Date: 14/01/2016 Name: Upekka Appamana 7

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේදි විශේෂයෙන් බැලුවේ නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණගත වීමෙන් පසුව බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද කියන එකයි.

ඉතින් මේ වෙලාවේදි අපිට diagram එකක් හැටියට එනවා, අර පරාමාසයේ ඉඳන් චේතනාවට a අත්තා, අත්තා සඤ්ඤාව, චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට b අත්තා කියන චිත්ත විපල්ලාසය, ඊට පස්සේ අපි දන්නවා c ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට අත්තා කියන දිට්ඨි විපල්ලාසය. එතකොට ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණය දක්වා යන එක අපි ආපහු a කියලා ලියාගන්නවා නිත්‍ය සඤ්ඤාව.

දැන් එතකොට විඤ්ඤාණයේ ඉඳන් පල්ලෙහාට රේඛාවක් අඳිනවා ඉදංසච්චයට. ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට line 5 කියන එක එනවා. පරාමාසයේ ඉඳන් line 7 පරිදේවයට එනවා. එතකොට ඒකේ අර අත්තා කියන දිට්ඨිය එනවා. එතකොට මෙතන නිත්‍ය සඤ්ඤාව නිසා වූ උද්ධච්ච ස්වභාවය ඇත්තේ line 5 හරහා ධර්මයෝ ගැලීම පළමුව සිද්ධ වෙනවා. දෙවනුව නිත්‍යයි හැඟීම් ඇත්තේ එය නිසා වූ පදුට්ඨමනසඞ්කප්ප අගයෝ පරාමාසගත වන්නේ පෙර පරාමාසගත වූ අත්තා කියන දිට්ඨි විපල්ලාසය අවුස්සමින් line 7 හරහා ධර්මයෝ ගලයි. එනම් අත්ත දිට්ඨිය ම line 7 හරහා ගලනවා. Line 5 හරහා ගමන් කරන්නේ සුභ සහ සුඛ යන සඤ්ඤා අගයෝයි.

මෙහි දී line 6 අගයන්ගේ ගැලීම කෙසේ ද? පෙර පරාමාස වූ ධර්මයෝ පරිදේවය දක්වා පැමිණෙන්නේ, line 7, line 5 එකතු වී line 8 හරහා ධර්මය ගලන අතරවාරයේ මෝහ අගයෝ line 6 හරහා පරිදේවය කරා පසුව පැමිණෙනවා. සුඛ යන සඤ්ඤා තවමත් පවතී. මෙය line 5 > line 7 >= line 6 අවස්ථාවට සමාන වෙනවා. එනම් මධ්‍යම ප්‍රමාණයට ධර්මයන් line 5 හරහා ගලන අවස්ථාවට සමානයි.

තමා විසින් කරන ලද ක්‍රියාවලියක් තමාට විශ්වාස නැති අවස්ථාව, sure එකක් නැති අවස්ථාව, මෙහි දී උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. අන් අයගෙන් එම ක්‍රියාවලිය අනුමත වීමක් තවම සිදු වී නැත. ඒ නිසා වූ සැක ඇත්තේ ය. නමුත් තමා එය කරන ලද නිසා නිත්‍ය සඤ්ඤාව බිඳී ගියත්, මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද යැයි කියලා සැක පහළ වෙනවා. මෙසේ භාවනාව දැන කරන්නේ, මේ විදිහට කළාට පස්සේ කෙනෙක් පටන් ගත්තොත් මේ භාවනාව දැනගෙන, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, කියලා එහෙම හිතනකොට එකවරට ම මේ අත්තවාද උපාදාන ධර්මයට අපි දන්නවා මේ ජාතියේ ඉඳන් චේතනාව දක්වා එන රේඛාවෙන් වම් අත පැත්තේ අර රූපය දක්වා ම තියෙන සියලුම ධර්මයෝ, ලෝභයත් එක්ක ම අත්තවාද උපාදාන වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ සියලුම ධර්මයන් ඇතුළු වෙන බව දන්නේ, මෙම අත්තවාද උපාදානය ම සනාථ කරන බව වැටහෙනවා. පරාමාසය හරහා අත්තා දිට්ඨියත්, ඉදංසච්චය හරහා පෙර අත්තවාද උපාදාන වූ සුභ, සුඛ සඤ්ඤා ගැලීමත් වන බව වැටහෙනවා.

තවත් විමසනකොට අවිද්‍යා යෝගය අමතක නොකළ යුතුයි. පෙර, සුඛ යන අදහස නිසා අවිද්‍යා යෝගය මගින් සුඛ යන අදහසින් සත්වයා සංසාරයේ යවනවා කියන එක වැටහුණා. එසේ නම් මෝහ අගතිය හරහා සුඛ යන අදහස අවිද්‍යා යෝග අගයන් ලෙස ම ගලනවා. මෙහි දී අර පටු corridor එකක් දුටුවා. නාග ලෝකයට යන බවට හැඟීම් ඇති වුණා. ඇයි එහි යන්නේ? ඒ සුඛ නිසා යන අදහස ඇති විය. සුඛයක් නැති යැයි සිතන්නේ සිත නතර වේ. අනාශ්‍රව වේ. ඉතින් මේකේ හරියට ම පේනවා දැන්, අර විඤ්ඤාණ ආහාර පාරේ නිත්‍ය කියන සඤ්ඤාව කියන එක, අත්තවාද උපාදානය ඊළඟට, carrom ඉත්තා එතනට ගහලා නතර වෙලා ගියා වාගෙ නේ මේ පෙන්නන්නේ. ඊට පස්සේ, අත්තවාද උපාදානයේ ඉඳන් ඉතින් අවිද්‍යා යෝගයට ගිහිල්ලා පල්ලෙහා පැත්තෙන් එනවා. අතන පරාමාසයේ තියෙන දිට්ඨිය අවුස්සමින් ඒක එනවා. ඒක තමයි මෙතන අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.