Date: 15/01/2016 Name: නිරෝධ

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරන්නේ යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අද භාවනාවේදි බැලුවේ, අර ඊයේ අපි ඉගෙන ගත්ත නේ පරාමාස, ඉදංසච්ච, භය අගති, මෝහ අගති කියන square එක. ඒකෙ line 5 එකෙන් එනවා සුභයි, සුඛයි කියන එක, line 6 එකෙන් සුඛයි කියන එක එනවා, line 7 එකෙන් අත්තා කියන දිට්ඨි විපල්ලාසය. ඉතින් ඒකෙන් line 8 එක හරහා භය අගති වෙන හැටි ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ ඒ පරිදේවය දක්වා ඒ ඉගෙන ගත්ත ධර්මයන් line 5, line 6, line 7 හරහා කිසිදු ආකාරයකින් නොගලන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි මම මෙහි දී මෙනෙහි කළේ.

ඉතින් මේ වෙලාවෙදි, එකවර ම මම දැක්කා මේ ගර්භාෂයට ඇදී යන අවස්ථාවක්. ඒ කියන්නේ පෙර පුරුද්දක් නිසා, පූර්ව කර්මය නිසා බොහෝ කලක්, ඒ කියන්නේ “ගබ්භා ගබ්භං ගමිස්සති” කීම නිසා සිදු විය හැකි යැයි කියලා වැටහුණා. පූර්ව කර්මය බලවත්. මෙහි දී චේතනා, නාමරූප, පරාමාස ධර්මයන් මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා. චේතනා නොවීමට සඤ්ඤා නොවිය යුතුයි. පෙර ගත්තා වූ යම් සඤ්ඤාවක් වේ ද, එහි නිරෝධය හොඳින් දැන ගත යුතුයි.

මෙසේ සංස්කාර ද නොවන්නේ නම්, සඤ්ඤා නතර වන්නේ නම්, ද්වයතානුපස්සනා සූත්‍රයේ හැටියට “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරොධනා, එවං දුක්ඛක්ඛයො හොති එතං ඤත්වා යථා තථං” ඒ ගාථාව, ඒ සියලු ධර්මයන් ගැලීම කියන එක නැවැතිය හැකි ය. මෙන්න මේ විදිහට සබ්‌බසඞ්‌ඛාරසමථා ගාථාව වටහා ගත යුතුයි.

ඉතින් මේකේ තියෙන්නේ අර නාමරූප, චේතනා, පරාමාස අන්න ඒක නිසා මේ එතන ඇති වෙන අත්තා, අත්තානුදිට්ඨිය ඇති වෙලා එතනින් අර විඤ්ඤාණයේ ඉඳන් ඒ මෝහ අගතිය දක්වා වෙන ඒ අත්තානු දිට්ඨියේ වෙන ඒ සඞ්‌ඛාර සමථය අර ඉස්සෙල්ලා කිව්ව විදිහට කල්පනා කරන්න ඕනේ.

ඒක තමයි මං කරපු භාවනාව.