ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ දී ම සත්වයන්ට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී බැලුවේ විඤ්ඤාණය යම් සකස් කිරීමක්, අර ඊයේ පෙරේදා භාවනාවල දැක් වූ ආකාරයට වුණා නම්, මේකෙ නැවතීම කියන එක, නිරෝධය කියන එක මොන විදිහට ද සිදු වන්නේ කියන එක.
එතකොට ජාති නොවිය යුතුයි. එහෙම නම් ජාතිය දක්වා එන්නා වූ පාරවල් තුන ම නැති වෙලා යන්න ඕනේ. එතකොට මේක අර ඵස්ස නිරොධො වේදනා නිරොධො භාවනාවේ ඉගෙන ගත් ආකාරයෙන් දැනගන්නට ඕනේ.
ඉතින් ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් මතක් කරලා දෙනවා නම්, මතක ද අපි ඉගෙන ගත්තා පාරවල් තුනක් වේදනා නිරෝධ දක්වා එන්නා වූ එක ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට line 5. ඊළඟට කිව්වා පරාමාසය ඉඳන් පරිදේවයට line 7. ඊළඟට ආපහු පරාමාස ඉඳන් භය අගතියට අත්තා. පාරවල් තුන නිරෝධ වෙලා තමයි වේදනාව නිරෝධ වන්න පුළුවන්කම තියෙන්නෙ.
ඊළඟට ජාතිය දක්වා එන්නා වූ පාරවල් ගත්තම odd පථයයි, even පථයයි. අර අවිද්‍යා ආශ්‍රවය කාමා ආශ්‍රවය කියන පත තුන ම නැති වෙන්න ඕනේ. ඉතින් ඕක අපිට පේනවා භව නිරෝධ වෙනවා නම් තමයි ජාති නිරෝධය කියන එක වෙන්නේ.
ඉතින් ඒකටත් අපි භව නිරොධො ජාති නිරොධො කියලා භාවනාවක් ඉගෙන ගත්ත නේ 16/08/2015. ඒකෙ තියෙනවා අර ජාතියේ ඉඳන් වේදනාවට, වේදනාවෙන් චේතනාවට, චේතනාව තියෙන තැන සළායතන කියලා ලකුණු කරගන්නවා. ඊට පස්සේ එතනින් එනවා ජීවිත ඉන්ද්රිය. අපි ඒ දවස්වල ථීනය කියලයි කිව්වේ එතන. ජීවිත ඉන්ද්රිය කියලා ගන්නයි කිව්වා, රහතන් වහන්සේ. මෙතනින් එනවා අත්තා, එතනින් පල්ලෙහාට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. එතනින් ආවා නම් ඉතින් අපි දන්නවා අර පාරවල් තුනකින් ජාතිය දක්වා එනවා. මතකයි නේ අප්‍රියේහි සම්ප්රයෝගය වුණා නම් ඉතින් ප්‍රිය වූ දෙයක් තියෙනවා කියලා ඒ විදිහට එනවා කියන එක.
ඉතින් පාරවල් තුන කිව්වොතින් එහෙම අප්‍රියේහි සම්ප්‍රයෝගයෙන්, උපායාසය, ජාතිය දක්වා එන නිසා even path එක. ආපහු තියෙනවා ප්‍රියේහි විප්පයොගය, ජාතිය odd path කියන එක. ඊළඟට අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව පාරවල් තුන නිරෝධ වෙන්න ඕනේ.
ඉතින් ඔය භාවනාවට අපි අර ලකුණු කරගෙන තියෙනවා අර භය අගති වේදනාව රේඛාවයි, ජරා පරාමාස රේඛාවයි කැපිලා අර සෝකය කියන තැන 4.4, ඒ රූපය මැරිලා තියෙනවා කියන එක. දෝමනස්සය, සුඛ වේදනාවේ මරණය, අප්‍රියේහි සම්ප්රයෝගය අපි පොඩි triangle එකකුත් අපි බලලා තියෙනවා නේ ද?
එතකොට දැන් එහෙනම් තියෙන්නේ, මේක ඔය අපි කිව්වේ line 5, line 7, අත්තා කියලා. ඔය පාරවල් තුනට අපි ඊයේ බලපු භාවනාව, ඒකේ අර කෑලි තුනක් තියෙනවා නේ, ඒක සම්බන්ධ කරන්නයි තියෙන්නෙ. මේ භාවනාව අමාරු නෑ. කාරණා ගණන වැඩි වුණාට. මේක නිකන් කැරම් ගහනවා වගේ භාවනාවක් තියෙන්නේ.
ඒ කියන්නේ දැන් මුලින් ම අපි ඉගෙන ගත්තා මේ ඊයේ යම් වරදවා වටහා ගැනීමක් වුණා ද එය මගින් අර වන බලපෑම ඉදංසච්චයට මේ වෙනවා කියලා. ඒක ම ඉදංසච්චයයි කියලා. මොකද සාමාන්‍යයෙන් ඇති වෙලා තියෙන්නේ මේ වරදවා වටහා ගැනීම නේ. ඉතින් ඒක තමයි මේ line 5 එක හරහා අර පරිදේව වී වේදනා වීම නැවතිය යුතුයි කියන්නේ ඒක. ඒ කාරණාව ඒකට සම්බන්ධයි. ඒකත් ඉතින් බලන්න හරියට බැලුවම අර පරාමාසයටයි ආවේ, කැරම් ඉත්තා මෙහෙම ගැහුවා අතන වැදිලා ඉදංසච්චයට ගිහිල්ලයි ඒක එන්නෙ.
ඊළඟට ආපහු 180° කරකැවීම කියන එක අපි බැලුවා. අර මතක ද ඉදංසච්චය ඉඳන් ජීවිත ඉන්ද්රිය කතාව. එතකොට දැන් අන්න ඒක අපි කල්පනා කරන්න ඕනේ අර line 7 එකේ කතාව. දැන් ඒක වෙන්නේ කොහොම ද, ඔන්න දැන් ඉදංසච්චය තියෙන තැනට කැරම් ඉත්තාගෙන් ගැහුවහම එතන පොකුරට ගහලා තියෙන්නේ. මේ පැත්තට එකක් යනවා ජීවිත ඉන්ද්‍රියට එකක් යනවා. පල්ලෙහායින් අවිද්‍යා.. මේ මෝහ අගතිය දක්වා ම යනවා නේ. ගිහිල්ලා, එයා සංස්කාර නිත්‍ය යැයි කියල නේ කියන්නේ. මම හදපු සංස්කාරය ඒවා නිත්‍යයි. අර උඩින් එවපු කැරම් අත්තා ගැහුවනේ එයා සංස්කාර නිත්‍යයි කියලා එයා පරාමාසයට ගිහිල්ලා. ඒක reverse වෙලා තමයි line 7 එකේ එන්නේ.
ඔය point එකට ආවා ම ඔය දෙක දැන ගත්තම අපි කතා කළේ line 5 එකයි line 7 එකයි කැපෙන එක ගැන කතා කළේ. මේ වෙලාව වෙනකොට මේ ඔක්කොම විමුක්තීන් තියෙනවා. ඒ විමුක්තීන්වල තමන්ට ඉන්න පුළුවන් කිසිම ගැටුමක් නැතුව. අර සාමාන්‍යයෙන් ඉන්න ස්වභාවයක්, ඔක්කොම තොප්පියේ. මෙතන ඉඳන් මෙතෙන්ට ඔක්කොම තමන්ට දැනෙනවා මේකත් එක්ක. ඒ කියන්නේ සද්ද ඇහුණ ද අරවා මේවා ද කියලා ඒවයි reaction එක නෑ. අර පොල් ගහේ කතාව හොඳ ලස්සනට ඒක එනවා රචනයක් නැතුව ඉන්න පුළුවන් කියන එක. මේක ටිකක් අමුතු අවස්ථාවක්.
ඊට පස්සේ තියෙන්නේ ඊළඟ එක බලාගන්න එක. ඉතින් ඊළඟ එකේ තියෙන්නේ අර ඉදංසච්චය ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා තිබෙන්නා වූ එක. ඒ කියන්නේ මැද්දේ අර කැරම් එකේ මැද්දේ ඔක්කොම set කරලා ගහනව නේ කඩන්න පළමුවෙන් ම break කරන්න ගහනකොට හොඳට shot එක ගහපු එක්කෙනා. එකක් යනවා අර පැත්තට. අනිත් එක යනවා අනිත් පැත්තට. තව එකක් යනවා අනිත් වලට. ඔක්කොට ම යනවා නේ ද? ඒකෙන් වෙන්නේ මොකක් ද? අර නිත්‍යයි කියන චිත්ත විපල්ලාසය නේ පරාමාසයට යන්නේ එතෙන්දි ඒ පාර. ඉතින් එයා තමයි අත්ත වෙන්නේ. නිත්‍යයි කියන චිත්ත විපල්ලාසය.
දැන් බලන්න අත්තා ඉඳන් නිත්‍යට ගිහිල්ලා ඊට පස්සේ එයා ඉතින් stamp කරලා. ඔක්කොම කරලා දැන් මේකෙ අර හොඳ shot එකක් දුන්නා කියන අදහස තියෙනවා නේ නේ ද? වලවල් කීපයකට ම වැටුණා. පරාමාසයට වැටිච්ච එක තියෙනව නේ, ඒක තමයි අත්තා කියලා යන පාරට වැටෙන්නේ. අපි දන්නවා ඒක යන්නේ නම් සෝකය දෝස අගතිය කියන එක අපි ඊයේ ඉගෙන ගත්තා. මේක මේ ඔය විදිහට අපි හරි ලස්සනට අර කැරම් ඉත්තාගේ කතාවක් එක්ක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක පුදුම භාවනාවක්.
මේක මුලින් රහතන් වහන්සේ මේක කිව්වම, මට හිතුණා අප්පා මේක කොයි තරම් අමාරු ද මේක කියලා. ඔක්කොම ටික මේකෙ connect කරලා ගන්න එපායි කියලා. හැබැයි රහතන් වහන්සේ කිව්වා ඔබට මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කිව්වා. එතැනට ගියා ම තමයි ඒක තේරෙන්නේ. මොකද ඔය කැරම් කතාව ඊයේ මට ආවා. ඉදංසච්චයට පල්ලෙහාට එන එක තියෙනවා නේ b 180°, එක වෙලාවෙදි එකක් මේ පැත්තට යනවා. එකක් පල්ලෙහාට ගිහිල්ලා තමයි එන්නේ කියලා. මේක significant. මොකද මේක පල්ලෙහාට ගිහිල්ලා තමයි line 7 එක අනිත් පැත්තට අපි හදන්නෙ. පරාමාසයට සංස්කාර නිත්‍ය යැයි කියලා. ඒක තමයි අර අනිත් පැත්තට line 7 එකේ එන්නේ. ඉතින් අර ඉත්තො දැන් පේනවද චිත්තය කියන එක දැන් මේක ගැහුවා. ඊට පස්සේ ගහන්නෑ නේ. අරක මැරිලා ගියා. ගහන එක මැරුණා. හැබැයි අර වටේ දුවන එක, ඒක සිද්ධ වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.