ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. හැබැයි මම පටන් ගත්තේ අර කාමච්ඡන්දය. ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් අපි ව්‍යාධි, මරණයටත් කැමති වෙනවා, හරායති කියලා ඒක ගත්තා. ඊට පස්සේ අපි මැරිලා ඉපදෙනවා, නන්දිය, ඒකට කැමැත්ත. එතකොට ඒ ඉපදුණා නම් ආපහු ජරාවට යනවා. එහෙම නම් ඒකෙ අපි පීඩාවට පත් වෙනවා, එතකොට අට්ටීයති. ඊට පස්සේ අපි ලාභය කියලා ගන්නේ අර අත්තා කියන එක නිසා. එතකොට අත්තා වුණා නම් ආපසු විඤ්ඤාණයක් සැකසෙනවා. ඉතින් පදුට්ඨමනසඞ්කප්පය දික් කළහම අපි ආපහු එන්නේ ජරාවට. එතකොට එතන දී අපි දැන් ගන්නවා ජිගුච්ඡති කියලා. එතකොට එතනට ජිගුච්ඡති කියලා ගත්ත නම්, අපි දන්නවා අර රේඛාව, ජරාවට දැන් අපි කිව්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා. එහෙම නම් වේදනාව හරහා රේඛාව දික් කළහම අසම්පජානකාරීත්වය, අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක. එතකොට එහෙම නම් අපි ඉතින් අසම්පජානකාරීත්වය අපි දන්නවා ඉතින් තණ්හාව නිසා නේ මේක සිද්ධ වෙන්නේ, ඒක නොදන්නා බව. ඉතින් එතකොට වේදනාව නිසයි සිද්ධ වෙන්නේ. වේදනාවටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියන එක එනවා.
එතකොට එහෙම කරලා මේ ඊයේ භාවනාවේ අවසානයේ දී අපි ඉගෙන ගත්තා අසුභය, අසුභය වශයෙන් දැන ගත යුතු බවත්, මේක සිද්ධ වෙන්නේ අපි ඔය කලහ විවාද diagram 2 එකේ එහෙම සාකච්ඡා කළා. “න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී, නොපි අසඤ්ඤ සඤ්ඤී න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස විභොති රූපං, සඤ්ඤා නිදානා හි පපඤ්‌චසඞ්‌ඛා.” කියලා එතකොට ඒ ගාථාවට අනුව තමයි ඕක තේරුම් ගන්න ඕනෙ, අසුභය අසුභය වශයෙන් කියන එක.
ඒකේ අපි දන්නවා දැන් “සඤ්ඤා නිදානා හි පපඤ්‌චසඞ්‌ඛා” අන්න ඒ කොටසට සිත යොමු කළා. සඤ්ඤා කිව්වහම සුභ. සුභ කියන එක ගත්තහම එතනට ඇති. එතකොට මේක නිසයි ඒ පපඤ්චය කියන එක. එතකොට පපඤ්චයො දෙදෙනෙක් වෙනවා. එකක් තමයි තණ්හා පපඤ්චය, දිට්ඨි පපඤ්චය. එතකොට තණ්හා පපඤ්චයො කියන ඒවා කවරහු ද?
දැන් අපි සාකච්ඡා කරපු රේඛාව ජරා, වේදනා, අසම්පජාන. අන්න ඒ රේඛාවේ යම් භ්‍රමණයක් වේ ද, මෙයයි. ඒක තමයි තණ්හා පපඤ්චය කියලා කියන්නේ. දිට්ඨි පපඤ්චයො කවරහු ද? අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රව දක්වා යම් දිවීමක් වේ ද, එයයි. එතකොට මේක නොවීමට නම්, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව නොවීමට නම්, අර standing wave එක නැති වෙන්න ඕනේ. එනම් ජාතිය දක්වා යම් දිවීමක් වේ ද, ජාතියේ සිට රූප ස්පර්ශ කරමින් නැවත සංස්කාර ගොඩ නැංවීමක් වේ ද, මේ දෙක ම නතර වෙන්න ඕනෙ. එතකොට දැන් ඔය ධර්මය, දැන් ඉස්සෙල්ලා කිව්ව රේඛාවත් එක්ක අපි කතා කරමු. එතෙන්දි අපි කිව්වා ඔය ජරා, වේදනා, අසම්පජාන කියන ඒ රේඛාව, අවිද්‍යා අනුසය රේඛාව. අවිද්‍යා අනුසය කියලා කියන්නේ, අපි කිව්ව නේ මේ සුභය ම යි කියලා කලින් පෙන්නුවා නේ අවිද්‍යා අනුසය කියන එක කලින් භාවනාව. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා, මේ රේඛාව දැන් කැරකුණහම මොකද වෙන්නේ? රාග අනුසය දක්වා එනවා. අපි අර නාමරූප කියන තැන, එතන සුභයි කියලා දානවා. මේක තමයි අර internal සුභ එක. ඇතුළේ සුභය.
එතකොට දැන් බලන්න මේ රූපයක් දැක්කහම අපිට ප්‍රශ්නය මොකක් ද? මේ ඇතුළේ තියෙන සුභය තමයි අපිට ලොකු ම ප්‍රශ්නය. ඒක නිසා තමයි අපිට අර, අරකත් එක්ක කැරකිලා යන්නේ. නැත්නම් අසූචි ගොඩ අසූචි ගොඩ වශයෙන් අපි දකිනවා නේ. දකින්න බැරි වෙලා තියෙන්නේ මේකේ කැරකීම. දැන් එතකොට මේක මෙහෙම කැරකුණා නම් අන්න අභ්‍යන්තර සුභය කතාවත් එක්ක ඒක ඉවරයි. දැන් මේක මෙහෙම වෙන්න කොහොම ද සිද්ධ වෙන්නේ? අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ඇවිල්ලා තමයි මේකේ කැරකැවීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ආශ්‍රවයන් අයින් කළා නම් ඔය කතාව සිද්ධ වෙන්නේ නෑ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.