Date: 01/01/2016 Name: Sabbasava

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාවෙන් පටන් ගත්තා. සම්මා දිට්ඨි, “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි? යං ඛො භික්ඛවෙ දුක්‌ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරොධ ගාමිණියා පටිපදාය ඤාණං,” කියලා සිහි කළා. එතකොට ඒ දුක්ඛ නිරෝධයට ආවා ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති කිරීම. මෙතැනදි චාගාධිට්ඨානය කියන එක සිහි වුණා. සියලු උපධීන්ගේ නැති වීමක් ඇත්ද, එය උත්තම වූ ආර්ය ත්‍යාගය කියලා.

මෙන්න මෙතැන දී 29/12/2015 නිරෝධ සමාපත්ති භාවනාවේ දී තුන් වෙනුවට ඉගෙන ගත්ත, අර නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය බිඳීම නිසා ඒ සාකච්ඡාවේදි ඉගෙන ගත්තා කාරණා හතරක්. ඒ හතරට සිත යොමු කළා.

පළමුව, දෝෂ අගති වන්නේ නැවත පිළිකුල් නොවන රූප සෙවීම දෝෂ සල්ලය මගින් විමසා චලනයක් ඇති කරනු ලබයි. චාගාධිට්ඨානය ඇත්තේ භව ඕඝයට පහර වදිනවා, වේදනාව අල්ලා චලනය නොකරයි.

මෙසේ දෙවෙනි කාරණය, සංස්කාර අල්ලා චලනය නොකිරීම ද, උපසමාධිට්ඨානය මගින් අරි අට මඟේ දැක්වෙන සීලයන් භාවිතා කිරීම, මෙතැන දී දස කුසලය කියන එක. මිච්ඡා දිට්ඨියේ ඉඳන් මිච්ඡා දිට්ඨියට නොයෑම වත්ථූපම සූත්‍රයේ මෙන් ද, නොකැරකැවීම පෝතලිය සූත්‍රයේ මෙන් ද, අභිජ්ඣා නොවීම, කැරකැවීමෙන් පසුව හටගන්නා වූ ව්‍යාපාදයන් නැති කිරීමත්, බිය නොවීමත් භයභෙරව සූත්‍රයේ මෙන් ද, ඒකෙ තියෙනවා නේ අර නිත්‍ය යන චිත්ත විපල්ලාසයන් වෙනවා කියලා. අපි ඉගෙන ගත්ත නේ නිත්‍යයෙන් පටන් අරගෙන ආපහු නිත්‍යට යනවා, දුප්පඤ්ඤා කියලා කිව්වම නිත්‍ය යන චිත්ත විපල්ලාසය නේ. මේ විදිහට දස කුසලය මනා කොට පැවැත්වීම කියන එක සිහි කළා. අර සංස්කාරයන් අයින් කරලා මිච්ඡා දිට්ඨියෙන් මිච්ඡා දිට්ඨියට යන්නෙ නෑ, ඊට පස්සේ අභිජ්ඣා වෙන්නේ නෑ, ව්‍යාපාදයට යන්නෙ නෑ. මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද, කියන අනුපිළිවෙළට ඒක සිහි වෙනවා, අර සූත්‍ර දේශනා තුනෙන් පෙන්නන්නෙ ඒකයි.

එතකොට ඊළඟට තුන් වන කාරණය, සංස්කාරයට තුඩු දෙන සඤ්ඤාවත් වේදනාව අල්ලාගෙන සිටින සඤ්ඤාවනුත් මගින් වන චේතනා මගින් glue කිරීමට ඉඩ නොදිය යුතු බව තුන් වැනි කාරණය දිට්ඨි සල්ලය මගින් කරන ක්‍රියාවලියට ඉඩ නොදීම කියන එක සිහි කළා. ඉතින් එතැන දී අර පෙන්නන්න ඕනේ අර දැල්ලේ ආලෝකයත් එක්ක අල්ලගෙන කරන්නා වූ ඒ භාවනා කොටස. මෙතනදි තේරෙනවා භ්‍රමණය වෙනවා කියලා. ඒක මට අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් පුළුවන්. පොළොව භ්‍රමණය වුණත් මට භ්‍රමණය නොවී සිටිය හැකියි කියන එක තේරුණා. අවශ්‍ය නම් භ්‍රමණය වෙන්නත් පුළුවන්.

හතර වෙනි කාරණයට ආවා. හතර වෙනි කාරණය සිහි කරන්නේ රාග සල්ලය මගින් පුනපුනා අභිනන්දනා කිරීම පහ කර, ඡන්ද සමාධිය මගින් දැන් ඉස්සෙල්ලා කාරණා තුනක් පෙන්නුවා, ඒ කාරණාවල දී පහ කරන ලද සඤ්ඤා, චිත්ත, දිට්ඨි, ඇත්තේ නොසැල් වී, නිර්වාණයට මනස යොමු කර, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා අප්‍රමාණයන්, එසේ ම නිරෝධයටත් ගියා.

ඊළඟට ඒක කරගෙන යනකොට ම වැටහුණා, දුක්ඛය මෙනෙහි කළ නිසා කාම ආශ්‍රව බැස යන්නේ කාම ඕඝ නොවේ. දුක්ඛ සමුදය මෙනෙහි කරන්නේ භව ආශ්‍රවය බැස යන්නේ භව ඕඝ නොවේ. දුක්ඛ නිරෝධය මගින් දිට්ඨි ආශ්‍රව බැස යන්නේ දිට්ඨි ඕඝය නොවේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මෙනෙහි කරන්නේ අවිද්‍යා ආශ්‍රව බැස යන්නේ අවිද්‍යා ඕඝ නොවේ. ඕඝ නොවන්නේ සල්ල නොවේ යැයි මනා කොට වැටහුණා. මෙසේ සබ්බාසව වේ. මේ භාවනාවේ නමත් සබ්බාසව.