උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ advanced program එකේ කරපු වෙලාවේ අර ඉගෙන ගත්ත ධර්මයක් මම සිහි කළා. අර පෝතලිය සූත්‍රයේ ධර්මය. ඉතින් ඒක මම පටන් ගත්තේ 7.7, ක්‍රෝධ උපායාසයෙන් නේ පටන් ගන්නේ නිත්‍යභාව උඩ. ඉතින් එතකොට අපි ඕක diagram එකක් හැටියට ඇඳගත්තොත් අපිට පේනවා මේ 7.6 කියන එක හය අගතිය ඉඳන් වේදනාවට දිට්ඨි අනුසය. 7.7 කියන්නේ නන්දිය නේ. එතකොට ඔය දිට්ඨි අනුසය දික් කළහම යන්නේ රූපයට. ඊට පස්සේ ඒ රූපයේ ඉඳන් අපි එනවා 7.7 නන්දිය කියන තැනට. එතකොට නන්දියේ දී අර පෙර වූ සුඛය ම තමයි අපි පතන්නේ. ඒක නේ පෙන්නුවේ. අර compare කරලා පෙර සුඛය ම පතනවා. දැන් ආවා ජාතියට. ජාතිය තියෙන තැනින් අපි එනවා සංකප්ප පාර. ඒ සංකප්ප පාරෙ ඒ කියන්නේ ජාතියේ ඉඳන් වේදනාවට. ඒක දික් කළහම යන්නේ ධම්මමච්ඡරියට. එකෙන් යනවා චේතනාවට. එහෙම නම් භය අගතියෙන් මෙහෙම පටන්ගෙන රවුමක් ගහලා ඇවිල්ලා තියෙනවා ධම්මමච්ඡරියට. ඉතින් ඕක උණයින් පස්සේ අපි ලියාගන්නවා වේදනාවයි පරාමාසයයි අතර වර්ණ මච්ඡරිය reputation.
එතකොට මේකේ ප්‍රතිඵලය වන්නේ මොකක් ද? අර වර්ණ මච්ඡරිය කියන එක පරාමාසයට ඇදෙනවා. කෙනකුට නිකන් පහසුයි නිකන් අපි වේදනාවේ ඉඳන් පරාමාසයට අර ඔක්කොම අල්ලලා ඇණයක් ගැහුවා වගේ. ඊට පස්සේ යම් රූපයක් වර්ණනා කළා ද එය ම විපරිණතභාවයට පත්වීමෙන් නින්දාරොසය. අර ආච්චිඅම්මාගේ කතාවෙත් ලස්සනට පේනවා නේ ද? ඊට පස්සේ ඒ බව ගත යුතු ය. මෙසේ නිත්‍යභාවය නිසා වරදවා ගත් නිසා නින්දාරොසයට පත් විය.
ලාභමච්ඡරිය දක්වා එන්නේ වණ්ණමච්ඡරිය නිසා ඇති වූ අත්තා ධර්මයන්ගේ බලපෑම මත ගිද්ධිලෝභයේ සිට ම පරාමාසය දක්වා ධර්මයෝ ගලනවා. දැන් එතකොට අරක දික් වෙලා යනවා. අපි කූඤ්ඤය නම් දික් වෙලා යනවා ගිද්ධිලෝභ දක්වා ම. ඇයි අතන ලාභයි කියලා ගන්නව නේ. මෙසේ පෙර යම් ධර්මයක් ඇති ද එය ස්ථාවරභාවයට stable පත්වීමක් සිදු විය. දැන් එතනදි අපිට එනවා අර squares දෙක මතකයි නේ. දැන් මුල ඉඳන් ම ගත්තොතින් අපිට පේනවා රූපය, නන්දිය, ජාතිය, වේදනාව කියලා අපි ආවා.
ඊට පස්සේ අපිට එනවා ඕක දික් වෙලා ගිහිල්ලා වේදනාවෙන් අතන චේතනාවට ආවා. භය අගතියෙන් ඉඳන් තමයි අපි පටන් ගත්තේ. එතකොට මැද්දේ පරාමාසය. ඊට පස්සේ දැන් ඕක සම්බන්ධ වෙනවා අර squares දෙක අත්තානු දිට්ඨියේ දී අපි කරේ, අපි අත්තානුදිට්ඨිය කියන එක භය අගතියයි, වේදනාවයි. එතන අපිට පේනවා අර වේදනා, එතන සෝක පරාමාස, නාමරූප කියලා එන square එකක්.
ඊළඟට ආපහු අනිත් පැත්තෙන් අපිට තියෙනවා, ඒ පරාමාස ඉඳන් ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්චය පරිදේවය කියන squares දෙක. ඔය දෙක glue කරනවා කිව්ව නේ චේතනාවෙන්. ඉතින් දැන් මේක නේ, මේ සිද්ධ වෙන්නේ. අර මෙහෙම cross එක හැදුණාට පස්සේ වේදනාව හරහා එතනින් ඒ දෙක යා කරලා අර අත්තානුදිට්ඨිය කියන එක ඇති වෙනවා. එහෙම නම් අර විඤ්ඤාණයේ ඉඳන් මෝහ අගතිය දක්වා ම කෑල්ල එනවා.
ඉතින් ඕක අපි ඉගෙන ගත්ත නේ 05/11/2015 අත්තානුදිට්ඨිය භාවනාවේ. ඒ විදිහට හිතන්න ඕනේ. එතනින් අර රූපවන්තං වා අත්තානං, self as possessing form. රූපං අත්තතො සමනුපස්සති, රූපය තමා කියලා ඇවිල්ලා තියෙනවා.
දැන් එහෙම නම් ඔය කාරණා ටික ක්‍රෝධ උපායාසයයි නින්දාරොසයයි ගිද්ධිලෝභයයි. කාරණා තුන නේ ඔය බැලුවේ. එතකොට ඒ diagram එකේ තියන කාරණා තුන ම ඒ පිළිවෙළට යනවා. එතනදි එනවා ක්‍රෝධ උපායාසයෙන් නින්දාරොසය. නින්දා නින්දාරොසයෙන් ගිද්ධිලෝභයට. එතකොට අපි හබල් ගාන විදිහ ඔය ඇවිල්ලා තියෙන්නේ.
ඒ විදිහට ම බලන්න අනිත් පැත්තෙන්. පාණාතිපාතය, අදත්තාදානය, මුසාවාදය. පාණාතිපාතයෙන් අදත්තාදානය, අදත්තාදානයෙන් මුසාවාදය. Anticlockwise එතනත් තියෙන්නේ නේ ද?. ඉතින් එතකොට එහෙම නම් අර 4.4 පිසුණා වාචාවල දී අර එක ම දිසාවට හබල් ගානවා කියන එක පැහැදිලියි.
ඉතින් ඕක තේරුම් ගන්න නම්, හැබැයි අපි දැන් බලන්න අපි කරන්නේ මෙහෙම ක්‍රෝධ උපායාසයේ ඉඳන් ඇවිල්ලා නින්දාරොසයට. ගිද්ධිලෝභය කියන පැත්තට හබල එහෙම නේ යන්නේ. එතකොට එක පැත්තක මනුස්සයා වාඩි කළහම එයාට ඒක කරත හැකි. හැබැයි අනිත් මනුස්සයා එහෙම තියුවොත් අපිට ඒ විදිහට කරන්න බෑ. ඒ පැත්තෙන් ම වාඩි කළොත්. එයාව වාඩි කරන්න ඕනේ opposite direction එකෙන්. ඔරුවේ මෙයා මේ පැත්තෙන් ඉන්නවා දෙන්නම මූණ බලාගෙන ඉන්නේ. එතකොට අර anticlockwise තමයි එයත් කරන්නේ. දැන් මොකද වෙන්නේ? අර දැන් ක්‍රෝධ උපායාසයෙන් නින්දාරොසයට එන stroke එක, අර අනිත් මනුස්සයාගේ පාණාතිපාතයත් අදත්තාදානය කියන එකෙන් cancel වෙලා යනවා. දැන් එහෙම නම් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් ද? නින්දාරොසයෙන් අර ගිද්ධිලෝභයට අර මේ පැත්තට හබල උස්සන්න ගන්නව නේ අනිත් පැත්තටත් මේ අදත්තාදානයෙන් මුසාවාදයට කරවන්නේ. ඒ කෑල්ල විතරයි ඉතුරු වෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔරුවට අර කැරකෙන්න ම යි ඒක දෙන්නේ.
ඉතින් මොකක් ද අන්තිමට තියෙන්නේ? මුසාවාදයට යන එකයි. ගිද්ධිලෝභයයි විතරයි. සිහින මැව්වා කියන එකයි. අර මුසාවයි. චතුරාර්ය සත්‍යයට විරුද්ධව තියෙන ඒ මුසාවයි. එච්චරයි ඉතුරු වෙන්නේ කියන එක පේනවා, අන්තිමට ගත්තම. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඒ වගේ ම පේනවා අර 8 වැනි කාරණය මාන වුණා කියන එකත් අත්තානුදිට්ඨිය කියන එක මාන වුණා කියන එකත් පේනවා.