ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ පූජාවෙන් පස්සේ. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලය ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාරය කළා. මේ විදිහට හත් නම ම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ හත් නම සිහි කරා කිව්වහම අර horse shoe එක දක්වා ම එනව නේ මනස.
එතකොට මම ඊයේ භාවනාව ඒක නැවතත් කරගෙන ගියා. එතන දී අර අපි ඉගෙන ගත්ත දිට්ඨි විපල්ලාසය දෙකක් ගැන අපි අවධානය යොමු කළා. ඒකේදි කිව්වා මොන දිට්ඨි විපල්ලාසය ද? අත්තා කියන දිට්ඨි විපල්ලාසය, ඒ වගේ ම නිත්‍ය කියන දිට්ඨි විපල්ලාසයයි. ඊයේ භාවනාවේ දී අපි පෙන්නුවා මේ නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය මගින් සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වන ධර්මයන් නිත්‍ය වශයෙන් පරාමාසයේ සිට ඉදංසච්චයට ඇතුළත් වෙනවා කියලා ඉගෙන ගත්තා.
එතකොට සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වන ධර්මයෝ මොනවද? කවරහු ද? අත්තා යන ධර්මයන්. මෙහි අත්තා කියන සඤ්ඤාවත්, අත්තා කියන චිත්ත, අත්තා කියන දිට්ඨිය කියන එක අඩංගුයි. එතකොට ඔතනදි අපිට පේනවා අර diagram එක. ඒ කියන්නේ අර පරාමාස, චේතනා, ජීවිත ඉන්ද්‍රිය. ඒකේදි අපි දන්නවා පරාමාස ඉඳන් චේතනාවට අත්ත සඤ්ඤාව a කියලා කිව්වා. ඊට පස්සේ චේතනාවෙන් ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අත්ත කියන චිත්තය විපල්ලාසය ඒක b කිව්වා. ඊට පස්සේ ආපහු ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට c කියලා කිව්වා අර අත්තා කියන දිට්ඨි විපල්ලාසයට. ඉතින් ඕකේ arrow එක යන pattern එක බැලුවම පේනවා දැන් අත්තා සඤ්ඤා, චිත්ත, දිට්ඨි කැරකිලා ගිහිල්ලා ඔක්කොම එකතු වෙනවා නේ. කොහාට ද? පරාමාසයට, වතුර ටැංකිය වගේ එකතු වීම කියන එක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වුණා නම් දැන් අපි ඊයේ ඉගෙන ගත්තෙ මොකක් ද?
දැන් ආපහු තියෙනවා ඉදංසච්චයෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍යයි කියන දිට්ඨි විපල්ලාසය. ඊට පස්සේ දැන් ඔය line එක දිගේ එනවා ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට එනවා අපි දන්නවා නිත්‍ය යැයි කියන චිත්ත විපල්ලාසය. ඊට පස්සේ පරාමාස ඉඳන් ඉදංසච්චයට අපි a කියලා අර ගත්තා නිත්‍ය යැයි කියන සඤ්ඤාව. දැන් මෙතන reverse වෙලා නේ තියෙන්නේ. එතකොට මේක මගින් එහෙම නම් දැන් මොකක් ද කරන්නේ? පරාමාසයේ යම්කිසි දෙයක් තියෙනවා ද ඒක ඉදංසච්චයට ගෙනියනවා.
අර ඉස්සෙල්ලා එකතු වෙච්ච ඒවා ටික ඔක්කොම මෙහා පැත්තට ගෙනියනවා. එතකොට මෙසේ ඇති වුණා වූ යම් නිත්‍ය සඤ්ඤාවක් වේ ද මෙයින් සිත ගලවා ගැනීම අපහසු ය. “කඳු දෙකක් යා කළා මෙන් සිතිය යුතු ය,” කියලා රහතන් වහන්සේ කියනවා. කඳු දෙකක් එකට යා කළා වගේ කියලා. එතකොට කුමන කන්දක් ද? පරාමාස කන්දයි ඉදංසච්ච කන්දයි කියන දෙක තමයි මේ යා වෙලා තියෙන්නෙ. මේ භාවනාව හරි පුදුමයි, නිරෝධයට ම යනවා. ඕක හිතන්න හිතන්න පුදුමාකාර විදිහට නිරෝධයට ම යනවා.
එතකොට ඒ යමක් සුඛ යැයි සිතුව දේ වරදවා වටහා ගැනීමෙන් පරාමාස කන්ද ගොඩ ගැහෙනවා. ගොඩනැගිලා තියෙන්නේ ඒකයි. අපි දන්නවා සීලබ්බත උපාදානයෙත් ඕක නේ සිද්ධ වෙන්නේ. ඊළඟට ආපහු පෙන්නනවා යම් සංස්කාරයක් නිත්‍ය යැයි ඉදංසච්චයට බැස ගැනීමක් වූවා ද, එමගින් ඉදංසච්ච කන්ද කියන එක ඇති වෙනවා. ඉතින් මේ දෙදෙනාගේ යම් එකතු වීමක් ඇත්ද, මේකේ අභිනිවේසයත් අප්පටිවේධයත් කියන එක තියෙනවා. එතකොට ඒ අප්පටිවේධය කතාවේ දී අපි අර බලන්න ඕනේ මතක ද, අපි පෙන්නුවා diagram එකකින් මේ අර අප්පටිවේධයේ ඉඳන් අර අත්ත සඤ්ඤාව, අර දැල්ලේ ආලෝකය කිව්වා, එතනින් නිත්‍යයට ගිහිල්ලා, ඒ නිත්‍ය සඤ්ඤාව නිසා දිට්ඨි ආශ්‍රවය එක පැත්තකින්, අනිත් පැත්තේ අවිද්‍යා ආශ්‍රවය. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට එනවා. දිට්ඨි ඕඝයෙන් එතන අවිද්‍යා ඕඝයේ ඉඳන් දිට්ඨි ඕඝය. එතකොට එතන සිතට ස්ථාන වෙනවා කියලා කිව්වා. එතන ඉඳන් පල්ලෙහාට ආවා දිට්ඨි සල්ලය. නැවත විමසලා අපි ආපහු යනවා, චලනය වෙලා අර අප්පටිවේධය කියන එක දක්වා ම අපි එනවා. ඉතින් මෙතන හරියට නිකන් මේ අර කඳු දෙක, මේ පරාමාසයයි ඉදංසච්චයයි කියලා ගත්තම, මේ කඳු දෙක ඇතුළේ අර ගොනු වෙලා තියෙනවා අර ඕඝය. ඇයි දැන් දිට්ඨි ඕඝය කියන කතාවයි, මේ පැත්තෙත් floods ටිකයි, අර පැත්තෙත් floods ටිකයි. ඔක්කොම මේක ඇතුළේ එකට සම්බන්ධ වෙලා තියෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.