උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ අවසානයට වටහා ගත් කොටස වැඩියෙන් භාවනාවට ගත්තා. ඒකෙ නැවතත් මතක් කරගන්නවා නම්, අපි දන්නවා ඉදංසච්චයේ ඉඳන් line 5 ඒ දුර්වල වූ සුභ සඤ්ඤාවේ සිට සුභ සුඛ සඤ්ඤා දක්වා ධර්මයෝ, ඒකට අපි හරායති කියලා කිව්වා. එතන තමයි “අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ” කියලා ලියා ගත්තේ. ඊළඟට line 7 එකේ දුර්වල වූ අත්ත සඤ්ඤාවේ සිට අත්තා දිට්ඨි දක්වා ධර්මයෝ ජිගුච්ඡති කියලා ලිව්වා. ඒකෙන් තමයි “අස්මිමානස්ස යො විනයො” කියලා අපි ලියා ගත්තේ. ඊළඟට line 6 එක මෝහ අගතියේ ඉඳන් එන එක, සුඛ සංකල්පයේ සිට සුඛ සඤ්ඤා දක්වා ධර්මයෝ අට්ටීයති. එතනට තමයි අපි “සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො” කියලා ලියා ගත්තේ. මෙම කොටස සිහි කරන්නේ සිත සමාධිගත වීම උග්‍ර වීමත්, එමගින් අනාශ්‍රව චිත්ත වීමත් සිදු වුණා.
කුමක් නිසා ද? යම් සුඛ සංකල්පයක් වේ ද, එමගින් අත්ත සඤ්ඤා ඇති වන දුර්වල වූ සුභ සඤ්ඤා වීමත්, මෙය ම ඔඩු දුවා මධ්‍යම ප්‍රමාණයට ගලන අවස්ථාව දක්වා වන සියලු ධර්මයෝ අත්තවාද උපාදාන වී plan ගසා අස්මිමාන කියන එක ඇති කරගන්නවා. දුර්වල වූ සුභ සඤ්ඤා මගින් මෙපමණ ප්‍රමාණයකට විඤ්ඤාණ ධාරාව පවත්වන්නේ මෝහය නිසා බව පැහැදිලියි. එසේ නම් පරාමාසයේ සිට එන්නා වූ line 7 සහ මෝහ අගතියේ සිට එන්නා වූ line 6 පමණක් ම බැලීම ප්‍රමාණවත් යැයි හැඟීම් ඇති වුණා. එකෙක් මගින් අනෙකා ඇති කිරීම ද, නැසීම ද යන්න යම් සේ සිදු වන්නේ ද මෙය එසේ යැයි කියලා තේරුණා. දැන් අපි බලන්නේ line 7, line 6 විතරයි.
වරෙක සුඛ සංකල්පය විද්‍යාමාන වන්නේ අත්තා ඉපදවීම සිදු වන්නේ ය. තවත් වරෙක අස්මිමාන වන්නේ සුඛ සංකල්පයෝ මිය ගොස් සුඛ යන සඤ්ඤා පමණක් ඉතිරි වන්නේ ය. මෙය දැන ගැනීම අනාශ්‍රව චිත්තයේ ඉහළ ම අවස්ථාව වන්නේ ය. උදාහරණ වශයෙන් බලන්නේ dye සහගතව ජල පහරක් ගලන්නේ පසුව බලන විට ජල පහර වේලී ගොස් dye පමණක් පොළොවේ රැඳෙන්නේ යම් සේ ද මෙය එසේ ය. මැරී ගොස් ඇත. සිටියා යන සඤ්ඤා ඇත.
ඒක තමයි මං කරපු භාවනාව. අනාශ්‍රව චිත්තයේ තමයි, ඒ නිරෝධයේ තමයි ගොඩක් ම හිටියෙ.