Date: 23/01/2016 Name: Anasava Citta

ඒ පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ, අපි ඊයේ ඉගෙන ගත්තා 5.4 සුඛ සඤ්ඤාව මිය ගියා. මිය ගියා නම්, සුඛ සංකල්පයත් මිය ගියා කියලා, අපි හතර වෙනි රවුමේ දී මේක වෙනවා කියලා ඉගෙන ගත්තා. එතකොට මේ විදිහට මේ දෙක ම මිය ගියා නම්, අර අත්ත දිට්ඨිය ඇති වන අවස්ථාව අපි දන්නවා, ඒ අර මධ්‍යම ප්‍රමාණයට විඤ්ඤාණ ධාරාව ගලන අවස්ථාව. මේ වේලාවේදි කෙසේ සුඛ යන සඤ්ඤා line 6 එක හරහා ගලනවා ද කියන එකයි මෙනෙහි කරලා බැලුවේ. ඇයි දෙක ම මිය ගිහිල්ලා තියෙන්නේ.

පෙර යමක් කරන ලද්දේ ද, එමගින් අත්තා වී ද, එම අත්තා විසින් මෝහය ගොඩ නංවන ලද්දේ ද, එය තුළ වස්තූන්ගේ වරදවා ගැනීමේ ලක්ෂණය ඇත. ඔය පෙටකොපදෙසයේ පෙන්නනවා, සිංහල පොතේ පිටුව 157, ඒකෙදි වස්තුවේ වරදවා වටහා ගැනීමේ ලක්ෂණය තියෙනවා කියලා මෝහයේ. මෙම මෝහය ඇති වීමට හේතුව වූයේ අවිද්‍යා යෝගයයි. මෙහි දී අත්තා දිට්ඨිය විසින් ඇති කරනු ලබන කොටස බලවත් ය. එය අත්තවාද උපාදානය තුළ බැසගෙන පවතින්නේ විඤ්ඤාණ ධාරාව ගලයි. මෙසේ සුඛ යන සඤ්ඤා මිය ගියත්, තවමත් සුඛ යන සඤ්ඤා line 6 එක හරහා මෝහය විසින් ම ගැලීමට සලස්වනවා.

ඒක හරි වැදගත් කොටසක් එතන, මළත් සැපයි කියන එකයි මේ කියන්නේ. මෝහයට ප්‍රත්‍යය වන්නේ අවිද්‍යා ආශ්‍රවය. මෝහයට ආසන්න කාරණය, පදට්ඨානය, මිච්ඡා ප්‍රතිපත්තියයි කියලා ඔය පෙටකොපදෙසයේ පිටුව 159 එතැන පෙන්නනවා. ආසන්න කාරණය හැටියට තියෙන්නේ ඒකයි කියලා, ප්‍රත්‍ය හැටියට තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවය. දැන් එහෙනම් අපිට පේනවා අර චේතනාවෙන් අනත්තේ අත්තා, ඒකේ පසු සඤ්ඤාව හැටියට අවිද්‍යා ආශ්‍රවය. ඒකට උඩින් තියෙන්නේ ඉදංසච්චය කියන එක. එසේ නම් හේතුව විසින්, ඒ කියන්නේ ඉදංසච්චය විසින්, හේතුවට ආවේ අපි අර කිව්ව නේ අවිද්‍යා යෝගයේ ඉඳලා ඇවිල්ලා නේ ඒක හැදිලා තියෙන්නේ, අනුමත කළා වූ කැරකවීමෙන් ඇති වන ආස්වාදය සහිත වූ මෝහය ම සුඛයක් විය. අවිද්‍යා ආශ්‍රවය තුළ තියෙනවා නේ කැරකවීමෙන් ඇති වන ආස්වාදය, අර තණ්හාවත් එක්ක සිද්ධ වෙන දේ. එතකොට ඒක ම තමයි සුඛයක් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම මේ භාවනාව කළා නම් ඉතින් ඒ අනාශ්‍රව චිත්තයේ බොහෝ ම හොඳට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.