Date: 10/01/2016 Name: Upekka Appamana 3

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට ම හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ මධ්‍යම ප්‍රමාණයට line 5 හරහා අගයන් ගලන්නේ නම්, එතකොට අපි දන්නවා line 5 > line 7 ඊට පස්සේ >= line 6. එහෙම වන්නේ නම් ධාරාව ගලන ආකාරය ගැන. මෙහි දී මෝහ අගතියෙන් පරාමාසයට යමක් එකතු වන්නේ ද, ඊට වඩා වැඩි අගයක් පරාමාසය තුළින් පිටතට ගැලිය යුතු ය. මේක සිදු වන්නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ කොපමණ ප්‍රමාණයකට පරාමාසගත වීමෙන් ද? ඉතින් මේ අවස්ථාවේ දී කෙනෙකුට diagram එකක් ඇඳගන්න පුළුවන්.

එතනදි අපිට පේනවා, මේ සඤ්ඤාවේ ඉඳන් නාමරූප, පරාමාස, මෝහ අගති රේඛාවක් තියෙනවා. ඉදංසච්ච, පරිදේව, භය අගති රේඛාව, භය අගතියේ ඉඳන් වේදනාවට එන එක. ඉතින් අපිට ලකුණු කරගන්න පුළුවන් වේදනාව මගින් දෙන අගය කියලා වේදනාවේ ඉඳන් පරාමාසය දක්වා එන අගය. ඊළඟට ආපහු ඔය line 6 එක අපි දික් කළහම අපිට පෙන්නනවා, ඒ පරාමාසයෙන් එහා පැත්තට මෝහ අගතිය මගින් දෙන්නා වූ සඤ්ඤා අගයක්. ඒ වගේ ම නාමරූපයේ ඉඳන් පරාමාසය දිසාවට ගමන් කරන්නා වූ සඤ්ඤාව මගින් දෙන අගයක්. ඉතින් මෙතන පේන්නේ මෝහය මගින් සඤ්ඤාව වෙත එළඹ කරන මෝහ අගති අගයට වඩා වැඩි අගයක් සඤ්ඤාව සහ වේදනාව මගින් පරාමාසගත වෙන්න ඕනෙ.

මෙසේ වීමට නම් line 5 හරහා එන අගය භය අගති හරහා දිට්ඨි අනුසය පාර දිගේ වේදනාවට පළමුවෙන් පැමිණෙන්න ඕන. මෙය සිදු වන්නේ line 5 සහ line 7 පළමුව එකතු වීමෙන්. ඒකෙ පථය හැටියට පේන්නේ පරිදේවයෙන් පටන් ගත්තොත්, line 8, භය අගති, එතනින් වේදනා, වේදනාවෙන් නාමරූප, නාමරූපයෙන් පරාමාස වීම.

ඉතින් මේ අවස්ථාව, මේ ගස පැලුණු අවස්ථාව සමඟ සසඳන්නේ නම්, ඒ කියන්නේ 29/12/2015 නිරෝධ සමාපත්ති භාවනාවෙදි අපි නිත්‍ය සංකල්පය බිඳීම සිහි කළ අවස්ථාවේ දී anticlockwise tape එතීම කියන එක සිහි කරන්න ඕනේ. එතන දී ඊළඟට ආපහු අපි ඉගෙන ගත්තා, 31/12/2015 ශ්‍රද්ධා භාවනාව, π අකුරේ ධර්මය. ඒක සිහි කරන්නේ, ඉදංසච්ච පරිදේව, line 5, නොවන්නේ නම් අභිජ්ඣාව සනාථ නොවේ. මෙහි දී පැලුණු ගස විශාල ලෙස පැලුණා යැයි නොසිතිය යුතු ය. නැවතත් පහසුවෙන් repair කිරීමට හැකි වන අයුරින් පැලී ඇත. මධ්‍යම ප්‍රමාණයට ගලනවා කියල නේ කිව්වෙ.

මෙම අවස්ථාවේ දී අභිජ්ඣාව සනාථ කිරීම ඉදංසච්චය මගින් line 5 හරහා පළමුව සිදු වන බව වටහා ගැනීම වැදගත්. ඒක වටහා ගන්න නම් ඒකට උදව් උපකාර වෙන්නේ ඊයේ භාවනාවේ දී දෙවනියට සඳහන් කළ line 5 වල අගය කුඩා අවස්ථාව හොඳින් වටහා ගැනීම. එතනදි අපි කිව්වා රසට කන්න කැමති වුණත් රසට කන ලද දෙයක් නැත කියලා. ඒ කියන්නේ මොකක් ද, මෝහ අගතිය මගින්, ඉදංසච්චය මගින් කියන දේට වඩා වැඩි අගයක් උද්ධච්චය නිසා සපයා දිය යුතුයි. කෙටියෙන් කියනවා නම් මෝහ අගති exceeds ඉදංසච්ච කියන එකයි මෙතනදි පේන්නේ. මේක කොහොම ද සිද්ධ වෙන්නේ අතීත භවයක යමක් විඳ, මෙවැනි භවයන් මගින් රස විඳිය හැකි බව යන අදහස මෝහය තුළ ගැබ්ව තියෙනවා. මෙම භවයේ දී ඒක ලැබිලා නෑ. මෙසේ line 5 සහ line 6 මගින් අභිජ්ඣා වීමට තුඩු දෙන ධර්මයෝ පෙර සිට ම සකසා තිබිය යුතු ය.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.