ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ හවස පූජාවෙන් පස්සේ කළ කෙටි භාවනාව නැවතත් මම සිහි කළා. ඒ භාවනාවේදි කළේ අර අත්තා යන දිට්ඨිය පරාමාසගත වීමෙන් පසුව බිඳී යන්නේ නම් වේදනාව දක්වා යන පාරත්, ජාතිය දක්වා යන පාරත් දෙක ම සිහි කළා. ඒකෙ සම්බන්ධ වීම කියන එක දැනගත්තා. ඒකෙදි තියෙන්නේ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් අපි දන්නවා පරාමාසය. එතන අත්තා යන දිට්ඨිය බිඳීම කියන එක ලකුණු කරගන්නවා. පරාමාසය ඉඳන් ඉදංසච්චයට ඊට පස්සේ line 5. එතකොට ඔය line 5 රේඛාව අපි දික් කළොත් ඒක එනවා භය අගතියට. තවත් දික් කළොත් ප්‍රියේහි විප්පයොගයට යනවා. එතකොට ඒ භය අගතියේ ඉඳන් අපි වේදනාවට ඇවිල්ලා වේදනාවෙන් නාමරූප, නාමරූපයෙන් පරාමාසය කියලා එක පාරක් එනවා.
තව පාරක් භය අගතියෙන් ප්‍රියේහි විප්පයොගය, ප්‍රියේහි විප්පයොගයෙන් ජාතිය, ජාතියෙන් වේදනාව, වේදනාවෙන් නාමරූප, නාමරූපයෙන් චේතනාව කියලා පාරක් යනවා.
එතකොට එහෙම නම් අපිට නැවතත් බැලුවොතින් පේනවා line 5 මගින් ප්‍රියේහි විප්පයොගය හරහා ජාතිය දක්වා ගමන් කළ ධාරාව වේදනාව, නාමරූපය හරහා චේතනාව දක්වා යන අතර හය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන ධාරාව නාමරූපය හරහා පරාමාසය දක්වා ගමන් කරනවා. එහෙම නම් අපිට හැදෙනවා diamond එකක්. නාමරූපයෙන් චේතනා ජීවිත ඉන්ද්රිය කියලා. ජීවිත ඉන්ද්‍රියෙන් පරාමාසයට එනවා.
ආපහු අනිත් පැත්තට නාමරූපයේ ඉඳන් පරාමාසයට ආවා නම් ඔයගොල්ලන්ට පේනවා අර අභිජ්ඣා කිව්වේ නේ ද? එතකොට අපි යනවා නේ උඩ අතට ආපහු. එහෙම නම් ජීවිත ඉන්ද්රිය පැත්තට ගිහිල්ලා එහෙම නම් tape එක දැන් අනිත් පැත්තටත් එතෙනවා. එහෙම නම් චේතනාව පැත්තට ගිහිල්ලා. දැන් පේනවද මේ tape එක දෙපැත්තකට එතිලා යනවා කියලා. Clockwise යි anticlockwise යි. එහෙම නම් අර දෙකට පැලිච්ච ගස වටායි දැන් මේක ඔතන්නේ. දැන් ජීවිත ඉන්ද්රිය අපිට පේනවා මෙහෙම. මේ ගහ වගේ තියෙනවා නම් මනොසඤ්චෙතනා ආහාර පාර හරියට ම ගහේ කඳ වගේ තියෙනවා. පැලිච්ච අත්ත ගිහිල්ලා තියෙනවා මෙහෙම පැත්තකට. ජීවිත ඉන්ද්‍රියත් දැන් අර පැත්තට ගැලවිලා ගිහිල්ලා තියෙනවා. එහෙම නම් ඒ tape එක ගහලා මේක ආපහු එකතු කරන්නයි හදන්නේ ගහ වටා ඔතලා.
එතකොට ඔන්න ඔය අවස්ථාව වෙනකොට හොඳට තේරෙනවා ප්‍රඥා විමුක්තියයි චෙතො විමුක්තියයි කියන දෙක ම තමන්ට තියෙනවා කියලා හොඳට body witness කයෙන් ම ඒක දැනෙනවා දෙපැත්ත කියන එක.
ඊට පස්සේ දෙවනුව අපි බලන්නේ නිත්‍ය යන සංකල්පය බිඳීම. ඉදංසච්ච වීමෙන් පසුව සිදු වන්නේ නම් වේදනාව දක්වා යන පාරත් අර ජාතිය දක්වා යන පාරත් කියන එක සිහි කළා. අර කැරම් ඉත්තා ඉදංසච්චයටයි දැන් ගහන්නේ. විඤ්ඤාණයේ ඉඳන් පහළට ගහන එක ගැහුවා ඊට පස්සේ බිඳිලා ගියා. ඒකෙදි අපිට පේනවා දැන් තුන් පැත්තකට යනවා ඉත්තො. ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට යනවා. ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට යනවා. ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට යනවා කියන එක.
එතකොට මේ අවස්ථාවේ දී වෙන්නේ මොකක් ද? අර ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට යෑමක් ඉත්තෙක් ගියා කියලා කිව්ව නේ ඒක නිසා අර line 7 වීම කියන එක සිද්ධ වෙනවා. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස පරිදේව line 7. ඊට පස්සේ පරිදේව හය අගතිය line 8, එක මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම කියන එක පළමුව සිද්ධ වෙනවා. දෙවනුව අවිද්‍යා ආශ්‍රව කාමා ආශ්‍රව, අර පල්ලෙහාට ගිය මෝහය පැත්තට ගිය ඉත්තගෙ කතාව තියෙනව නේ. ඒක මගින් රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා, නාමරූප, පරාමාස line 7 පරිදේවය කියන එක. ඒක දෙවනුව සිද්ධ වෙනවා. පෙර ගත්තා වූ චිත්ත සංස්කාරයෝ නැවත ගොඩනංවා සනාථ කරනු ලබයි. දැන් අර හතෙන් ආපු එක මෙයා දැන් උඩ රවුමෙන් ගිහිල්ලා ආපහු ඒක සනාථ කරනවා.
එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට තමන්ට නිරෝධ වෙනවා කියලා දැනෙනවා. හොඳට තේරෙනවා ඒක. මේක දැනගෙන තමයි එතන නිරෝධය කියන එක. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙන්න යනවා කියලා උගුර ඇකිලීම වගේ ඒවා දැනෙනවා. නිරෝධ වෙනවා කියන එක හොඳට තේරෙනවා.
ඒ තුන් වෙනුව ගත්තම නිත්‍ය යන දිට්ඨි විපල්ලාසයන් බිඳීම කියන එක සිහි කළා. මෙතැන දී ඒ නිත්‍ය යන චිත්ත විපල්ලාසය මගින් ධාරාව ගැලීමට සලස්වනවා කියලා අපි ඉගෙන ගත්තා. දැන් එහෙම නම් අපිට එතන පේනවා ඉදංසච්ච ඉඳන් ජීවිත ඉන්ද්‍රියට ආවා, එයයි බෙදිලා යන්නෙ. ඒ පාර ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට නිත්‍ය යන චිත්ත විපල්ලාසය. අපි දන්නවා ඕක පරාමාස සෝක දෝස අගති කියලා යනවා. ඉතින් අර වලවල් හතරට ම ඉත්තා වැටුණා වගේ එතනදි අපි දන්නවා, අත්තා කියලා පරාමාසයේ ඉඳන් භය අගතියට අත්තා.
එතකොට අපි මේකෙ ඉගෙන ගත්තා අර කැරම් ගහනකොට විපල්ලාස හතර වලවල්වලට වැටෙනවා කියලා. මෙහි කුමන ධර්මයෝ ඇත්තාහු ද? සියලු ධර්මයෝ බව වටහා ගත යුතුයි. පළමුව දෝස අගති වන්නේ නැවතත් පිළිකුල් නොවන රූප සෙවීම. දෝස සල්ලය මගින් විමසා චලනයක් ඇති කිරීම කරනු ලබනවා. මෝහ සල්ලය මගින් මෙයට උපකාර වන සංස්කාරයන් මේවා යැයි සපයා දෙනවා. දිට්ඨි සල්ලය මගින් එවන් වූ චේතනාවෝ glue කර පවත්වනවා. එතකොට ඒ වෙලාවෙදි ඔයගොල්ලොන්ට මතක් වෙන්න ඕනෙ අපි අර diagram එක. චේතනාවට පල්ලෙහායින් අපි ලියාගන්නවා අප්පටිවේධ සඤ්ඤාව දැල්ලේ ආලෝකය කියලා. එතනින් නිත්‍ය සඤ්ඤාවට ගිහිල්ලා පහළ අවිද්‍යා ආශ්‍රවයෙන් ආපහු දිට්ඨි ආශ්‍රවයට ඇවිල්ලා, දිට්ඨි ඕඝය දිට්ඨි සල්ලයෙන් නැවත විමසලා, චලනයක් ඇති කරලා, අප්පටිවේධ සඤ්ඤාවට යනවා කියන diagram එක.
එවන් රූපයක් හෝ ඊට සමාන වන රූපයක් හෝ ලබන්නේ රාග සල්ලය විසින් පුනපුනා එය අභිනන්දනා කරනු ලබයි. ඔය හතර දෙනාගේ මේ ක්‍රියාවලිය පේනවා.
මෙන්න මෙතෙන්දී තියෙනවා නිරෝධසමාපත්තිය. ක්‍රමානුකූලව මේ භාවනා තුනේ තියෙන්නෙ අර ප්‍රඥා විමුක්ති, චෙතො විමුක්තිය කියන එකයි නිරෝධයයි. ඊළඟට නිරෝධසමාපත්තියයි කියන එකයි. එතෙන්දි පුනපුනා නිරෝධයට යනවා කියන එක තමන්ට පේනවා මේ කාරණා සිහි කිරීමෙන්.
ඒක තමයි මං කරපු භාවනාව.