ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමති වෙනවා. ජරාවට හරායති. නන්දිය මැරී ඉපදීමට ඇති කැමැත්ත. ඉපදීම වුවහොත් නැවතත් ජරාවට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා. එහෙනම් ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය අත්තායි ගත් පසු ඇති වෙනවා, එයින් සෑදෙන විඤ්ඤාණය මගින්, පදුට්ඨමනසඞ්කප්පය අපි දික් කළොත් ජරාව දක්වා පැමිණෙනවා. ජරාවට ජිගුච්ඡති. මේ විදිහට ඉතින් අසම්පජානකාරීත්වයේ ඒ ජරාවේ ඉඳන් තියෙන එක වේදනාවටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති. ඕක කැරකීමෙන් ඇති වෙන්නා වූ ඒ අන්තිමට රාග අනුසය පාර දිගේ අපි දන්නවා එතන ඒ ඇති වෙන අත්තවාද ධර්මයන්, උපාදාන ධර්මයෝ දක්වා සියලුම දේවල්වලට අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ගත්තා.
එහෙම බැලීමෙන් පස්සේ අර ලාභමච්ඡරිය විමසූ අවස්ථාවෙදි අත්ත සඤ්ඤාවට ජිගුච්ඡති වෙනවා බව අපිට වැටහෙනවා. මේක පරාමාසගත වෙලා දිට්ඨියක් වශයෙන් line 7 හරහා එන අත්ත දිට්ඨියට ද ජිගුච්ඡති කියලා ගත්තා. දැන් අත්ත සඤ්ඤාව අපි දන්නවා ඒ අවස්ථාවෙදි අර කුඩාවට ගලන අවස්ථාව කියලා. එතකොට ඒක අන්තිමට ගිහිල්ලා අර මධ්‍යම ප්‍රමාණයේ කරන අවස්ථාවට ඒ සඳහා සිහි කළා. එහෙනම් line 5, හරහා සුභ සුඛ සඤ්ඤාවන්ට ලැජ්ජා විය යුතුයි, හරායති. එතකොට line 7 එකට අපි එන එක අත්ත දිට්ඨියට ජිගුච්ඡති. අනිත් පැත්තෙන් ඉදංසච්චයේ ඉඳන් එන එකට සුභ සුඛ සඤ්ඤාවන්ට ලැජ්ජා වෙන්න ඕනේ, හරායති. ඊළඟට line 6 හරහා ගලන සුඛයට අට්ටීයති. මෙසේ සුඛය මගින් ම පීඩාවට පත් වෙන බවත් line 5 හරහා weak අවස්ථාවේ සිට line 5 හරහා strong අවස්ථාව දක්වා වූ යම් ධර්මයක් ගලයි ද, අනුපිළිවෙළින්, අපිට පේනවා, එහෙම නම් දැන් අපි ඇඳගත්තොත්, diagram එක පරාමාසයේ ඉඳන් මෝහ අගතියට, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට, ඒ රේඛා දෙක කැපෙන තැන, එතකොට line 7 වලදි අපි ලියාගන්නවා, දුර්වල වූ අත්ත සඤ්ඤාවේ සිට අත්ත දිට්ඨිය දක්වා ධර්මයෝ ජිගුච්ඡති. Line 5 වලට අපි ලියාගන්නවා, ඉදංසච්චයේ ඉඳන් එන එක, දුර්වල වූ සුභ සඤ්ඤාවේ සිට සුභ සුඛ සඤ්ඤා දක්වා ම ධර්මයෝ හරායති. ඊළඟට line 6 වලින්, මෝහ අගතියේ ඉඳන් එන එක, සුඛ සංකල්පයන්ගේ සිට සුඛ සඤ්ඤා දක්වා ධර්මයෝ අට්ටීයති.
දැන් මේක reverse order එකට අපිට පේනවා අට්ටීයති, හරායති, ජිගුච්ඡති එහෙම නැත්නම් ජිගුච්ඡති, හරායති, අට්ටීයති. මෙසේ බලන්නේ සති ඉන්ද්‍රිය කියන එක අධික විය. මෙය ප්‍රඥා ඉන්ද්‍රිය සමඟ balance කිරීමෙන් අතීත භවයන් හොඳින් සිහි කළ හැකි ය. තව ද “මෙසේ දැන මෙම ධර්මයන්ගෙන් මනා කොට ඉවත් වන්නේ නම් මෙය දෙවන ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවරයි” කියලා රහතන් වහන්සේ පැවසුවා.
ඒක තමයි කරපු භාවනාව.