Date: 09/01/2016 Name: Upekka Appamana 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. භයභෙරව සූත්‍රයේ දී සාකච්ඡා කළ h2 කියන එක කුමක් ද යන්න කියන එක විමසුවා. මෝහ අගතියේ ඉඳන් ඉදංසච්ච රේඛාව 270° දක්වා කැරකවෙන්නේ නම් 315° දක්වා යාවී ද? එසේත් නැත්නම් ධාරාව දකුණේ සිට වම දක්වා යෑම පමණක් සිදු වේ ද? ඔන්න සැකයන් අපිට ඇති වෙනවා. Line 7 හා line 6 දෙක එකිනෙකා මගින් cancel වෙනවා නම් ධාරාව දිවීම සඳහා line 5 තිබිය යුතුයි. එසේ වන්නේ නම් line 8 සහ අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව මගින් ධාරාව කියන එක පවත්වනවා. ඉතින් එතන දී අපිට අර diagram එක ඇඳගන්න පුළුවන් ඔය අපි භයභෙරව සූත්‍රයේ දී ඇඳපු ඒ diagram එක, h1, h2 කියන එක. ඉතින් මෙතන විශේෂයෙන් ම පරිදේවය හරහා ඒ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව දක්වා රේඛාව ලකුණු කරගන්න පුළුවන්. එතකොට line 5 ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට, line 6 මෝහ අගතියේ ඉඳන් පරිදේවයට, line 7 පරාමාසයේ ඉඳන් පරිදේවයට, line 8 පරිදේවයේ ඉඳන් භය අගතියට. එතකොට සැකය තියෙන්නෙ අර භය අගතියයි, පරිදේවයයි අතර.

පළවෙනි කාරණය වශයෙන් අපිට බලන්න පුළුවන් ඔය සැකය භය අගතිය දක්වා ගමන් යන්නේ නම් ධාරාව නොගලන බව පැහැදිලි වෙනවා. එනම් line 5 එක හරහා එන අගයන් strong වන්නේ නම් සැකය වැඩි වෙනවා. මෙහි දී h1 වල අගය සලකුණු කිරීම අර වේදනාවේ සිට සඤ්ඤාව දක්වා තියෙන තැනින් තමයි ලකුණු කරගන්න තියෙන්නේ. අන්න ඒ අවස්ථාව වෙනකොට, ඒ h1 >= h2 කියන එක සිද්ධ වෙන්නේ නෑ.

ඊළඟට line 5 වලින් එන අගය, දෙවෙනි කාරණය වශයෙන් බලන්න පුළුවන්, ඉතා කුඩා වෙනවා නම් line 6 වලින් එන අගය, line 7 වලින් එන අගයට වඩා වැඩි වීමෙන් පමණක් ධාරාව ගලනවා. එතකොට ඒ කියන්නේ line 6 >= line 7 value කියන එක. මෝහ අගතියේ ඉඳන් එන එක, ඒක වැඩියි. අපි දන්නවා ඕක අර උද්ධච්චය නිසා සිද්ධ වෙන එක කියලා.

ඊළඟට තුන් වෙනි කාරණයට වෙන්න පුළුවන් තවත් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රමාණයට line 5 එක හරහා අගයන් ගලන්නේ නම්, මෙහි දී line 7 වල value එක >= line 6 value. එහෙම වෙනවා නම් ධාරාව ගලනවා. මෙසේ h2 වල අගය වටහා ගත යුතුයි. ඉතින් මේකේ අදහස කුමක් ද?

පරියුට්ඨානය ඇතත් චේතනා අගයෝ අඩු ය කියන එක තමයි පළවෙනි කාරණාව වශයෙන් අපි දැන් ඔය පෙන් වූ එකේ අදහස. බීමට කැමතියි, නමුත් බීමට දෙයක් නැත. දෙවැනි කාරණාවට වටහා ගන්න ඕනේ රසට කන්න ආසා ඇති වුවත්, ඒ කියන්නේ තණ්හාව තිබුණාට රසට කන ලද දෙයක්, සුභ ලෙස ගත්තා වූ, වින්දා වූ දෙයක් නැත. එහෙමත් නැත්නම් කාමරාග අනුසය කියන එක strong. පරාමාසයේ මේක නෑ. අනෙක් අය කනවා දැකලා ඒ සිතන දෙයක්.

තුන් වෙනි කාරණයට එනවා 47° න් පමණ කැරකැවීමක් සිදු වෙනවා නම්, ඉදංසච්චය සතුටු වෙනවා. එනමුදු line 6 හරහා එන අගය දුර්වලයි. ඒක weak. Line 7 වලින් එකතු කළ යුතු ම ය. ඉතින් මේ වෙලාවෙදි line 5 > line 7 වීම ද විය යුතුයි. ඉතින් අපි බොහෝ විට ජීවත් වන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඒ අවස්ථාවෙ දී අපිට පේනවා line 5 > line 7, line 7 >= line 6 කියන එක, ඒක ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් මේක කළහමත් අර උපෙක්ඛාවේ අප්‍රමාණය කියන එක අර විදිහට ම පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-08.jpg