Date: 11/01/2016 Name: Upekka Appamana 4

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අද අවධානය යොමු වුණේ හාලිද්දිකානි සූත්‍රයත් සමඟ මෙහි තිබෙන සම්බන්ධතාවයට. හාලිද්දිකානි සූත්‍රයේ සුභ, සුඛ, අත්තා කියලා ගත්තට පස්සේ plan එකක් සංකප්පයක් වෙනවයි කියලා අපි දන්නවා. ඒක අත්තවාද උපාදානය දක්වා යන්නේ මුසාවාදයට අනතුරුව, දිට්ඨි උපාදානය අභිනිවේසය හරහා සිදු වන බව අපි ඉගෙන ගත්තා. මුසාවාදය ඉදංසච්චය ලෙස සලකන්නේ line 5 එක හරහා පෙර අභිනිවේස වූ පරාමාසගත වූ සංස්කාර අගයෝ භය අගති, වේදනා, නාමරූප වන්නේ ඒක මගින් නාමරූප, චේතනා, පරාමාස triangle එක anticlockwise එතීම මගින් දිට්ඨි උපාදානය කියන එක ඇති වෙනවා.

ඉතින් මේ අවස්ථාවේ දී කෙනෙක් ඇඳගන්න ඕනේ අර diagram එක නාමරූපයේ ඉඳන් පරාමාසයට, පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, ජීවිත ඉන්ද්‍රියෙන් ආපසු චේතනාවට ගිහිල්ලා අර anticlockwise එතෙනවා කියන එක. එතකොට ඒකෙ චේතනාවයි, පරාමාසයයි අතර දිට්ඨි උපාදානය කියන එක ලකුණු කරගන්න ඕන. ඉතින් මෙතන අපි දන්නවා ධර්මයෝ. අර නාමරූපයෙන් පරාමාස වුණා, ඊට පස්සේ අභිජ්ඣා, ජීවිත ඉන්ද්‍රිය දක්වා යන කතාව, ඊට පස්සේ අර විඤ්ඤාණ පච්චයා නාමරූපං, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියලා, අර එතෙන හැටි අපි ඉගෙන ගත්තා.

එහෙම නම් ඒ පැලුණු ගස පවතී යැයි කියලා දැන් හිතනවා. මේ සඳහා නැවතත් plan කරනවා. නොපැලෙන අයුරින් පැවැත්වීමට උත්සාහ කරනවා. නමුත් තෙරපීම, පීඩනය කියන එක ඇති වෙනවා. කෙසේ plan කරයි ද? දිට්ඨි උපාදානයක් වේ ද, එය මගින් ඇති වෙන්නා වූ දිට්ඨින් මගින් ඇති වන අත්තානු දිට්ඨියක් වන්නේ ය. ඉතින් මේ වෙලාවෙදි කෙනෙක් ලකුණු කරගන්න ඕනේ දැන්, අපි දිට්ඨි උපාදානය අපි ලියාගත්ත නේ, චේතනාවයි, පරාමාසයයි අතර. එහෙම නම් දැන් අර භය අගතියේ ඉඳන් චේතනාව දක්වා ම අපි ලියාගන්න ඕනේ අර “රූපවන්තං වා අත්තානං.” ඊට පස්සේ අපි අර වේදනාව හරහා ජාතියට යන රේඛාවයි, චේතනාවේ ඉඳන් භය අගතියේ ඉඳන් වේදනාව හරහා රූපයට යන රේඛාවයි, ඒ cross එක ගත්තා, එතනින් එනවා “රූපං අත්තතො සමනුපස්සති” අර form as self කියලා ගන්නේ රූපය තමා කියලා, එතෙන්ට ඒ කෑල්ල එනවා. ඊළඟට අත්තානුදිට්ඨිය කියන එක විඤ්ඤාණ මෝහ අගති පාරේ ලකුණු වෙනවා.

මෙම අත්තානුදිට්ඨිය තුළ යම් සංකල්පයක් plan එකක් පෙර ඔඩු දුවා බැසගෙන තිබුණා ද, පෙරට වඩා හොඳ දෙයක් සෑදීමට සිතනවා. හොඳ නහයක්, හොඳ රූපයක්, අනාගත කාලයේ මෙහෙම වේවා කියලා. මේ විදිහට සුභ, සුඛ, අත්තා, plan කියන එක ඇති වෙනවා. සංකල්පය, අත්තවාද උපාදානය වන්නේ කෙසේ ද? සංකල්පයක් පවතී යැයි සිතුවා ද, එමගින් ඇති වන්නා වූ අවිද්‍යා ආශ්‍රවයෝ ඇත. අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව වන්නේ, අර වම් කෙළවරේ බිත්තියේ වැදිලා රාග සල්ලය හරහා අපි අර නිරෝධ භාවනාවේ දී ඉගෙන ගත්ත නේ රූපය ස්පර්ශ කරනවා කියලා. ඒ වගේ ම කාම ආශ්‍රවයෙන් ජාතියට ඇවිල්ලා වේදනා චේතනා වෙනවා. එතකොට රූපයේ සිට චේතනාව දක්වා සියලු ධර්මයෝ මුළු ලෝභය සමඟ ම අත්තවාද උපාදාන වන්නේ ය.

ඉතින් මෙතනදි අපිට පේනවා අර රූපයේ ඉඳන් චේතනාව දක්වා ම යනවා. ඊට පස්සේ මේ ජාතියේ ඉඳන් රූපය. එතකොට එහෙම නම් ජාති, වේදනා, චේතනා රේඛාව. ඒකෙ ඇතුළේ තියෙන ඔක්කොම ධර්මයන් ඒ ලෝභය නිරූපණය කරන කොටස නේ ඔය triangle එකෙන් පේන්නේ. ඒ සම්පූර්ණයෙන් අත්තවාද උපාදාන වෙනවා.

භාවනාව අවසානයේ දී, මුසාවක් ඇත්නම් ධාරාව ගලන්නේ ය. මුසාව නැත්නම් ධාරාව නොගලන්නේ ය යන්න මනා කොට වැටහුණා. මේකට පෙර අධික ශ්‍රද්ධාවකුත් අධික ප්‍රඥාවකුත් ඇති වුණා. ඉතින් මේ භාවනාව සිහි කරනකොට කෙනෙක් කල්පනා කරන්න ඕනේ, අර අත්තා යන දිට්ඨිය පරාමාසගත වීමෙන් පස්සේ බිඳිලා ගිය අවස්ථාව. එතනදි අර පරාමාසයෙන්, ඉදංසච්චයට ගිහිල්ලා ඉදංසච්චයේ ඉඳලා line 5 හරහා එනවා. අපි මෙතැන කියනකොට ම මේක අදහස් වෙනවා මේ දේවල්.

ඊළඟට දෙවනියට කල්පනා කරන්න ඕනේ, අර නිත්‍ය සංකල්පය බිඳුණට පස්සේ ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට ඇවිල්ලා පරාමාසයෙන් පහළට line 7 කියලා එනවා. ඔය ඊයේ භාවනාවේ දී පෙන්නන්නේ line 5යි, line 7යි එකතු වෙලා කරන වැඩේ නේ. එහෙනම් මේ දෙකේ එකතුව වශයෙන් මේ ධර්මය වටහා ගන්න ඕනේ. බොහොම ප්‍රබල භාවනාවක්.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_abhinivesa.jpg