ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර 22/11/2015 නිබ්බාන භාවනාව බලන්න කියලා බුදුපියා පැවසුවා. ඒ භාවනාව අර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා කරන භාවනාව. ඒක ඊයේ භාවනාවත් සමඟ ඉතා ම පහසුවෙන් සම්බන්ධ වුණා. නිබ්බාන භාවනාවේ දී, අපි නන්දියට අට්ටීයති, ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන කාරණා තුන ම ඉගෙන ගත්තා.
ඊට පස්සේ triangle එකක් අපිට කියන්න පුළුවන් triangle 1 කියලා කියමු අපි. ඔය ජාති ඉඳන් ගිද්ධිලෝභයට තියෙන රේඛාව අපි කෙළින් ම දික් කරලා අපි එතන උඩ කෙළවර සඤ්ඤාව කියලා ලියනවා. පල්ලෙහායින් ජරාව. එතකොට සඤ්ඤාවේ ඉඳන් වේදනාව හරහා ජරාවට, ජාතියේ ඉඳන් ජරාවට රේඛාවක්. එතකොට triangle එකක් හැදෙනවා ජාති, සඤ්ඤා, ජරා, ආපහු ජාති.
ඒ වගේ ම ආපහු අපිට පෙන්නන්න පුළුවන් නන්දියේ ඉඳන්, අවිද්‍යා ආශ්‍රව ඉඳන් ජරාව දක්වා ම තිබෙන්නා වූ triangle එක. නන්දිය නැති වුණහම මේක නැති වෙනවා කියලා අපි චූල සුඤ්ඤතයේ එහෙමත් ඉගෙන ගත්තෙ. එතකොට දැන් ඒක අපි හිතමු දෙවෙනි triangle එක කියලා.
එතකොට 22/11/2015 භාවනාවේ දී කුක්කුච්චය විමසන අවස්ථාවේ දී, නොපිරුණු නුවණ යනු සියලු සංස්කාරයන් කෙරෙහි අනිච්ච සඤ්ඤා නැතිකම කියන එක අපි වටහා ගත්තා. එහෙම නම් ඔය triangle එකේ සඤ්ඤා යන තැන අපි අවිද්‍යා වශයෙන් සලකුණු කරගත්තොත් මුළු පටිච්චසමුප්පාදයත් චතුරාර්ය සත්‍යයත් දෙක ම වැටහෙනවා.
එහෙම නම් අපිට පේනවා පළවෙනි triangle එක තුළ නන්දිය නිසා මෙම ක්‍රියාවලිය වන බව වැටහෙනවා. ඒකෙන් දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධයත් කියන දෙක ම වැටහෙනවා. ඇති වෙන්නා වූ ක්‍රියාවලිය අවිද්‍යාවේ සිට ජරාව දක්වා වන දේ ලෙස වැටහෙනවා. ඉතින් ඒක බොහොම පහසුවෙන් මේ විදිහට තේරුම් ගත්තා. ඒ වගේ ම ඒ නිරෝධය කියන එකත් හරියට මේකෙන් සිද්ධ වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්