Date: 06/01/2016 Name: Nirodha

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මෙසේ හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම 20/11/2015 තේජෝ ධාතු භාවනාව බලන්න කියලා බුදුපියා පැවසුවා. ඒකෙදි ඉගෙන ගත්ත කාරණා තුනට සිත යොමු කළා.

පළවෙනි කාරණාව, වේදනාව සඳහා චිත්ත සංස්කාර හදනවා. දෙවෙනි කාරණාව, ඇතුළත ඇති විඤ්ඤාණ ධාතුන් නිසා රස්නය පවතිනවා. තුන් වෙනි කාරණාව, පිටත ඇති රූප කෙරෙහි හැඟීම නැත. මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා. ඒකේ අපි දන්නවා අර ජාති, ජරා, උඩ සඤ්ඤා, එතකොට ගිද්ධිලෝභ, නන්දි triangle එක එනවා කියලා. ගිද්ධිලෝභයයි, නන්දියයි, ජාතියේ ඉඳන් සඤ්ඤාව දක්වා තියෙන රේඛාව. ඉතින් අපි දන්නවා ඔය ජරා, සඤ්ඤා රේඛාව අතරට වැටෙන්නේ වේදනා කියන එක. අට්ටීයති, හරායති, ජිගුච්ඡති වශයෙන් බලන්න ඕනේ. අර කාමච්ඡන්දය, ලෝභය නැති කරමි. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත.

ඔය විදිහට බලාගෙන ආවහම, සියලු සංස්කාර විෂයයෙහි අනිත්‍යානුදර්ශී වූයේ, කිසිදු සංස්කාරයන් මගින් වේදනාව සඳහා සාදනු ලබන චිත්ත සංස්කාර නොපවතින බව දන්නේ, අවිද්‍යාවේ සිට ජරා දක්වා වන ක්‍රියාවලිය නවතිනවා. එතකොට ඒ කියන්නේ, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං, ඒ විදිහට එන්නා වූ ක්‍රියාවලිය. මෙය සඳහා නන්දි නොවන්නේ නම් එතන විමුක්තිය ඇත. චෙතො විමුක්තිය, ඒක ඇති වුණා, හොඳින් ඒක දැනුණා.

මෙවන් වූ චෙතො විමුක්තිය නිසාවත් යම්කිසි රස්නයක් විඤ්ඤාණ ධාතුව තුළ වී ද, මෙය නොරුස්සන්නේ, අගයක් නොදෙන්නේ නම්, නැවත එය සෑදීම ගැනවත් හැඟීම් නැති වන්නේ, සඤ්ඤා යන කෙළවර නැතුව යන බව දන්නේ, දක්නේ, ප්‍රඥා විමුක්තිය ඇති විය. මේකත් හොඳට දැනුණා.

මෙම කාරණා දෙක වටහා ගැනීමත් සමඟ අධික ප්‍රීතියක්‍ ඇති වුණා. එය නැවත ඉපදීමක් නොසිතන්නේ අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක ඇති වුණා.

දැන් එතකොට අපිට පේනවා ඔය ජාති, ජරා, සඤ්ඤා කියන triangle එක. ඒ triangle එකේ හැඩයට move වන වතුර වීදුරුවක, චලනය වන වතුර වීදුරුවක ජල බිංදුවක් ජලයක් තියෙනවා නම්, අර ඉහළ වාතය තෙරපනය නිසා යම් සේ curve වීමක් ඇති වෙනවා ද, ඒ කියන්නේ අපිට පේනවා ඊළඟට ඒ වතුර වීදුරුවේ හරියට නිකම් මැද්දෙන් වල වගේ තියෙන්නේ curve එක වගේ ඇති වෙලා. ඒ කියන්නේ දැන් රූප කොටසටත් curve එකේ කෑල්ල ඇවිල්ලා, සඤ්ඤා කොටසටත් ඇවිල්ලා මේ මැද්දේ වල වගේ ගැහිලා තියෙනවා වගේ අවස්ථාව.

ඉතින් යට තියෙන්නේ වීදුරුවේ ජාතියයි, ජරාවයි කියන එක. එතකොට ඒ නැවතත් චලනය නිසා. තවදුරටත් ඕක චලනය වුණහම අපිට ඊළඟට හැදෙනවා රූප, ජාති, ජරා කියන triangle එක විදිහට. ඕක තමයි අර දිට්ඨි අනුසයෙන් ඇවිල්ලා fit වෙන්නේ කෑල්ල. මෙන්න මේ විදිහට වෙනවා ද, මෙන්න මේ ආකාරයට තමයි මේක සිතන්න ඕනේ.

ඒ කියන්නේ අර පළවෙනි triangle එක ජාති, ජරා, සඤ්ඤා කියන triangle එක චෙතො විමුක්ති. අර මැද්දේ curve වෙච්ච එක අප්පණිහිත චෙතො විමුක්තිය. ඒ කියන්නේ ඒකෙ ඔය ස්පර්ශෝන්මුඛයක් ඇන්දොතින් ඔය curve එකට, රූපය පැත්තෙන් ඇන්දොත් යන්නේ ජරාවට. එහෙම නම් අපිට පේනවා අනුලෝම වශයෙන් ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක.

අනෙක් පැත්තට සඤ්ඤාව පැත්තෙන් ඉඳන් එන curve එකට ස්පර්ශෝන්මුඛයක් ඇන්දොතින් එහෙම ඒක යන්නේ ජාතියට. ඒ කියන්නේ එහෙම නම් අපි ජරාවේ ඉඳන් ජාතිය පැත්තට යනවා කියන එකයි තියෙන්නේ. එතකොට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැනීමක් තියෙනවා.

එතකොට සියලු විමුක්තීන් මෙසේ දැන රස්නය අත් හරියි ද, එහි නිරෝධය ඇත. මෙසේ නිරෝධය ඇති විය. යමෙක් මරණ මොහොතක මෙසේ නිරුද්ධතාවයට යයි ද, ඔහුට නැවත ඉපදීමක් නැත.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Nirodha/s_Nirodha-02.jpg


s_Nirodha/s_Nirodha-03.jpg