Date: 28/01/2016 Name: Anurodhapativirodha - Favours and opposes

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

චූල සීහනාද සූත්‍රයේ goal කියලා ඉංග්‍රීසියෙන් කියනවා, නිට්ඨා කියලා පාලි භාෂාවෙන් කියනවා නිෂ්ඨාව කියලා සිංහලෙන් කියනවා. “අනුරුද්ධ ප්‍රතිවිරුද්ධයා හට නොවේ” කියන වාක්‍යයට මම සිත යොමු කළා. මේක විමසන්නේ, අර සාත අවස්ථාවෙදි, අනුරුද්ධ, favours, කියන එකයි එතැන පෙන්වන්නෙ, වන බවත්, අසාත අවස්ථාවෙදි ප්‍රතිවිරුද්ධ වන බවත් පළමුව වැටහුණා. තවත් ටිකක් විමසගෙන යනකොට, අර ජීවිත ඉන්ද්‍රිය වටා රවුම් තුනක් කරකැවීමෙන් පසු, නිත්‍ය යන දිට්ඨිය reverse වීමට පටන් ගන්නා බව අපි දන්නවා. එනම් ජීවිත ඉන්ද්‍රිය, පරාමාස රේඛාව 270° න් භ්‍රමණය වෙලා, අපි දන්නවා ඉදංසච්ච, ජීවිත ඉන්ද්‍රිය, අර නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය, හටගන්නේ මේ වන විට රවුම් හතරක් අපි කරකවලා තියෙනවා. ඒ කියන්නේ මෝහ, ඉදංසච්ච රේඛාව 360° න් භ්‍රමණය වීම. ඉතින් අර diagram එක කෙනෙක් ඇඳගත්තා නම් පහසු වෙනවා අර පරාමාස, චේතනා, a, අත්ත සඤ්ඤාව. ඊට පස්සේ චේතනා, ජීවිත ඉන්ද්‍රිය, අත්තා චිත්තය. ජීවිත ඉන්ද්‍රිය, පරාමාස, අත්තා දිට්ඨිය. ඉතින් ඔය triangle එක නේ, අපි ජීවිත ඉන්ද්‍රිය වටා 270° න් කැරකෙව්වහම අපිට පේනවා, අර a කියලා ජීවිත ඉන්ද්‍රිය ඉඳන් විඤ්ඤාණය දක්වා, ඒ නිත්‍ය යැයි කියන සඤ්ඤාවත්, විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය කියන චිත්ත විපල්ලාසය. ඊට පස්සේ ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය කියන දිට්ඨි විපල්ලාසය.

එතකොට, එහෙම නම් මෙතැන දීත් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා කියලා අපිට පේනවා. මොකද? ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට දැන් reverse වෙච්ච අවස්ථාව. ජාතිය, ඉපදවීම, 4.4 අවස්ථාව වන්නේ, ධාරාව විරුද්ධ අතට ගලනවා. මෙය තවදුරටත් පැහැදිලි වීම අපි ඉගෙන ගත්තා අර line 5 හරහා අඩුවෙන් ධාරාව ගලන අවස්ථාවේ සිට මධ්‍යම ප්‍රමාණයට ධාරාව ගලන අවස්ථාවේ දී අපි ඕක පැහැදිලි කරගත්තා. ඒ කියන්නේ සුඛ සංකල්පය මිය ගොස් ඇත. සුඛ යන පුහු සඤ්ඤාව ඇති වන අවස්ථාව. මෙසේ මෝහයේ සිට ධාරාව ගලන අවස්ථාවේ දී, reverse වීම කියන එක චිත්තය තුළ ම හටගෙන තියෙනවා. ඉතින් එතනදිත් කෙනෙකුට මතක් කරගන්න පුළුවන් අර පරාමාස, මෝහ අගති, ඉදංසච්ච, භය අගති cross එක බැලුවොතින් එහෙම, අපි line 5 වල ලියාගත්තා අර දුර්වල වූ සුභ සඤ්ඤාවේ සිට සුභ, සුඛ සඤ්ඤා දක්වා ධර්මයෝ, අපි ඒකට හරායති කියලා කිව්වා. “අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ” කියලා කිව්වෙත් ඒ අවස්ථාවේ දී. Line 6 එකේ අපි දැනගත්තා සුඛ සංකල්පය සිට සුඛ සඤ්ඤාව දක්වා ධර්මයෝ අට්ටීයති කියලා ගත්තා. ඒක “සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො” කියලා එතනට අපි ලියාගත්තා. ඊළඟට, පරාමාසයේ ඉඳන් ඒ පරිදේවය දක්වා එන තැන, line 7 එකේ අපි ලියාගත්තා, දුර්වල වූ අත්ත සඤ්ඤාවේ සිට අත්තා දිට්ඨි දක්වා ධර්මයෝ ජිගුච්ඡති කියලා. “අස්මිමානස්ස යො විනයො” කියලා භාවිතා කළේ ඒකට.

එහෙම නම් අපිට පේනවා, මේ අසාත අවස්ථාවත්, ඒ වගේ ම ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපි දන්නවා නිත්‍ය කියන දිට්ඨිය reverse වෙච්ච අවස්ථාව, ඒ වගේ ම line 6, අර සුඛ සංකල්පය, මිය ගිය යන අවස්ථාව තුන ම ප්‍රතිවිරුද්ධ අවස්ථා ලෙස ගත යුතු ය. මෙසේ විරුද්ධ ප්‍රතිවිරුද්ධ වන්නේ ය. නිර්වාණය නොවන්නේ ය.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_CulaSihanada_diagrams/s_CulaSihanada_diagrams-07.jpg


s_CulaSihanada_diagrams/s_CulaSihanada_diagrams-08.jpg