Date: 31/12/2015 Name: ශ්‍රද්ධා

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවායි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 29/12/2015 භාවනාවෙන් පටන් ගත්තා. ඒකෙදි අත්තා යන දිට්ඨිය බිඳීම පරාමාසගත වීමෙන් පසුව වන්නේ කුමක් දැ යි කියලා අපි විමසුවා. ඒ අවස්ථාවේ දී අර tape එකක් පැලුණු ගස වටා අපි ඔතනවා කියලා අපි ඉගෙන ගත්තා. එහි එක පැත්තකට එතීම කියන එක ඉතා ම පැහැදිලියි. ඒ කියන්නේ අපි නාමරූපයේ ඉඳන් චේතනාවට එකයි කිව්වොත්, චේතනාව ජීවිත ඉන්ද්‍රියට දෙකයි කිව්වොත්, ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට තුනයි කිව්වොත්, පරාමාසයෙන් නාමරූපයට හතර. එතකොට ඔය order එකට එතෙනවා කියන එක අපිට පේනවා.

ඊට පස්සේ අපි හිතුවොතින් හතර, ඒ කියන්නේ හතර වෙනි කාරණාව කියන එක ඕකෙදී. කාමරාග අනුසය කියන එක ඒක බලපානවා. අර පරාමාසයෙ ඉඳන් නාමරූපයට එන එක කාමරාග අනුසය කියන එක බලපානවා කියලා පේනවා.

දැන් අනිත් පැත්තට එතීම කියන එක සිහි කළා. ඒකෙ දැන් තියෙන්නෙ ඔය හතරේ කාරණාව නාමරූපයේ ඉඳන් පරාමාසයට එන එකයි අපි මෙතෙන්දි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේ දී කොහොම ද ධර්මය ගලන්නේ. නාමරූප ඉඳන් පරාමාසයට වීම, මෙම පථ දෙකෙන් පළමුව සිදු වෙනවා කියලා රහතන් වහන්සේ පවසනවා. එසේ වූ විට අභිජ්ඣා වෙනවා. එහෙම නම් පළවෙනි එක පරාමාසයෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය. ඒක ඇති වෙලා අර π අකුරේ ධර්මයක් අපි ඉගෙන ගත්තේ. ආන්න අභිජ්ඣාව සනාථ කරනවා කියලා. ඒක මගින් විඤ්ඤාණය නැවතත් සෑදීම කියන එක කරනවා. විඤ්ඤාණයේ යම් අගයක් වී ද එමගින් චේතනාව පවත්වනවා. මේක “විඤ්ඤාණ පච්චයා නාමරූපං” ලෙස සැලකිය යුතුයි.

ඉතින් ඉන් අනතුරුව පැහැදිලියි, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියලා ඒ විදිහට සිද්ධ වෙනවා කියලා. එතකොට මේ එතීම, දැන් අපි පෙර එතීමක් කිව්ව නේ clockwise ඔතන එක. ඒකට වඩා දුර්වල වූවත්, ඒ කියන්නේ ගහක නම් බොහොම ඈතට ගිහිල්ලා ඔතාගෙන ආවා වගේ නේ. එහෙම දුර්වල වූවත් මෙය නැතුව clockwise එතීම සිදු වන්නේ නෑ.

මෙසේ පැලුණු ගස, බිඳුණු අත්තා යන දිට්ඨිය පරාමාස ධර්මය මගින් ම නැවත සෑදීම වන බව වටහා ගත යුතුයි. මෙය විශ්වයේ ඉපදෙන සෑම සත්වයෙකුට ම සාධාරණ ධර්මයක් වන්නේ ය.

ඒක තමයි මං කරපු භාවනාව.