Date: 05/01/2016 Name: Sabbasava 5

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකෙ අවසානයට සඳහන් කළ ධර්මයට සිත යොමු කළා. අර triangle එකක් අපි දැනගත්තා, ජාති, සඤ්ඤා, ජරා, ජාති. එතකොට ගිද්ධිලෝභයත් ඕකේ මැද්දේ තියෙනවා. නන්දිය කියන එක ජාතියයි ගිද්ධිලෝභයයි අතර තියෙනවා. නන්දිය මගින් පීඩාවට පත් වෙනවා කියන එක අට්ටීයති කියන බව අපි දනිමු. අපි අභිනන්දනා කිරීම සඳහා රූප භාවිතා කළත්, එවන් වූ රූපයක් නොලැබෙන බැවින්, රාග සල්ලය මගින් කරන ක්‍රියාවලියට පහර වදිනවා.

එසේ නම් රූප නොසෙවිය යුතුයි. සඤ්ඤා කොටස දැල්ලේ ආලෝකය ලෙස සලකන්නේ, සුභ නොවූ, නිත්‍ය නොවූ, සඤ්ඤා නොවන්නේ නම් අත්තා යන සඤ්ඤාව මගින් glue කර පැවැත්විය හැකි දෙයක් චේතනාවට නැත. එසේ නම් දිට්ඨි සල්ලය මගින් කරන ක්‍රියාවලියට පහර වදී, බිය නොවේ. මෙසේ තණ්හාවත් බියත් යන දෙක ම පහව යන්නේ නම්, දිට්ඨි අනුසය ආධාර උපකාර කර රූප සෙවීමත්, නන්දි නිසා රූප සෙවීමත් යන කාරණා දෙක ම බැහැගෙන යනවා.

ඉතින් මේ වෙලාවෙදි දෙවෙනි triangle එකට මනස යොමු වෙන්න ඕනේ. රූප, චේතනා, භය අගති, වේදනා, ඉඳන් ආපහු රූපයට යන දිට්ඨි අනුසය පාර සහගතව ඒක. දැන් එහෙම නම් රූප සොයන්නේ නැහැ. රූප නොසොයයි. රූප නොසොයන්නේ, එහි විභූතිය ඇත. නැවතත් ජාති නොවේ. මෙසේ මුළු දුක්ඛය ම කෙළවර වන්නේ ය.

උදාහරණයකට පෙන්නනවා නම්, ඔය ජලය බිංදුවක් යම් සේ යම් දිශාවකට හමා යන්නේ ද, එය වළකන්නේ ද, නැවතත් තව ජල බිංදුවක් සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව නැති වන්නේ නම්, ජල ධාරාවක් නොවන්නේ, යම් සේ ද, මෙය එසේ ය.

එහෙමත් නැති නම්, අපි වීදුරුවක අපි හිතමු යම්කිසි විදිහකට කැලැත්තිලා, එක පැත්තකට විතරක් triangle එක වගේ වතුර තියෙනවා, ඒක තල්ලු කළොතින් එහෙම, ඒ කියන්නේ ඒ වීදුරුවේ base එක හැටියට ජාති, ජරා අර සඤ්ඤා කෙළවරයි කියන එක ගන්නවා. එතකොට ඒක වම් අත පැත්තට රූප හොයාගෙන යන්න තල්ලු කරගෙන ගියා නම්, එහෙම නම් ආපහු ජාතියේ ඉඳන් රූපය පැත්තට triangle එක වගේ වතුර බිංදුවක් හැදෙනවා.

දැන් එතකොට ඊළඟට දකුණු අත පැත්තෙන් ඇවිල්ලා එක්කහු වෙන්නේ අර භය අගති, චේතනා, රූප කියන වතුර බිංදුව. එතන වතුර බිංදුවේ ඉතුරු කෑල්ල. ඉතින් මේ දෙක එකතු වුණා නම් ඉතින් සම්පූර්ණ වීමක් කියන එක සිදු වෙනවා. අන්න ඒ වගේ පලු දෙකකින් එකතු වෙනවා වගේ තමයි ඒක පේන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Nirodha/s_Nirodha-03.jpg