Date: 28/12/2015 Name: Nirodha 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී බැලුවේ අර ජාති දක්වා සම්බන්ධ වන්නේ කෙසේ ද කියන එකයි. ඊයේ වේදනාව දක්වා එන එක නේ බැලුවේ. එතකොට එතෙන්දි අර line 5 ප්‍රියේහි විප්පයොගය පාර වෙනවා කියන එක තේරුණා. ඒකේ හේතුව මොකක් ද අර අත්තා යන දිට්ඨිය බිඳිලා තියෙනවා. අත්තා කියන දිට්ඨිය බිඳුනම හරියට හිතන්න ඕනෑ අර ගහක් තිබිලා අර පෙළක් දවසට අපිට පෙනෙන්නේ දෙකට පැලිලා තියෙනවා කියලා. කුණාටුවක් හරි ඇවිල්ලා, අන්න ඒ වගේ. එහෙම නම් අර නිත්‍ය කියන සංකල්පය නිසා වූ උද්ධච්ච ස්වභාවය ගිලිහිලා තියෙනවා. එතකොට line 5 වල අගය භය අගතිය හරහා ප්‍රියේහි විප්පයොගය ඒක වෙනවා. Odd පථය කියන එක. මතක ද line 6 වලින් ඇවිල්ලා නේ ඉස්සෙල්ලා තිබුණේ උද්ධච්ච කතාවත් එක්ක push කරනවා කියන එක. එතකොට මෙතන line 5 වල අගය කෙළින් ම යනවා. එතන අපිට පේනවා දැන් අපිට ඕක ආවේ පරාමාස ඉඳන් ඉදංසච්චය line 5. ඊට පස්සේ භය අගති. භය අගති, ප්‍රියේහි විප්පයොගය. ප්‍රියේහි විප්පයොගයෙන් ජාතිය දක්වා යනවා.

ඊළඟට දෙවැනි එක අපිට තියෙන්නේ අර b කියන එක. ඉතින් අපි කිව්ව නේ හරියට කැරම් ගහනවා වගේ කියලා. ඔතන තියෙන්නේ අර විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට තියන නිත්‍ය සංකල්පය කියන එක බිඳිලා. ඉතින් එතකොට ඒ පාරෙදි අපිට පේනවා අර එකක් පරාමාසයට යනවා. එකක් මෝහ ගතියට යනවා. ඊළඟට අනිත් පැත්තට ගත්තම, අර ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා යන එක තියෙනවා.

ඉතින් දැන් මේ මෝහ අගතියට ආපු එක පරාමාසයට නිත්‍ය යැයි කියලා, සංස්කාරයන් නිත්‍ය යැයි කියලා ඇතුල් වෙනවා. ගිහිල්ලා ආපහු පරාමාස ඉඳන් එන එක තමයි line 7 එක කියලා කියන්නේ. එතකොට නිත්‍යයි කියලා සංස්කාර නිසා අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාමා ආශ්‍රවය දක්වා ගමන් කරනවා. එතකොට මේක line 7 හරහා සිද්ධ වෙනවා. කුමක් නිසා ද? එහෙම වන්නේ, අර සැකය මගින් ආධාර උපකාර කරනවා කියන එක තියෙනවා. පෙරත් මෙය කළා යැයි කියලා අදහස් තියෙනවා. අර සැකය අඩුයි. ඒක නිසා සබ්බාසව එකේ අපි ඉගෙන ගන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාමා ආශ්‍රවයට යනවා කියලා. ඒක සිද්ධ වෙනවා. අර විඤ්ඤාණයේ සංකල්පය බිඳුණට හරියන්නේ නෑ. දැන් මේ පාර කැඩුණාට මොකද කලින් අපි කරලා තියෙනවා නේ කියන අදහස තියෙනවා.

ඊළඟට තුන් වෙනි එකට අපිට එනවා අර පළවෙනි shot එක කැරම් ගහනකොට අර මැද්දේ ඔක්කොම ඉත්තො තියලා. ගැහුවයින් පස්සේ මොකද වෙන්නේ. හැම වලට ම එකක් වැටුණ නම් ඉතින් දැන් බොහොම හොඳයි. ඒක තමයි අත්තා කියලා කියන්නේ. එතකොට එහෙම නම් එතෙන්දි අපිට පේනවා නිත්‍ය යන චිත්ත විපල්ලාසය කියන එක ඔය පරාමාසයට ඇවිල්ලා. පරාමාසයෙන් භය අගතියට. ඉතින් මෙතැනදි අර සියලුම විපල්ලාසයන් වෙනවා. වලවල් හතරට ම ඉත්තා වැටුණා කියන එක. එහෙම නම් ඉතින් අප්‍රියේහි සම්පයොගය. වලවල් හතරට වැටුණා කියන්නේ මොකක් ද? අසුභ දේ සුභ යැයි කියලා ගත්තා. එතකොට දුක්ඛ දේ සුඛය කියලා ගත්තා. ඊළඟට අනත්ත දේ අත්තා කියලා ගත්තා. එතකොට අනිත්‍ය දේ නිත්‍ය යැයි කියලා ගත්තා. ඉතින් එතකොට ඔක්කොම අප්‍රිය දේවල් නේ මේ වෙලා තියෙන්නේ. වැරදියට වටහා ගැනීම ගොඩක් උඩ. එහෙම නම් ඉතින් අපිට පේනවා ඉතින් භය අගතියෙන් ඊළඟට අප්‍රියේහි සම්පයොගය. අප්‍රියේහි සම්පයොගයෙන් ජරා උපායාස ඒ ජාති කියන even path එක. ඒක සිද්ධ වෙනවා කියලා.

ඉතින් ඒක මේ විදිහට දැන ගත්තම ඉතින් අර ශ්‍රද්ධාව ඇති වෙලා අර ඔළුවේ, ඒ සම්පූර්ණයෙන් තොප්පිය වගේ ඒක තමන්ට දැනෙනවා, ඒ අවස්ථාවේ දී.

ඒක තමයි මං කරපු භාවනාව.