Date: 22/01/2016 Name: Anasava Citta

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

සිහි කරනවිට ම අනාශ්‍රව චිත්තය කියන එක ඇති වුණා. හේතුව තමයි ඊයේ භාවනාව සිහියේ පැවතීම. අද භාවනාවේ දී ඊයේ ඉගෙන ගත් දහම් කරුණු නැවතත් මෙනෙහි කළා. විශේෂයෙන් බැලුවේ වට ගැන. සුඛ සංකල්පය මිය යන අවස්ථාව සිහි කළා. වට හතරක් යන විට මේක වෙනවා නේ ද? 4.6 අපි දන්නවා අප්‍රියේහි සම්පයොගය, වේදනාවේ ව්‍යාධිය, නිත්‍යයි කියන සංකල්පය බිඳිලා තියෙන්නෙ. අනාශ්‍රව චිත්තය වීමට හේතු වුණේ මේකයි. මේ විදිහට ටික වේලාවක් හිටියා.

5.4 සුඛ සඤ්ඤාව මිය ගියා. 5.5 වෙනකොට අත්ත වෙනවා. එසේ නම් අත්ත දිට්ඨිය වන විට සුඛ සඤ්ඤාවත් සුඛ යන සංකල්පයත් දෙක ම මිය ගොස් ඇත. යමෙක් දරුවකු ප්‍රසූත කර මිය ගියා වැනි ය. නැවතත් අනාශ්‍රව වුණා. පෙටකොපදෙසයේ සිංහල පොතේ පිටුව 157 තියෙනවා “ලෝභය ආත්මාසය වංචා කිරීම ලක්ෂණ කොට ඇත” කියලා. මේක දැන් පැහැදිලියි. පෙර අත්තෙක් වුණා ද, ඒ මගින් සුඛ සංකල්පයෝ සාදයි. යම් සුඛ සංකල්පයක් වී ද, ඒ මගින් අත්තා කියන එක සාදලා මිය යෑම කියන එක සිද්ධ වෙනවා. මේ විදිහට වංචා කිරීම කියන එක සිද්ධ වුණා.

ඉතින් ඔය අත්තෙක් මගින් සුඛ සංකල්පය හදනවා කියන එක අපි උපෙක්ඛා අප්‍රමාණ 6 වෙනි භාවනාවෙදි ඉගෙන ගත්තා නේ අර පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අත්ත සඤ්ඤාව ඇවිල්ලා, ඊට පස්සේ බිඳිලා ගිහිල්ලා මෝහ අගතියේ ඉඳලා line 6 එක හරහා සුඛ සංකල්පයට strong වෙලා එනවා කියලා.

ඒක තමයි මං කරපු භාවනාව.

බොහෝ වෙලාවක් අනාශ්‍රව චිත්තයේ තමයි හිටියෙ.