Date: 23/12/2015 Name: අත්තානුදිට්ඨිය 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් මෙනෙහි කරද්දී, 270° න් ජීවිත ඉන්ද්‍රිය වටා කරකැවීම වූ පස්සේ අර reverse වෙලා තියෙන බවත් එමෙන් ම ඒ ඒ විපල්ලාසයෝ නිත්‍යභාවයට පත් වී, පෙර ගමන් කරා වූ දිසාවන්ට විරුද්ධ දිසාවන්වලට ගමන් කරන ආකාරයත් පේනවා.

එතකොට අපි මේ triangle එක නැවතත් ඇද ගත්තොතින්, ඒ ඉදංසච්චයෙන් ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසය, පරාමාසයෙන් ඉදංසච්චයට. එතකොට අපි c කියලා ලකුණු කරනවා අර පෙර අත්තා යන දිට්ඨි විපල්ලාසය. දැන් නිත්‍යයි යන දිට්ඨි විපල්ලාසය reverse order එක. ආපහු පේනවා පෙර අත්තා යන චිත්ත විපල්ලාසය දැන් නිත්‍ය යැයි කියලා චිත්ත විපර්යාසයකට පත්වෙලා තියෙනවා, b කියන එක. ඊළඟට ආපහු පෙර අත්තා යන සඤ්ඤා විපල්ලාසය දැන් නිත්‍යයි කියලා සඤ්ඤා විපල්ලාසයකට පත්වෙලා තියෙනවා. ඒක reverse order එක. මොකක් ද මේකෙ අර්ථය?

MM_23_12_2015.jpg

යමක් පෙර අත්තා යැයි චිත්ත විපල්ලාසයක් වී ද විඤ්ඤාණ ධාරාව බිඳුණු පසු, නැසුණු පසු, ඒ නිත්‍ය යන චිත්ත යන මායා ස්වභාවයකට මුළාවකට පත් වුණා. යමක් පෙර අත්තා යැයි සඤ්ඤා විපල්ලාසයක් වී ද විඤ්ඤාණ ධාරාව බිඳුණු පසු, නැසුණු පසු පවතිනවා යන මුළාව ඇති වුණු පසු, එය නිත්‍ය යන සඤ්ඤාවක් යන මායා ස්වභාවයකට මුළාවට පත් විය. මෙසේ පෙර යමක් වී ද එය ම සනාථ කරමින් අත්තා සිට නිත්‍ය ස්වභාවයට පත්වෙනවා.

පෝතලිය සූත්‍රය advanced program එකේ 7.7න් පටන් ගත්තෙ ඇයි? අර නිත්‍ය ස්වභාවය එයින් අනතුරුව ඇති වී ඇත. අපි දන්නවා අට වැනි රවුමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රවය. දිට්ඨි ආශ්‍රව නිසා සුභ යන දිට්ඨි විපල්ලාසය ඇති වන බව අර ශ්‍රද්ධා 2 භාවනාව, 16/12/2015 භාවනාවේ දී අපි ඉගෙන ගත්තා. ඒකෙදි මතකයි අපි diagram එක ලියා ගත්තොතින් අර වේදනා පරාමාස භය අගති. එතකොට අපි එතන c කියලා දාගන්නේ පරාමාසය ඉඳන් භය අගතියට දක්වා තියෙන එක, a කියලා දාගන්නේ භය අගතියෙන් වේදනාවට, වේදනාවේ ඉඳන් පරාමාසයට b. ඒක ගිද්ධිලෝභය ළඟ තියෙන triangle එකට සම්බන්ධ කළා. ගිද්ධිලෝභයෙන් අපි රූපය දක්වා යන එක a, ගිද්ධිලෝභයෙන් ජාතියට යන එක b, ඊට පස්සේ ජාතියේ ඉඳන් අපි රූපය දක්වා යනවා, ඒක c වෙනවා. ඒක වෙන්නේ දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට, එතනින් රාග සල්ලය. ඒකෙන් ආපහු අර රූපය දක්වා ගිහිල්ලා සුභ යන දිට්ඨි විපල්ලාසය.

එහෙම නම් දැන් අපිට පේනවා, මේ අපේ දැන් අලුතෙන් ගන්න මේ triangle එක කලින් triangle එකේ, ඒ කියන්නේ ඉදංසච්චයෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා දැන් නිත්‍යයි යන දිට්ඨි විපල්ලාසය, ඒක තමයි c එක. ඒ දැන් නිත්‍යයි කියන දිට්ඨි විපල්ලාසය මගින් සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වූ ධර්මයෝ ම නිත්‍ය වශයෙන් පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට බැස ගන්නවා. මේක දැකීමත් සමඟ නිරෝධය කියන එක ඇති වුණා.

ඉතින් මේ භාවනාව මිනිත්තු විස්සකට වැඩි කාලයක් ඉතින් නිරෝධයෙ ම තමයි හිටියෙ.

ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Saddha2.jpg