Date: 26/01/2016 Name: Papanca 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ පටන් ගත්තේ අර ලෝභය නැති කරමි කාමච්ඡන්දය. ඒ විදිහට අර ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. ඊළඟට අසම්පජානකාරීත්වයට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. ඒ වගේ ම තණ්හාව නිසා තමයි මේක වෙන බව දන්නේ නැතිකම. එතකොට වේදනාව නිසයි තණ්හාව. වේදනාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. ඔය විදිහට ඊයේ භාවනාව සම්පූර්ණයෙන් මම කරගෙන ගියා. ගිහිල්ලා අවසානයට අපි ආවා නේ මේක මේ තණ්හා පපඤ්චය, දිට්ඨි පපඤ්චය. අර රේඛාව, ජරා, වේදනා, ඊළඟට අසම්පජාන කියන රේඛාවේ භ්‍රමණය තණ්හා පපඤ්චය.

දිට්ඨි පපඤ්චය අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන එක. ඉතින් එතනට ඇවිල්ලා, අපි ඊයේ තේරුම් ගත්තා මේ සුභය ම කියන එක ම තමයි මෙහෙම කරකවලා අපි හදන්නේ. පෝතලිය සූත්‍රයේ සාකච්ඡාව අපි ඊයේ කළා නේ උදේ වරුවේ. ඉතින් ඒ වෙලාවෙදි අපිට තේරුණා නේ, මේ අපි බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ තනිකර, පාණාතිපාත කළා, කැරකෙව්වා, සුභය හැදුවා. අදත්තාදානය කළා, සුභය හැදුවා. ඔය විදිහට ගිහිල්ලා ගිද්ධිලෝභය, සිහින මවලා හරි සුභය හැදුවා. ඊළඟට ආපහු අර නින්දාරොසය, කණ කරාබුවක් තියලා හරි සුභය හැදුවා, පලතුරු ගෙඩියෙන් හරි සුභය හැදුවා, කියන අර්ථයට අපි තේරුම් ගත්තා. ඉතින් අපි කරේ මොකක් ද කියන එක එතකොට අපිට පේනවා.

ඉතින් අන්න ඒ අවස්ථාවෙදි හිත ගලක් වගේ පත් වෙනවා. දුවන්නෙ නෑ. ඊට පස්සේ, දැන් ඉතින් අපි ඉගෙන ගත්ත නේ අර පපඤ්ච. ඉතින් දැන් මේ ඇති වෙනවා මේ විදිහට “සඤ්ඤා නිදානා හි පපඤ්‌චසඞ්‌ඛා” කියලා. එතනදි අපි ඉගෙන ගත්තා ඔය අභ්‍යන්තරයේ සුභ සඤ්ඤාව, මේ විදිහට ඇති වුණාට පස්සේ කුමක් වන්නේ ද කියන එක අද භාවනාවෙදි සිහි කළා.

සුභ වූයේ නම් ලෝභය හටගන්නවා. කොහොම ද හටගන්නේ? මනාපික අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව, සෝමනස්ස පවිචාරය. මේ වෙනකොට අපි plan, සංකල්පයන් කරලා ඉවරයි. ඒ කියන්නේ හතර වන රවුම පසු කරලා තියෙනවා. ඕක අපි ඉගෙන ගත්තා, කලහවිවාද සූත්‍ර diagram 2 slide 10. හතර වන රවුමේ දී නිත්‍ය සංකල්පය මිය යනවා කියලා අපි දන්නවා. එතනදි 4.6. නමුත් පස් වෙනි රවුමේ දී අපි රූපය නිසා චේතනා අගයෝ දෙනවා. මාන්නයන් ඇති කරගන්න විදිහ අපි සාකච්ඡා කළා. ඊළඟට, ඒ කියන්නේ මිය යන නිත්‍ය සංකල්පය මගින් රූපය ලාභ වශයෙන් ගෙන අත්ත සඤ්ඤා නිසා වන චේතනා කියන එකයි. ඉතින් එතනදි අපිට පේනවා, අර පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අත්ත සඤ්ඤාව, මේක උස්සන කතාව.

පස් වෙනි රවුමේ දී සුඛය මිය යනවා. 5.4. නමුත් හය වන රවුමේ දී නන්දිය නිසා චේතනා අගයන් දෙනවා. ඒ කියන්නේ මිය ගිය සුඛයට නන්දියක් ඇත. ඉතින් ඒ නන්දිය තේරුම් ගන්න ඕනේ, කලින් වටවලින් ඇති වුණා වූ නන්දිය. මෙසේ මාන වන්නේ ය. මාන වන්නේ නම් භවය පවත්වනවා. අපි පට්ඨාන පාලිය තුනේ ඉගෙන ගත්ත නේ මානයෙන් භවය, භවයෙන් අවිද්‍යාව. ඔය පෝතලිය සූත්‍රය කියනකොට මම නිතර ම කියන්නේ. එතකොට භවය කියන්නෙ භ්‍රමණයයි කියලා අපි දන්නවා. භව වන්නේ අවිද්‍යාව වන්නේ ය. මෙසේ තණ්හා පපඤ්චය මගින් දිට්ඨි පපඤ්චය කියන එක ඇති වෙනවා.

ඔන්න එහෙම නම් අපිට තේරෙනවා මාන වුණා නම් භවය. කැරකුණා නම් භවය. කැරකීම කියන එක සිද්ධ වුණා නම් අවිද්‍යාව. එහෙම නම් තමන්ට පේනවා කැරකුණොතින් අවිද්‍යාව. අන්න ඒ වෙලාවෙදි, සිත මහා විශාල වෙනවා. ඒ විශාල වෙලා, ඒ කියන්නේ, අර ඉස්සෙල්ලා ගලක් වගේ තිබිච්ච සිත දැන් මෘදුයි, හැබැයි පුදුමාකාර විශාලයි. ඒක තමයි අනාශ්‍රව විමුක්තිය. ඒ අනාශ්‍රව විමුක්තියේ ඒ විදිහට ඉන්න පුළුවන්.

ඉතින් දැන් බලන්න පෝතලිය සූත්‍රය. කාරණා හතක් බැලුවා, කැරකුවා කිව්වා. දැන් කියන්නේ මොකක් ද කරකවලා මාන්නය හදාගත්තා. දැන් මානය නිසා කැරකෙනවා. මානය නිසා භවය ඒක නෙ මේ පෙන්වන්නෙ කාරණා අටෙන් ම බුදුහාමුදුරුවෝ පෙන්නුවා මේක. මේ විදිහට වෙලා දැන් මෙතැනිනුත් කරකවනවා. අනාශ්‍රව විමුක්තිය කියන එකේ හොඳට ඉන්න පුළුවන්.

ඒක තමයි මං කරපු භාවනාව.