උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේදි බැලුවේ අර අත්ත සඤ්ඤාව චේතනා වීමෙන් පසුව බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි. ඉතින් එතකොට අපිට පේනවා diagram එකක් වශයෙන් ලකුණු කරගන්නවා නම්, සඤ්ඤාවේ ඉඳන් චේතනාව කියන එක දක්වා තියෙනවා නාමරූපයේ ඉඳන් උඩට h1 කියන අගය. අත්ත සඤ්ඤාව කියන එක පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අපි ලකුණු කරනවා. ඉතින් මෙන්න මේ අත්ත සඤ්ඤාව තමයි බිඳුණේ. ඉතින් මෙතන මේ අවස්ථාවේ දී අපි දන්නවා ඔය h1 වල අගය, h1 >= h2 වෙනවා නම් ධාරාව ගලනවා කියලා අපි දන්නවා.
මේක කොහොම ද සිදු වන්නේ? සඤ්ඤා චේතනා වුවහොත් විඤ්ඤාණය වන බව අපි දන්නවා. එවන් වූ විඤ්ඤාණයක් මගින් පදුට්ඨමනසඞ්කප්පය හරහා පරාමාසගත වීමක් සිද්ධ වෙනවා. එතකොට එහෙම නම් අර diagram එකේ අපිට පේනවා ජීවිත ඉන්ද්රිය ඉඳන් පදුට්ඨමනසඞ්කප්පයට එනවා. ඒ විඤ්ඤාණය හරහා එන්නා වූ එක. එතකොට ඒ පදුට්ඨමනසඞ්කප්පයෙන් පරාමාස වුණහම දැන් ඉදංසච්චයට ආවා. ඒක තමයි පළමුවෙන් ම සිදු වෙන්නේ.
දෙවනුව, යම් විඤ්ඤාණයක් කඩා වැටුණා ද එමගින් ඉදංසච්චය වීම නිසා ඇති වෙන්නා වූ දුර්වල අගයන් line 5 එක හරහා ගලනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඉදංසච්චයේ ඉඳන් පරිදේවය දක්වා ගලන්නා වූ දෙයක් තියෙනවා. ඒක තමයි දුර්වල වෙච්ච සුභ සඤ්ඤාව. පරාමාසය තුළ වූ පෙර අත්ත සඤ්ඤාව line 7 හරහා ගලනවා. මෙය බිඳී ගිය නිසා ඒකත් දුර්වලයි. එසේ නම් මෝහය නිසා line 6 හරහා ගලන්නා වූ අගය මගින් ධාරාව පවත්වනවා.
ඉතින් මේ වෙලාවෙදි, line 6 වල අගය >= line 7. මේකට උදාහරණ වශයෙන් අර රසට කන්න ආසා ඇති වුවත් රසට කන ලද දෙයක් සුභ ලෙස ගත්තා වූ දෙයක්, වින්දා වූ දෙයක් නැත. කාමරාග අනුසය strong. පරාමාසය තුළ සුභය නැත. නමුත් එවැනි දේ පෙර විඳින ලද, ඒ කියන්නේ පෙර භවවල හරි විඳින ලද අත්තෙක් ඇත. මෙසේ අසරණයෙකුව ජීවත් වන්නේ ය. සිත සන්තාපයට පත් වී ජීවත් වේ. සතුට නැත, සුසුම් හෙලන්නේ ය. සෝකය ඇත, අනෙක් අය කනවා දැක සිතන පුද්ගලයකු විදිහට තමයි අපි බලන්න ඕනේ.
අර මනෝමය කයෙන් සිටින අයෙකුට ද මෙය සාධාරණය. එතකොට එහෙම නම් ඔය line 6 හරහා එන්නේ සුඛ කියන සංකල්පය. ඒක තමයි අර ලොකුවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මරණ මොහොතක මේ තුන් අගයෝ නැති ද, එය නිර්වාණයයි.
ඉතින් ඒක නිසා ඔය අතීත භවවල ඒ වචන, ශබ්ද, කතා කරන දේවල්, ඒවා හිටන් මෙතනදි දැනගන්න පුළුවන්කම ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.