Date: 24/01/2016 Name: Nirodha Bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේදි විශේෂයෙන් බැලුවේ අවිද්‍යා යෝගය මගින් කරන ක්‍රියාවලියයි. අපි ඉගෙන ගත්තා නේ ඒක, මෝහය ඇති වීමට හේතුව අවිද්‍යා යෝගයයි කියලා. එතකොට අවිද්‍යා යෝගයට ආසන්න කාරණය අපි දන්නවා අර විපල්ලාස දොළහ කියන එක. එතකොට අත්තා දිට්ඨිය මගින් ඇති කරන කොටස බලවත් කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. එය කොපමණට බලවත් ද? යමෙක් සංසාරයේ යැවීමට තරම් බලවත් වන්නේ කුමන ප්‍රමාණයට බලවත් වීමෙන් ද? යම් සුඛ යන සංකල්පයක් වී ද, එය මිය ගියා ද, එය මගින් අත්තා යන දිට්ඨියක් සෑදුවා ද, මෙය ප්‍රමාණවත් නොවේ. මෙයට ඉදංසච්චය මගින් අනුමත කළා වූ කොටසක් ඇතුළත් විය යුතු ම යි. අඩු ම තරමින් සුභ යන සඤ්ඤාව line 5 හරහා ගැලීමවත් තිබිය යුතුයි. මෙය නොවන අවස්ථාවක් ඇත. යමෙක් මිය ගියා ද අල්ලා ගැනීමට රූපයක් නැති නම් උත්පත්තියක් සිදු නොවේ.

“රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” එනම් ඉදංසච්චය මගින් යම් රූපයක් සුභ යැයි අනුමත කළ යුතු ම ය. අත්තවාද උපාදානය ගිලිහී යන්නේ නම්, අවිද්‍යා යෝගය නොවේ. අවිද්‍යා යෝගය නොවන්නේ නම් ඉදංසච්චයට කළ හැක්කක් නැත. එය නිරුද්ධ වන්නේ ය. අත්තවාද උපාදාන නොවීමට නම් නිත්‍ය සඤ්ඤාව නොවිය යුතුයි. මෙය වීමට නම් line 5 දුර්වල අවස්ථාවේ දී ම අත්ත සඤ්ඤාව නැවතත් නූපදින පරිදි මිය යා යුතුයි. මෙය සිදු වන්නේ අසුභය අසුභය වශයෙන් මනා කොට දන්නේ නම් පමණි. ඉතින් ඔතනදි අපිට තේරෙනවා ඒ අසුභය අසුභය වශයෙන් දන්නවා කියන එක ඔතෙන්දි එන්න ඕනෙ අර “ න සඤ්ඤ සඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී” ගාථාව. ඒ විදිහට ගියොත් තමයි ඒක සිද්ධ වෙන්නේ.

අපිට පේනවා දැන් මෙතන සුඛ කියන සංකල්පය කියන එක තියෙනවා. ඒ සුඛ කියන සංකල්පයේ ඉඳන් අපි යනවා නේ අර රූපය දක්වා, ඒ කියන්නේ කාමච්ඡන්දය තියෙන්නා වූ කොටස. එතකොට මෙන්න මේ දුර්වල අවස්ථාවේ දී මේක නොවෙන්න ඕනෙ. එතෙන්ට යන්නේ නැති වෙන්න නම් ඉතින් අර ඒ සුඛ කියන සංකල්පය හැදුණා වූ ඒ “න සඤ්ඤ සඤ්ඤී” ගාථාවේ පෙන්නන්නේ ඒකයි බැලුවාහම. එතකොට ඒ විදිහට වෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒක නැවතත් උපදින්නේ නැති වෙන්න. මේ භාවනාව කළහම හරී සැනසීමක් ඇති වෙනවා ඔය දේ තේරුම් ගත්තට පස්සේ. ඒකේ විශේෂ හේතුව තමයි උපසමාධිට්ඨානය. ඒක හොඳට පවතිනවා ඒක නිසා.

ඒක තමයි මං කරපු භාවනාව.