ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ජරාවට අට්ටීයති. මේ විදිහට අර 22/11/2015 භාවනාව සම්පූර්ණයෙන් කිරීමෙන් ඊයේ භාවනාවේ දී වටහා ගත් triangle එකට සිත යොමු කළා. ඒ කියන්නේ ජාති, ජරා, සඤ්ඤා, ගිද්ධිලෝභ, ජාති. එතකොට නන්දිය කියන එක ජාතියයි ගිද්ධිලෝභයයි අතර.
එතකොට 29/12/2015 නිරෝධ සමාපත්ති භාවනාවේ දී, ඒ තුන් වෙනි කාරණයේ දී ඉගෙන ගත්, ඒ කියන්නේ අර නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය බිඳීමට පසු ධර්මය, අන්න ඒ ධර්මයට සිත යොමු කළා. පළමුව දෝස අගති වන්නේ නැවතත් පිළිකුල් නොවන රූප සෙවීම දෝස සල්ලය මගින් විමසා චලනයක් ඇති කරනු ලබයි. මෙවන් වූ රූපයක් නැත. එනම් සුභ යන සඤ්ඤාවක් කිසිදා කිසිවෙකුට නොලැබේ. ජිගුච්ඡති. සුභ යන සඤ්ඤාව පිළිකුල් කිරීමත් සමඟ නිරෝධය කියන එක ඇති වුණා. මෝහ සල්ලය මගින් මෙයට උපකාර වන සංස්කාරයන් මේවා යැයි සපයා දෙනවා. සබ්බ සංඛාරයේ අනිච්ච සඤ්ඤා ඇත්තේ කුක්කුච්චය පමණක් එවැනි සංස්කාරවලින් ඇති වන බව මනා කොට දන්නේ දක්නේ, එවන් වූ අවිද්‍යාවන් විසින් සපයන සංස්කාරයන් නැති බව දන්නේ, සුභය සනාථ කිරීමක් ද නොවන්නේ ය. විඤ්ඤාණ ධාරාව සිඳී ගොස් නැවතත් නිරෝධය කරාම ගමන් කරනවා.
ඒ කියන්නේ ඔය සඤ්ඤාවේ තියෙන එකේ, උඩ සඤ්ඤාවේ ඒ දෙකටයි ගහන්නේ. එහෙම නම් triangle එකේ උඩ සඤ්ඤාවේ කෙළවර ගිලිහී යන්නේ නිරෝධය බව දත යුතු ය. මෙසේ සඤ්ඤා සිට ජරා දක්වා සියලු පටිච්චසමුප්පන්න ධර්මයන් වටහා ගන්නේ නම් ඉතිරිව ඇත්තේ පීඩාව ගෙන දෙන්නා වූ, අට්ටීයති කියලා ගත්තේ, නන්දිය පමණි යැයි වැටහෙන්නේ ය. මුළු චතුරාර්ය සත්‍ය ම වැටහෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්