උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එහි දී වැඩි අවධානයක් යොමු වුණේ අර පෝතලිය සූත්‍රය මගින් නොකැරකැවීම. ඒකත්, ඒ මගින් අභිජ්ඣා නොවීම යන දෙවෙනියට සඳහන් කළ කාරණය ගැන. කැරකැවීමක් සිදු වුවහොත් අභිජ්ඣා වන්නේ ය, කෙසේ ද? කැරකැවීම තුළ මච්ඡරිය ඇත. කැරකැවීම මගින් අවිද්‍යා ආශ්‍රවය තුළට ආස්වාදය කියන එක ඇතුළත් වෙනවා. මෙම අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයත්, ඒක මගින් නැවතත් අවිද්‍යා ආශ්‍රව වීමත් වැටහෙනවා නම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මගින් විඤ්ඤාණය පැවතීමට ඇති කැමැත්ත කියන එක ඇති වීම පැහැදිලියි. ඒ වගේ ම ව්‍යාපන්න චිත්තා පදුට්ඨමනසඞ්කප්පා යන දෙක සිහි කරන්නේ භයභෙරව සූත්‍රයේ පදුට්ඨමනසඞ්කප්පය මගින් ඇති වූ නිත්‍යභාවය නිසා ම ව්‍යාපාදය විය.
ඊට පස්සේ අපි එනවා නේ දුප්පඤ්ඤා එළමූගා දක්වා. ඒ විදිහට පැමිණෙන්නේ, නැවතත් නිත්‍ය යන චිත්ත විපල්ලාසය ම හටගන්නේ ව්‍යාපාදය ම සනාථ කරන්නේ ය. එතකොට මෙතන පෙන්නන්නෙ, අර මිච්ඡා දිට්ඨියේ ඉඳන් මිච්ඡා දිට්ඨියට ම යනවා අභිජ්ඣාව කියන එක නැවතත් සනාථ කරනවා. ඒ වගේ ම ව්‍යාපාදයේ ඉඳන් ආපහු ව්‍යාපාදයට ම යනවා.
දිට්ඨි සල්ලයෙන් කරන ක්‍රියාවලිය තුන් වෙනි එක මෙනෙහි කරනවා. චේතනාව මගින් glue කිරීම සිහි කරන්නේ නිරෝධය දක්වා ගමන් කිරීම කියන එක සිදු වුණා. ඈත සිට රූප දැක්කා. ඒ වගේ ම ඈත සිට ආකාසානඤ්චායතනය දැකීම කියන එකත් සිදු වුණා. වැඩි හරියක් ම නිරෝධයේ ම තමයි හිටියෙ. කැරකැවීමෙන් දුක්ඛය ම ඇති වන බව සබ්බාසව කොටස කිරීමෙන් මනා කොට වැටහෙනවා. රූප ජරා, සඤ්ඤා ජරා, වේදනා ජරා, ඔය විදිහට ඔක්කොම දුක්ඛය ම තමයි ඇති වෙන්නේ කියලා, නැවතත් නිරෝධයට ගියා.
මෙතැනදි මේ සිත මෙහෙය වීමට ඇති හැකියාව හොඳින් දැක්කා. ඒ කියන්නේ රූප බලන්න හරි නොබලන්න හරි තිබෙන්නා වූ හැකියාව තියෙනවා කියන එක හොඳට පැහැදිලි වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.