Date: 08/01/2016 Name: Upekka Appamana

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂ වශයෙන් දුටුවේ අර figure 1 එකේ ජල පහර බිඳෙන අවස්ථාවේ දී සිදු වන තවත් ක්‍රියාවලියක්. 315° න් මෝහ අගතියේ සිට ඉදංසච්චය දක්වා වූ රේඛාව භ්‍රමණය වෙනවා නම් පරිදේව දක්වා පැමිණෙනවා. අර වීදුරුවේ දකුණු පැත්තෙ වැදිලා ආපහු එනවා වාගේ. එහෙම නම් කාමරාග අනුසය හරහා නාමරූප point එක දක්වා යම් කැලතවීමක් විඤ්ඤාණ ධාරාවේ සිදු වන බව වීදුරුවේ වතුර පහළට බැසීම අනුව ම වැටහෙනවා. එතකොට අපිට එහෙම නම් අර diagram එකක් හැටියට එනවා, අපි මේ diagram එක කලින් බලලා තියෙනවා.

ඒ කියන්නේ පරාමාස, ඉදංසච්ච, මෝහ අගති. මෝහ අගතියේ ඉඳන් පරාමාස දක්වා රේඛාව දික් කළහම නාමරූපයට එනවා. ඕක area 6 කියලා කියනවා නේ. ඊට පස්සේ දැන් ආපහු අනිත් පැත්තෙ, වම් අත පැත්තෙන් අපිට පේනවා ගිද්ධිලෝභ, ජාති, වේදනා කියලා triangle එකක්. අපි දන්නවා දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට එනවා කියලා. දැන් මෝහ අගතියේ ඉඳන් පරාමාසයේ එක දික් කළහම නාමරූපයට. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව දක්වා පැමිණීම standing wave වල දකුණේ සිට වමට පැමිණීම ලෙස සලකනවා. වම් කෙළවරේ බිත්තියේ වැදිලා රාග සල්ලය මගින් රූපය දෙසට ගෙන යාම කියන එක මගින් figure 2 එක ඇති වෙනවා කියන එක පැහැදිලියි. දැන් එහෙම නම් ආපහු පල්ලෙහාට යන එකකුත් තියෙනවා ඒ කියන්නේ කාම ආශ්‍රවයේ ඉඳන් රාග සල්ලය හරහා ජාතිය දක්වා යන්නා වූ එකක්, එතකොට අන්න එහෙම වුණායින් පස්සේ දෙපැත්තකට ගමන් කරනවා. එකක් උඩට යනවා, කාම ආශ්‍රවයට ආවා නම් එකක් උඩට යෑමක් තියෙනවා. තව එකක් පල්ලෙහාට යෑමක් තියෙනවා බිත්තියට වැදිලා. එහෙම නම් දැන් පල්ලෙහාට ආවොතින් ඒ ජාතිය දක්වා ආවොත් ජාති, වේදනා රේඛාව හරහා නාමරූපය දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. කාම ආශ්‍රවයේ සිට ජාති වීම එක දිසාවකට ගමන් කිරීමත්, පහළ bottom එකේ වැදි උඩට යෑම රාග සල්ලය මගින් රූප දක්වා යෑම ලෙසත් සැලකිය හැකියි. මෙසේ standing wave එකේ වමේ සිට දකුණට යන ධාරාව සෑදීම කියන එක සිද්ධ වෙනවා.

දැන් අර නාමරූපය දක්වා ගියා නම්, එහෙනම් අපිට පේනවා curve එකක් හැදිලා තියෙනවා ඒ curve එකේ උඩ කෙළවර නාමරූප. ඔය bell shaped curve එකක් ඇඳලා ඒකට ස්පර්ශෝන්මුඛයක් ඇන්ඳ නම් ඔය නාමරූපය තියෙන තැනට දික් කළහම එන විදිහට, ඒක හරියට ම ඒ point එක භව ආශ්‍රවය. ඊළඟට ඒ bell shaped curve එකේ දකුණු පැත්තෙන් ආපහු ස්පර්ශෝන්මුඛයක් ඇන්දා නම් නාමරූපය තියෙන තැනට යනකම් ඒ කියන්නේ එතන හරියට ම දිට්ඨි ආශ්‍රවය. එතකොට මේ විදිහට bell shaped curve එකක් හැදෙනවා කියන එකත් අපිට දැන් වැටහෙනවා. එතකොට එහෙනම් මේකෙන් තමයි ඔය දකුණේ සිට වමට යන wave එක, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව දක්වා පැමිණීමක් කියන එක සිද්ධ වෙනවා. අනිත් පැත්තට දැන් අපි ඔය bell shaped curve එක හැදුණා කියලා කියන්නේ එහෙනම් වමේ ඉඳන් දකුණට යන එක. මොකද ජාතියේ ඉඳන් අර වේදනාව දක්වා නාමරූපයට ගිහිල්ලා එන්නා වූ එක.

දැන් ඉතින් මේ අවස්ථාව වෙනකොට හොඳ ලස්සනට පැහැදිලි වෙනවා අර h1 කියන කතාවත්. අපිට මතකයි අර භයභෙරව සූත්‍රයේ අපි ඉගෙන ගත්තා නාමරූප point එකේ ඉඳන් සඤ්ඤා චේතනාව දක්වා තිබෙන්නා වූ උස කියන එක. දකුණු අත පැත්තේ ඉඳන් වමට ගැහුවේ, සංස්කාරයන් මම කළේ, මෙන්න මේ වගේ එකක් මට හම්බවෙයි කියලා. අන්න ඒක තමයි මට ඕනේ දේ. හැබැයි මේ බිත්තියේ වැදිලා උඩට ගියේ නාමරූප point එක දක්වා විතරයි. ඒක තමයි මට ලැබිච්ච දේ. මේ දෙක අතර වෙනසත් මේකයි කියලා පැහැදිලි වෙනවා. අනෙක් අතට භව ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රව වීමත්, දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වීමත් දැන් හොඳට වැටහෙනවා. ඇයි මේ දැන් මේ curve එකේ භව ආශ්‍රව පැත්තේ ඉඳන් ස්පර්ශෝන්මුඛය, මෙතන ඉඳන් මේ wave එක හැදිලා තියෙන්නේ මේ වතුර පාර උඩට ඉස්සෙන්න එක පැත්තකින් දකුණු අත පැත්තේ ආපු bell shaped curve එකයි වම් අත පැත්තෙන් ආපු bell shaped curve එකේ කෑලි දෙකයි කියන එක උඩට ගිහිල්ලා. ඒ කියන්නේ මේක අර waves propagate වෙලා එන විදිහ බලන්න ඕනේ.

එතකොට එහෙම නම් අපිට පේනවා භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කිව්වම අර වම් අත පැත්තේ ඉඳන් දකුණට යන්නා වූ කෑල්ල wave එකේ. Bell shaped curve එකක වම් අත පැත්ත. ඊළඟට දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව කිව්වම bell shaped curve එකේ දකුණු පැත්තේ ඉඳන් වමට එනවා කියන කෑලි දෙක.

ඉතින් මේක දැක්කට පස්සේ ඒ උපෙක්ඛාවෙන් අප්‍රමාණය කියන එක සිද්ධ වෙනවා. නිරෝධයටත් යනවා. ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන මේවාත් දකිනවා. මේවා එකක්වත් දැක්කා කියලා ඒ ධ්‍යාන විෂයයේවත්, නිරෝධය ඒ කියන්නේ ආකාසානඤ්චායතනයේ සිට නිරෝධය දක්වා වූ ධ්‍යානයන් ද, රූප විෂයේ හෝ යම් දහමක් වේ ද සියලු ධර්මයන් කෙරෙහි ම උපෙක්ඛාව ම වෙනවා. නිරෝධයටත් උපෙක්ඛාවක් තියෙන්නෙ ඒ අවස්ථාවේ දී.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

tangent.jpg


s_Nirodha/s_Nirodha-02.jpg


s_Nirodha/s_Nirodha-03.jpg


S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-08.jpg