Date: 16/01/2016 Name: අනාශ්‍රව චිත්ත

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේදි බැලුවේ, ඊයේ භාවනාව අවසානයේ දී අත්තානුදිට්ඨිය දක්වා ගමන් කළ පසු පහළ සංස්කාර නවතී නම්, එනම් line 5, සුභ, සුඛ සඤ්ඤා නොවන්නේ, line 7, අත්තා දිට්ඨි නොවන්නේ, line 6, සුඛ යන සඤ්ඤා නොවන්නේ නම්, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව නොවේ. මෙසේ වීමට නම්, අපි දන්නවා අර අනාශ්‍රව චිත්තයෙදි අපි සාකච්ඡා කළා රූප, වේදනා, චේතනා, tea cup එක ඇතුළේ සඤ්ඤාව තියෙනවා, හැන්දේ කෙළවර වාගේ විඤ්ඤාණය තියෙනවා. චේතනාව නැති වෙන්න ඕනෙ, එහෙම වෙන්න නම් චේතනාව නැති වෙන්න ඕනේ. එය නැති වීමට සඤ්ඤාව නැති වෙන්න ඕනෙ. නමුත් විඤ්ඤාණයක් පවතී. ධාරාව නොගලයි. Knowledge instance එකක් පමණක් පවතී.

පහළ සංස්කාර නොවීමට තමා අසා තිබෙන ධර්මයක්, උදාහරණයක් වශයෙන් තමන් කරලා නැති නමුත් psychic powers ගැන අහල තියෙන දෙයක්, ඒ වගේ කෙරෙහි වුවත් කිසිදු ආකාරයකින් සඤ්ඤා නොවිය යුතුයි. නොසෙවිය යුතු ය. යමක් ඉදංසච්චගත වී ඇති ද පරාමාසය තුළ එය නොවී ද එවැනි ධර්මයක් විඳ නැති ද මේවා කෙරෙහි උපෙක්ඛාව ම පැවතිය යුතු ය. මේ සමඟ ම ඉතා ම සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා. යමක් කිරීමට නැති නිසා ය. ආශ්‍රව නැති නිසා ය. මෙසේ knowledge instance පමණක් පවතින අවස්ථාව විය. Present moment එකේ රූප, වේදනා, සඤ්ඤා අගයන් දියුණු කිරීමක් ද නැත. නමුත් රූප, වේදනා, චේතනා අගයෝ හොඳින් දනී. මෙසේ අනාශ්‍රව චිත්ත අවස්ථා වේ වාසය කළ හැක. භාවනාවේ දී නිරෝධය ඇති වීමත්, අනාශ්‍රව චිත්ත සහගත සිටීමත් සිදු විය. අතීත භවයන් ද දුටුවා.

ඒක තමයි මං කරපු භාවනාව.