ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. මම ඊයේ භාවනාව නැවතත් කළා විශේෂයෙන් ම අර ඊයේ භාවනාවේ අවසානයට අපි පෙන්නුවා නේ, ඒක අපි කලින් කරපු එකක්.
අර චේතනාවෙන් පල්ලෙහා අප්පටිවේධ සඤ්ඤාව කියන එක තියෙනවා. අත්ත සඤ්ඤාව, දැල්ලේ ආලෝකය කියලා කිව්වේ. එතනින් නිත්‍යභාවයට ගිහිල්ලා චේතනාවෙන්, නිත්‍යභාවයට ගිහිල්ලා එතන පල්ලෙහායින් අවිද්‍යා ආශ්‍රවයට ඇවිත් අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට. එතන නිත්‍ය නිසා විඤ්ඤාණයට හානි නොවේ කියන අර්ථය. එතනින් ආවා දිට්ඨි ඕඝයට. එතකොට සිතට ස්ථාන වුණා කියන එක තෝරා ගැනීම කියන එක කළා. එතකොට අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයෙන් අවිද්‍යා ඕඝයට එතනින් දිට්ඨි ඕඝය කියන එකට එනවා.
ඊට පස්සේ අපි දිට්ඨි සල්ලය නැවත විමසීම, දිට්ඨි සල්ලයෙන් චලනයෙන් අප්පටිවේධ සඤ්ඤාවට ආපහු යනවා කියන diagram එක. එතකොට යම් අප්පටිවේධ සඤ්ඤාවක් වී ද, මේ නිසා ඇති වෙන්නා වූ අලුත් සංස්කාරයන් මගින් විඤ්ඤාණයේ සෑදීම ඇති වන්නේ දැල්ලේ ආලෝකය නිවී ගිය ද, ඒ කියන්නේ අර සඤ්ඤාව නැති වුණත්, දැන් අපිට එතැන දී එනවා අර පොඩි diagram එක. ඒ කියන්නේ පරාමාස චේතනා අත්ත සඤ්ඤාව a කියලා ලකුණු කරන එක. චේතනා ජීවිත ඉන්ද්‍රිය b කියන එකයි. ජීවිත ඉන්ද්‍රියෙන් පරාමාසයට c කියන එක.
එතකොට දැන් මේ කියන්නේ a කියන එක නැති වුණා, අත්ත සඤ්ඤාව. ඒක නැති වුණත් අර ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට යන්නා වූ නිත්‍ය යන චිත්ත විපල්ලාසය තියෙනවා නේ අර reverse වෙලා එන්නා වූ එක. අන්න ඒක මගින්, ඒ කියන්නේ නිත්‍ය යන චිත්ත විපල්ලාසය මගින් පරාමාසගත වීම කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ පරාමාසය ඉඳන් ඉදංසච්චයට යනවා a කියලා නිත්‍ය කියන සඤ්ඤා විපල්ලාසය. එතකොට ඒක මගින් ඉදංසච්චයට ඇතුළත් කිරීම කියන එක කෙරෙනවා. පරාමාසයට ආවා ඉදංසච්චයට ගියා.
යම් අත්තා යන චිත්ත විපල්ලාසයක් වී ද මේ නිසා ඇති වෙන්නා වූ අලුත් සංස්කාරයන් මගින් විඤ්ඤාණ සෑදීම ඇති වන්නේ එසේ විපරීත සිතකින් යමක් දැන ගැනීම අවසන් වූව ද පෙර ඇති වුණා වූ ඇති වන්නා වූ දිට්ඨින් නිසා ඇති බලපෑම විඤ්ඤාණගත වී ඇත. දැන් මේ පෙන්නන්නෙ එක පාරක් සඤ්ඤාව නැති වුණත්, සඤ්ඤාව තිබිලා එයා මැරිලා ගියත් ඉතිරි කෑල්ල වෙන හැටි.
සඤ්ඤාවන් සංස්කාරය හැදුවා ගියා. දැන් ඊළඟට පෙන්නනවා චිත්ත විපල්ලාසය කියන කතාව ගියා. මෙයා කරනවා වැඩේ. කොහොම ද අර පෙර ඇති වුණා වූ දිට්ඨීන්ගේ බලපෑම විඤ්ඤාණගත වෙලා තියෙන්නෙ. අන්න එතනදි අපිට ආපහු diagram එක වශයෙන් කිව්ව අර චේතනාවෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට b කියන එක අත්තා කියන චිත්ත විපල්ලාසය. ඊළඟට අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට අපි ලකුණු කරනවා c කියලා අත්තා යන දිට්ඨි විපල්ලාසය. එතකොට දැන් පරාමාසය ඉඳන් ආපහු a කියලා දානවා ඉදංසච්චයට යන එක නිත්‍ය කියන සඤ්ඤා විපල්ලාසය.
දැන් ඔය නිත්‍ය කියන සඤ්ඤා විපල්ලාසය මගින් පෙර පරාමාසගත වූ බලපෑම, නැවතත් ඉදංසච්චයට ඇතුළත් කරනු ලබනවා. මෙය සිදු වන්නේ අර c, අත්තා යන දිට්ඨි විපල්ලාසය තවමත් නොනැසී පවතින බැවිනි. ඉතින් මේක උදාහරණයක් හැටියට කියනවා නම් වඩු බාසුන්නැහේ මේසයක් එහෙම හදන්න ඉස්සෙල්ලා එයා කල්පනා කරනවා හොඳ ලස්සන හොඳ මේසයක් හදනවා කියලා. හැදුවට පස්සේ එහෙන් මෙහෙන් ඇදයි. එතකොට අර මුලින් තිබුණ චිත්තයක් මේ හදන භාණ්ඩය බොහොම හොඳයි කියන විපල්ලාසයක් තිබුණේ. දැන් ඇද උණාට පස්සේ අරක නෑ. හැබැයි දැන් හදලා ඉවරයි නේ. නමුත් අර අදහස් තිබුණ නේ, මට මෙහෙම අනිත් මිනිස්සු හොඳ ඒවා හදලා දැකලා එහෙම දිට්ඨියක් තිබුණා එයාගෙ. අන්න ඒ බලපෑම කියන එක.
එතකොට ඉතින් අපි මෙතන තේරුම් ගන්න ඕනේ මෙතැන දී මේ සංස්කාරය හදලා චිත්ත විපල්ලාස මැරිලා තියෙනවා. ඉස්සෙල්ලා සඤ්ඤාවෙන් හැදුවා. සඤ්ඤාව මැරිලා ගියා. දැන් චිත්තය මැරිලා ගියා.
එතකොට දැන් මේ දෙවැනි අවස්ථාවේ දී පෙන්නනවා මෙසේ ඇති වූ දිට්ඨි ආශ්‍රව පරාමාසය හරහා යම් දිට්ඨි ආශ්‍රව ඇති වේ ද ඒවා මගින් නැවතත් අවිද්‍යා ආශ්‍රවය පෝෂණය කරන්නාහු ය. ඉතින් මෙය අවිද්‍යා ඕඝයට ඇතුළත් වන්නේ බැසගන්නේ දිට්ඨි ඕඝය වෙලා, සිතට ස්ථාන වෙලා, දිට්ඨි සල්ලය හරහා නැවතත් අත්ත සඤ්ඤාවක්, අර අප්පටිවේධ සඤ්ඤාව ගොඩනැගීම කියන එක කරනවා. කෑල්ලක් කැඩුණට විඤ්ඤාණයට හරියන්නේ නෑ. අරයා ඉතුරු කෑල්ල කරනවා.
ඉතින් මේ භාවනාව කරනකොට ඉතින් නිරෝධය ම තමයි. ඒක වෙනකොට හරියට නිරෝධය කියන එක පුදුමාකාර විදිහට ඒක සිද්ධ වෙනවා. ඒක තමයි මං කරපු භාවනාව. ආකිඤ්චඤ්ඤායතනයේ ඉඳන් අනාශ්‍රව චිත්ත, නිරෝධ ඒවා ඔක්කොම ඒ හරිය තමයි විඤ්ඤාණය පවතින්නේ.