Date: 27/01/2016 Name: Upadana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. මානය මගිනුත් කරකවනවා බව සිහි කළාට පස්සේ, මේ සියල්ල ම අත්තවාද උපාදානය නිසා යැයි වැටහුණා. ඉතින් අපි දන්නවා අපි ඊයේ ඉගෙන ගත්තා අර මානය පට්ඨාන පාලියේ 3 එකත් එක්ක බැලුවා. මානයෙන් භවය, භවයෙන් අවිද්‍යාව. කැරකෙව්වා නම් අවිද්‍යාව. එතකොට අත්තවාද උපාදානය මගින් අවිද්‍යා යෝග වන්නේ මෝහයට හේතු වීම සිදු වේ. අත්තවාද උපාදානයට අපි දන්නවා ජාතිය, රූපය, චේතනා, ඒ දක්වා තියෙන්නා වූ ඒ සියලුම ධර්මයෝ මුළු ලෝභය සමඟ ම ඇතුළත් වෙනවා කියලා, අපි 11/01/2016 උපෙක්ඛා අප්‍රමාණ 4 භාවනාවෙදි ඉගෙන ගත්තා.

මෙය ඇති වීමට සීලබ්බත උපාදානයේ සිට සියලුම උපාදානයන් contribute කරන බව වැටහුණා. අනාගත භවය දැඩිව ගත්ත අවස්ථාවෙදි ඇති වූ කාම තණ්හාව ද, ඉන් අනතුරුව වන භව තණ්හා, විභව තණ්හා, ඒ diagram එක මම සිහි කළා. ඒක නැවතත් මතක් කරලා දෙනවා නම්, අපිට පේනවා මේ වේදනා, චේතනා, පරාමාස, භය අගති, වේදනා කියන ඒකේ, සීලබ්බත උපාදානය අපි දන්නවා ඉතින් වේදනා චේතනා, චේතනා පරාමාස. වේදනාවේ ඉඳන් පරාමාසයට යන එක අපි කියනවා කාම තණ්හා කියලා. ඊට පස්සේ පරාමාසයේ ඉඳන් භය අගතියට තියෙන එකට භව තණ්හාවත් කාම උපාදානයත් දෙක ම ලකුණු කරනවා. ඊට පස්සේ අපි දන්නවා දිට්ඨි උපාදානය කියන එක, චේතනාවේ ඉඳන් පරාමාසයට, භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන්නා වූ එක. ඊට පස්සේ ආපසු ඒ සෝකය කියන තැන ඉඳන් වේදනාවට එනවා, වේදනාවෙන් පරාමාසයට එන එක. මේකත් මේ අත්තවාද උපාදානය කියලා.

එතකොට මේ විදිහට පේනවා මේ සියලු උපාදානයන් මගින් කැරකීම, භ්‍රමණය, වෙනවා කියලා තේරෙනවා. ඉතින් මෙතන්දි අපිට පේනවා, අපි දැඩිව ගන්නා වූ දේවල් තියෙනවා උපාදානයේ. ඒ උපාදානයෙන් යමක් දැඩිව ගත්තා නම් ඉතින් ඒක නිසා අර ථම්භය කියන එක එහෙම ඇති වෙලා, ඒ ධර්මයන්ගේ බලපෑමත් පේනවා. එතකොට “උපාදාන පච්චයා භවො” යන්න මනා කොට පැහැදිලි වෙනවා. ඉතින් පපඤ්චය මගින් උපාදානයන් ඇති කරනු ලබනවා. අර පෙර මෙන් ම, අර අනාශ්‍රව විමුක්ති සහගතව ඉන්න පුළුවන්කම කියන එක ඇති වුණා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_CulaSihanada_diagrams/s_CulaSihanada_diagrams-02.jpg