Date: 07/01/2016 Name: Nirodha

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒක සිහි කරනකොට ම සති ඉන්ද්‍රියත්, ප්‍රඥා ඉන්ද්‍රියත් අධික බව ද, චෙතො විමුක්තියෙන් අනතුරුව ඇති වෙන ප්‍රඥා විමුක්තිය ඇති බව ද මුල දී ම වැටහුණා. මේක සිදු වෙන්නේ මේ ඊයේ ධර්මය දැන භාවිතා කිරීම, අර diagram එකකුත් මම හැදුව නේ, කාලය ඒකට ගත කරා නේ, ඒක නිසායි.

ඊයේ හදන ලද diagram තුනට මනස යොමු කළා. පළමුව පළමු වෙනි figure එක බැලුවොත් අපි දන්නවා ජාති, ජරා, සඤ්ඤා, එතන ගිද්ධිලෝභයයි, නන්දියයි තියෙනවා. ඒක බලනකොට ම මගේ මනස යොමු වුණේ අර ජරා, මෝහ අගති, විඤ්ඤාණ කියන triangle එකට. විඤ්ඤාණය නිසා යම් පැවත් වීමක් පදුට්ඨමනසඞ්කප්පය සමඟ හටගන්නේ ද, වතුර බිංදුවක් තව වතුර බිංදුවක් සමඟ එකතු වී, යම් චලනයක් වන්නේ ද මේක එසේ යැයි වැටහුණා.

ඒ කියන්නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයයි, විඤ්ඤාණයේ දැන් ඇති අගයයි ගැළපුවට පස්සේ පදුට්ඨමනසඞ්කප්පය වෙනවා කියලා අපි දන්නව නේ. මෙම ජල පහරේ යම් කඩා වැටීමක් වන්නේ ද, පරිදේව වන්නේ ද, ඉතින් මේක හරි ලස්සනට දැන් පේනවා. අර රහතන් වහන්සේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට තියෙන රේඛාව 270°, 315° කරකවන එක.

වීදුරුව දිගේ මෙහෙම ආවා නම්, බිත්තියේ වැදුණා, ඒක මේ පැත්තට එනවා නේ කැරකිලා. ඒක නේ මේ පෙන්නන්නේ. අර උඩ තියෙන වතුර එකේ pressure එක හින්දා මෙහෙම පල්ලෙහාට ආවා, අනිත් පැත්තට යනවා. දකුණු අත පැත්තෙ ඉඳන් වම් අත පැත්තට. එතකොට මේ විදිහට පරිදේව වන්නේ ද මෙය මගින් figure 2 ඇති වෙන බව හොඳට වැටහුණා. ඉතින් කෙනෙකුට, අපි අර 270° වේ එක ලකුණු කරගන්න පුළුවන් ඉතින් මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චය දක්වා තියෙන රේඛාව කැරකෙනවා කියන එක මේ අවස්ථාවේ දී.

අනිත්‍යභාවය දැන මෙම සංස්කාරයන් මගේ යැයි නොගැනීම මගින් සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ සඳහන් කරන ලද දෙවැනි විරිය ඇති වෙන බව වැටහෙනවා.

එතකොට figure 2 වල දී, දැන් අපි දන්නවා figure 2 කිව්වහම රූප, ජාති, ජරාවල දී ප්‍රඥා විමුක්තිය ඇති වෙන ධර්මයට මනස යොමු කළා. මෙතනදි මේ triangle එකේ අපිට පේනවා ඔය මැද්දෙන් අපි නිකන් cross section එකක් ගත්තොත් ගිද්ධිලෝභයේ ඉඳන් වේදනාවට, අර වේදනාව අර රූපයයි, ජරාවයි අතරට වැටෙනවා. එතකොට මෙතනදි රූප ගිද්ධිලෝභ වේදනා triangle එකට මනස යොමු වුණා. මගේ, යන අත්ත සඤ්ඤා නිසා ලාභමච්ඡරිය ඇති වුණා. මෙම අත්ත සඤ්ඤාව පහ කරන්නේ විඤ්ඤාණ ධාරාව සැකසෙන විදිහ මනා කොට අවබෝධ කරගන්නේ. කොහොම ද විඤ්ඤාණ ධාරාව සැකසෙන්නේ? අර රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ.

එනම් අසම්පජානකාරීත්වයට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා වටහා ගන්නවා නම් උඩට නැංවී ඇති රළ පහර වීදුරු භාජනයේ බිත්තිය හූරා ගනිමින් පහළට වැටීම කියන එක නවතිනවා. මෙහි දී වීදුරු භාජනයේ දකුණේ සිට වමට ගමන් කිරීම කියන එක මම දුටුවා. ඒ මගිනුයි මෙම ක්‍රියාවලිය. අර අසම්පජානකාරීත්වය සිහි කරනකොට මට පේනවා වීදුරුවක් අරගෙන කෙනෙක් දකුණ අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට යනවා, අර තණ්හාව නිසා කරකවනවා කියන එක නේ.

දැන් ඉතිරි වෙලා තියෙන්නේ අර විඤ්ඤාණයේ සිට පහළට ඇද වැටෙන ජල කොටසත්, රූපයේ සිට පහළට ඇද වැටෙන ජල කොටසත් යන කොටස් දෙක නිසා වන ක්‍රියාවලිය මෙනෙහි කිරීමයි.

සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ දී, සඤ්ඤාව මගේ නොවන විරියත්, සංස්කාරයන් මගේ නොවන විරියත්, යන විරිය දෙක අර ඉස්සෙල්ලා සාකච්ඡා කරපු විදිහට මනා කොට භාවිතා කරන්නේ නම් දෙපැත්තකින් විරුද්ධ දිසාවට ගමන් කරන රැලි දෙකක් පමණක් බව දන්නේ අප්පණිහිත චෙතො විමුක්තිය මනා කොට දැන භාවිතා කළ හැකියි.

ඒක තමයි මං කරපු භාවනාව. ඒක ඒ විදිහට ම ඇති වෙනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Nirodha/s_Nirodha-02.jpg


s_Nirodha/s_Nirodha-03.jpg