Date: 18/01/2016 Name: උපෙක්ඛා අප්‍පමාණ

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි බැලුවේ අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද කියන එකයි. ඉතින් අපි ඔතෙන්දි දන්නවා අර පරාමාස, චේතනා, එතන අත්තා සඤ්ඤාව අපි a කියලා ලකුණු කරගන්නවා, b අත්තා යන චිත්තය චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, c ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසය දක්වා අත්තා කියන දිට්ඨිය.

එතකොට මෙම අවස්ථාව අත්ත සඤ්ඤා චේතනා වී බිඳුන විට සිදු වෙන ක්‍රියාවලියට අනතුරුව සිදු වෙන බව වටහා ගත යුතුයි. එනම් line 5 weak අවස්ථාවට වඩා වැඩියෙන් ගලන බව වටහා ගත යුතුයි. මධ්‍යම ප්‍රමාණයට ගලන නිත්‍ය සඤ්ඤා අවස්ථාවට වඩා අඩුයි. මේ දෙක අතර බව වටහා ගන්න ඕනෙ. මෙහි දී line 5 දුර්වල වූ අවස්ථාවේ දී සහ පෙර වැඩියෙන් ගලන අවස්ථාවේ දී යන අවස්ථා දෙකේ දී ඇති වූ අත්තවාද උපාදාන ධර්මයෝ ආධාර උපකාර ඇතිව ම ධර්මයන් ගලයි. මේ ජලාශයකට යම් ජලයක් ගලාගෙන එන්නේ ද, යම් ජලයක් පිටවන්නේ ද, මේ දෙකේ අඩු වැඩි අනුව වෙනස්කම් පවතිනවා. සමාන වන අවස්ථාවන් පවතිනවා. සමාන වන අවස්ථාව psychic power අවස්ථාව වන බව දැනගෙන සිටිය බව භාවනාවෙදි හොඳින් විද්‍යාමාන විය. කුමක් නිසා ද? පෙර එවැනි දේ කර ඇති නිසා වූ අත්තවාද උපාදාන ධර්මයෝ ගැලීම මගින් මේක දැනගත්තා.

ජලාශය අත්තවාද උපාදාන. ජලය ගැලීම, අත්ත සඤ්ඤා, චේතනා වීම මගින් වන ක්‍රියාවලිය ලෙස සැලකිය යුතුයි. අර balance වන අවස්ථාව සිහි කරන්නේ, ඒ දෙව් ලොව සිටින දෙව්වරුන්ගේ කායවල් දුටුවා, ඒ වගේ ම ස්ථානයන් කීපයක් දුටුවා.

ඒක තමයි මං කරපු භාවනාව.