Date: 12/01/2016 Name: Upekka Appamana 5

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ පූජාවෙන් පස්සේ ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාවෙන් පටන් ගත්තා. අද භාවනාවේදි බැලුවේ අත්තා යන සංකල්පය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද කියන එකයි.

ඉතින් අපිට මතකයි පරාමාසයේ ඉඳන් උඩ අතට අපි අත්ත සඤ්ඤාව ලියාගත්තා චේතනාව දක්වා, චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අත්ත සංකල්පය, ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට ඒ අත්තා කියන දිට්ඨිය. එතකොට මෙතන බලන්න මේ අත්ත සංකල්පය බිඳුණොත් මොකද වෙන්නේ කියලා. යම් අත්ත සංකල්පයක් වී ද, එය බිඳී යා ද, එහි ඇති යම් ගැම්මක් ජීවිත ඉන්ද්‍රියගත වන්නේ, අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් විඤ්ඤාණ ධාරාව දෙපැත්තකට ගැලීම සිදු වන්නේ ය. එනම් පළමුව වමේ සිට දකුණු දිසාවට පැමිණීමක් වූවා ද නිත්‍ය සංකල්පයට තුඩු දෙන අයුරින් පරාමාස, චේතනා, ජීවිත ඉන්ද්‍රිය, පරාමාස triangle එක කැරකැවීම කියන එක සිද්ධ වෙනවා. යම් විඤ්ඤාණයක් හටගත්තා ද එය ඉදංසච්චයට කඩා වැටෙන්නේ, එමගින් line 5 හරහා ධාරාවක් ගලයි. මෙය රාග සල්ලය දක්වා දිවීම ප්‍රතිලෝම වශයෙන් දිවීම වෙයි. මෙහි දී නිත්‍ය සංකල්පය බිඳුන අවස්ථාවේ දී ඉගෙන ගත් ධර්මයට වඩා වෙනසක් ඇත.

ඒ කුමක් ද? මෙතනදි අපිට පේනවා අර චේතනා, ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රියෙන් ඉදංසච්චයට එන්නා වූ රේඛාවක් එනවා. ඊළඟට විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එන රේඛාවක් තියෙනවා. දැන් ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට යනවා. ඉදංසච්චයට විඤ්ඤාණය නිසා යම් අගයක් පැමිණියේ ද චේතනා, ජීවිත ඉන්ද්‍රිය අගයෝ ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය අගයන් හා එකතු වී ඉදංසච්ච, පරාමාස වීම සිදු වෙයි. මෙසේ සිදුවීමට නම් පෙර යම් අදහසක් ඉදංසච්චය මගින් අනුමත කර තිබිය යුතුයි. උදාහරණ වශයෙන් යම් රූපයක් නිසා තමා පවතිනවා යන සංකල්පයක් පෙර වී ද එය පසුව බිඳී යා ද එනමුදු විඤ්ඤාණය විසින් තමා පවතිනවා යන සංකල්පය ඇති වූ අවස්ථාවේ දී ඉදංසච්චය එය අනුමත කළා ද අන්න එයයි. උදාහරණයකට කියනවා නම් ගැහැණු දරුවකු පිළිසිඳ ගන්නේ, ගත්තේ යැයි දැනගන්නේ ද, පසුව පරීක්ෂා කරන්නේ ඒ එසේ නොවී ද, පළමුව ඇති වුණා වූ සංකල්පයෝ තවමත් මනසේ සැරිසරයි. මෙය නිත්‍ය සංකල්ප බිඳුන පසු, සාකච්ඡා කළ ඒ කියන්නේ අර දෙවෙනි අවස්ථාවේ දී සාකච්ඡා කළ ධර්මය ලෙස සිතිය යුතු ය. මෙය පරාමාසය හූරා ගැනීම ලෙස සිතිය යුතු ය.

මෙම අවස්ථාව නැවතත් සිහි කරනවා නම් අර දෙවෙනි අවස්ථාව, එතනදි අපි ඉගෙන ගත්තා ඉදංසච්ච, පරාමාස, නිසා line 7 වීමත් ඒක මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීමක් මගින් පරාමාස line 7 පරිදේව, පරිදේව line 8 භය අගති, භය අගතියෙන් වේදනාව, වේදනාවෙන් නාමරූප, නාමරූපයෙන් පරාමාසය, ඒක පළමුව සිදු වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාවට කිව්වා, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූපය ස්පර්ශ කර සඤ්ඤා, නාමරූප, පරාමාස, line 7, පරිදේව වීම දෙවනුව වන්නේ පෙර පැවැතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. එනම් දරුවකු නැවත සෑදිය හැකි යැයි සිතයි.

ඉතින් මේ භාවනාව අවසානයේ දී ඒ සත්වයෝ ජරාවට කැමති වෙලා ජරාව නිසා ම විලාප දෙන්නේ යැයි කියලා අවබෝධ වුණා. ඉතින් මේ ස්ථානයේ ම අතීත භවයන් හතක් විතර මේ වේලාවේ දී දුටුවා. ඒ උපෙක්ඛාවෙන් තමයි හිටියෙ.

ඒක තමයි මං කරපු භාවනාව.