ද පවතී යැයි සිතුවා ද, මේක සත්‍යයක් නොවන බව බිඳුණා වූ රළ පහර දක්නේ, වටහා ගත යුතු ය.
ඊළඟට අපි කල්පනා කරනවා මේක මතට විඤ්ඤාණ ධාරාව කඩා වැටෙන බව, ඒ විඤ්ඤාණ ඉදංසච්චය, අපි b කියලා ලකුණු කරන්නා වූ රේඛාව, ඒ කියන්නේ නිත්‍ය යන චිත්තය. ඒක දක්නේ දන්නේ එවන් වූ විඤ්ඤාණයක් මගින් ඉදංසච්ච ජීවිත ඉන්ද්රිය අපි c කියලා ලකුණු කරන්නේ, නිත්‍ය යන දිට්ඨි නොවන්නේ ය.
අන්න ඒක කෙනෙක් වටහා ගන්නවා නම් මේ තමන්ගේ මේ කන් දෙක තියෙන තැන මේ උඩින් තමන්ට දැනෙනවා උඩ ප්‍රදේශය හරියට සුඛයි කියලා. ඒ වගේ ම කකුලේ මේ කෙණ්ඩිය පහළ ඒ කෙන්ඩාවල සුඛය කියන එක ඇති වෙනවා. කුමක් නිසා ද? ඉදංසච්චය නැමැති වූ පූර්ව කර්මය ගලවා දමා ඇති නිසයි.
මම එතන භාවනාවේ දී කල්පනා කළේ මේක ගලවනවා ඉදංසච්චය. අන්න ඒ අවස්ථාවේ දී ඔය තත්වයට පත් වෙනවා. ඉතින් භාවනාව තව දිගට කරගෙන ගියා.
මේක තමයි මං කරපු භාවනාව.