Date: 26/12/2015 Name: අත්තානුදිට්ඨිය 6

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා.

අද භාවනාවේ දී බැලුවේ අර අත්තා යන දිට්ඨිය පරාමාසගත වීමෙන් පසුව මිදිලා යනවා නම් කුමක් වෙනවා ද කියන එක තමයි බැලුවේ.

එතකොට ඊයේ වගේ ම එතෙන්දි තේරුණා අර පරාමාසයේ ඉඳන් ඉදංසච්චය දක්වා යන රේඛාව a කියලා කියන්නේ. එතකොට නිත්‍ය යන සඤ්ඤා විපල්ලාසය මගින් තවමත් ඉදංසච්චයට ඇදෙන බව පැහැදිලි වුණා. කුමක් නිසා ද? යම් වරදවා වටහා ගැනීමක් ඇද්ද එය මගින් වන බලපෑම ම ඉදංසච්චය වන නිසා. ඒ කියන්නේ අපි මුසාවාදය අපි කිව්ව නේ ඒවා insist කරනවා කියලා නේ ද? එතකොට උදාහරණය ගත්තොත් ඉතින් මුසාවාදය තමයි ඉදංසච්චය ඇතුළේ තියෙන්නේ.

දෙවනුව බැලුවා අර 180° න් කැරකැවීමෙන් පස්සේ වෙන්නා වූ අර b කියලා කිව්වේ නිත්‍ය කියන චිත්ත විපල්ලාසය. ඒ කියන්නේ අපි විඤ්ඤාණයේ ඉඳන් පහළ ඉදංසච්චය දක්වා b කියලා අපි ලකුණු කළා. එතකොට ඒ චිත්ත විපල්ලාසය ඉදංසච්චගත වුණාට පස්සෙ බිඳිලා යනවා නම් කුමක් වෙනවා ද කියලා තමයි ඊළඟට බැලුවේ. එය නිසා ජීවිත ඉන්ද්‍රිය සකස් වෙන බව, ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා අපි දන්නවා c කියලා කියන නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය. ඒ c රේඛාව ක්‍රියාත්මක වෙනවා කියලා වැටහුණා. කුමක් නිසා ද? යම් ඉදංසච්චයක් වී ද එහි යම් අභිනිවේසයක් වී ද එය මගින් අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ලය.

රාග සල්ලයෙන් නැවතත් අපි ජීවිතයට තුඩු දෙන්නා වූ රූපයන් ම ස්පර්ශ කරනවා. ඒක හරියට ලෙඩකට බෙහෙත් හොයනවා වගේ. ලෙඩා බෙහෙත් සෙවීමක් කරනවා. අන්න ඒ විදිහට සිතන්න ඕනේ. එතෙන්දි මතක තියාගන්න සංකල්පය බිඳීම කියන එක නේ අපි ව්‍යාධිය කියලා කියන්නේ.

ඊළඟට තුන් වෙනුව නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා ගමන් කරනවා. කරලා ඒක බිඳිලා යනවා නම් කුමක් වන්නේ ද? එහෙමත් නැති නම් ලෙඩාට බෙහෙත් ලැබුණත් හොඳ නොවූ බව වැටහෙන්නේ නම් ප්‍රතිඵලයක් නැති බව වැටහෙන්නේ නම් කුමක් වන්නේ ද?

සියලු සත්වයන් මෙම දුකට ම පත් වී ඇති බව දත යුතු ය. අසරණ වන්නේ ය. Agitate වෙනවා. මේ නිසා දෝස සහගතව ජීවත් වන්නේ යන කාරණය විද්‍යාමාන වෙනවා. මෙතෙන්දි අපිට පේනවා අර ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට, පරාමාසයෙන් සෝකයට, සෝකයෙන් දෝස අගතියට, කියන ගමන තමයි එයා යන්නෙ.

එතකොට අර ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසය දක්වා තියෙන්නේ b කියන නිත්‍ය යන චිත්ත විපල්ලාසය. දැන් පේනවා ද මේ චිත්ත විපල්ලාසය දැන් දෙයාකාරයකට ආවා. එකක් බැස්සා අර මේ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට. දැන් 270° වෙනකොට එයා ආපහු එයා ඉන්නවා. අර එක තැනකින් මැරුණා කියලා හරියන්නේ නෑ. ඊට පස්සේ ආපහු එයා ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතැන දී මේ දෝස අගතියට ගමනින් පස්සේ අන්‍ය වූ වෙනස් වූ සුඛ වේදනාවක් ම පතනවා.

එතකොට ඒ උදාහරණයක් වශයෙන් ගත්තොතින් ඉතින් ලෙඩා TV එක බලනවා නේ. ලෙඩ වෙලා ඉන්නේ, TV එක බලනවා. ඒ විදිහට වෙනවා කියන එක. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් නිරෝධයට ම යනවා හැබැයි.