Date: 20/01/2016 Name: Anasawa Citta

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අද භාවනාවෙදි විශේෂයෙන් බැලුවේ ධර්ම කාරණා තුනක්. පළවෙනි කාරණාව තමයි ධර්මය ගලන අවස්ථාවේ දීත්, ධර්මය නොගලන අවස්ථාවේ දීත් වෙනස. ධර්මය නොගලන අවස්ථා දෙකක් තියෙනවා. ඒක තමයි පළවෙනියට කියන්න පුළුවන්, අනාශ්‍රව චිත්තය. දෙවෙනියට කියන්න පුළුවන් විඤ්ඤාණ ධාරාව ගැලීමට තුඩු දෙන්නා වූ අරමුණ significant නොවීම නිසා ගැලීමක් නැති කියන එක. එතකොට අනාශ්‍රව චිත්ත අවස්ථාවෙ දී knowledge instance එකක් පමණක් වෙනවයි කියලා දැනගෙන වාසය කරනවා. අරමුණ significant නොවන්නේ නම්, වෙන අරමුණක් මනසින් හදා ගනිමින් වෙනත් අරමුණක සිත රඳවා දිවීම කරනවා. මෙහි දී ද චේතනා අගයෝ කුඩා බව වටහා ගත යුතුයි. චේතනා වීමට, වට පහක් අවශ්‍ය බව අපි ඉගෙනගෙන තියෙනවා. මෙසේ මනස මගින් කරන ක්‍රියාවලිය නතර වන්නේ නම් ඊයේ භාවනාවේ අවසානයට සඳහන් කළාක් මෙන් දෙවන ආශ්චර්ය අද්භූත ධර්මයන්ගේ කෙළවර දැකිය හැකි ය. ඉතින් මේ කොටස භාවනා කිරීමෙන්, අනාශ්‍රව චිත්තය ද, නිරෝධය ද කියන එක ඇති වුණා. මිනිත්තු විස්සක් පමණ මේ විදිහට හිටියා.

දෙවැනි කාරණාවට බැලුවේ මෙසේ සිටීමෙන් අනතුරුව, line 6 හරහා වන ධර්මයන් සුඛ සංකල්පයේ සිට සුඛ සඤ්ඤා ධර්මයට සිත යොමු වුණා. සුඛ සංකල්පය නිසා අපි අරමුණුවලට සිත දුවවනවා. මෙසේ line 5 දුර්වල වූ අවස්ථාව කියන එක මනා කොට වැටහෙනවා. මෙතැනදි තේරෙනවා “සංකප්ප රාගො පුරිසස්ස කාමො.” ඒ සුඛ සංකල්පය නිසා නේ මේ දුවන්නේ. එතනින් තමයි මේක පටන් ගැනීම කියන එක. එතකොට දැන් belt එක කරකවනවා. මොන belt එක ද? අර රූප වේදනා ගිද්ධිලෝභ, කාමච්ඡන්දය සහගත වූ belt එක. සංකල්පයන්ට රාගය ඇති වෙලා ඉතින් ඒ කාමය කැරකෙනවා. එතකොට මේ විදිහට චේතනා ඇති කරගන්නවා. මේක තමයි දෙවෙනි කාරණය.

තුන් වෙනි කාරණයට අර ගාථාව ආවා. “සුඛො විවෙකො, තුට්‌ඨස්‌ස සුතධම්මස්ස පස්සතො, අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො, සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො, අස්මිමානස්ස යො විනයො එතං වේ පරමං සුඛං.” අපි ඕක සාකච්ඡා කරලා තියෙනවා ඔය චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ. ඉතින් මේකෙ මේ පද තුන මේ line 5, 6, 7, කියන ඒවත් එක්ක සම්බන්ධ වෙලා වැටහුණා. එතකොට අපි දන්නවා ඔය line 5 හේ තියෙනවා දුර්වල වූ සුභ සඤ්ඤාවේ සිට සුභ සුඛ සඤ්ඤා දක්වා ධර්මයෝ, හරායති කියලා ගත්තෙ ඒකට. අන්න ඒක තමයි අර, “අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො” කියන එක ගන්න ඕනේ. ඊළඟට line 6 එකේ අපි දන්නවා සුඛ සංකල්පයෝ සිට සුඛ සඤ්ඤා දක්වා ධර්මයෝ, ඒකට අපි අට්ටීයති කියලා ගත්තා. අන්න ඒක තමයි අපි බලන්න ඕන අර “සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො” කියන එක. සුඛ සංකල්පයට රාග වෙලා අර රූප, වේදනා, ගිද්ධිලෝභ කියන belt එක අපි ඒක කරකවනවා. ඊළඟට line 7 එකේ තියෙනවා දුර්වල වූ අත්ත සඤ්ඤාවේ සිට අත්ත දිට්ඨිය දක්වා ධර්මයෝ, ඒක තමයි අපි ජිගුච්ඡති කියලා ගත්තේ. අන්න ඒකට එන්න ඕන “අස්මිමානස්ස යො විනයො එතං වේ පරමං සුඛං.”

අන්න ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Kaamaya/s_Kaamaya-05.jpg