Date: 29/01/2016 Name: Appiyehi Samprayoga Dukka

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාවේ දී පටිවිරොධ අවස්ථාව මැනවින් සිහි කරන්නේ, යම් සුඛ සංකල්පයක් මෝහය හරහා ගැලීම වූවා ද, එයට ඇති වූ කාමය නිසා අසාත අවස්ථාව. ඒ පෙර පසු සංකල්ප අගයන් ගැළපීමෙන් පසු පටිඝ වී ඇති වන බව පැහැදිලි ය. ජීවිත ඉන්ද්‍රිය අසල වන ක්‍රියාවලිය සිහි කළා. රවුම් 4 step 5 සිහි කරන්නේ මේ වන විට ජීවිත ඉන්ද්‍රිය වටා පරාමාස, චේතනා, ජීවිත ඉන්ද්‍රිය, triangle එක 360° න් කරකැවී ඇති අතර, මෝහ අගති, ඉදංසච්ච රේඛාව හතර වන රවුම පසු කර බාගයට වඩා දුරක් ගිහිල්ලා තියෙනවා.

ඉතින් මේ වෙලාවෙදි කෙනෙක් ඇඳගන්න ඕනේ මේ diagram එක. අපි දන්නවා පරාමාස, චේතනා, විඤ්ඤාණ ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච එතන cross එකක් තියෙනවා. ඒකෙ අපි ලකුණු කරගන්නවා a කියලා අර, දැන් අත්ත සඤ්ඤාව, චේතනාවට කිට්ටුවෙන් චේතනාව පැත්තට arrow එකක් දාලා. ඒ වගේ ම ඒ රේඛාවේ ම පරාමාස චේතනා රේඛාවේ ම පරාමාසයට කිට්ටුවෙන් කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් a1 කියලා, පෙර නිත්‍ය සඤ්ඤාව. ඒක යන්නෙ පල්ලෙහා පැත්තට. ඊළඟට ආපහු කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට යන එක චේතනාව පැත්තේ කිට්ටුවෙන් ලකුණු කරගන්නවා b කියලා. ඒක චේතනා ඉදංසච්ච පැත්තට arrow එක යන්නේ. ඊළඟට ජීවිත ඉන්ද්‍රියේ ඉඳන්, ඒ ජීවිත ඉන්ද්‍රිය කිට්ටුවෙන් ම ලකුණු කරගන්නවා, චේතනාව දෙසට b1 කියලා, පෙර නිත්‍ය කියන චිත්තය. ඊළඟට ආපහු ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසය දක්වා අපි ලකුණු කරගන්නවා c, දැන් අත්තා කියන දිට්ඨිය. ඒක යන්නේ පරාමාසය දෙසට. ඊළඟට පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය පැත්තට ලකුණු කරගන්නවා ඒ රේඛාවේ ම c1 කියලා, පෙර නිත්‍ය කියන දිට්ඨිය. එතකොට දැන් එහෙම නම් අපිට පේනවා මේවා ඔක්කොම විරුද්ධ දිසාවල්වලටයි ගිහිල්ලා තියෙන්නේ, එකිනෙකාට විරුද්ධයි කියන එක.

දැන් පෙර නිත්‍ය දිට්ඨියක් වී ද, එය දැන් අලුත් වස්තුව නිසා ඇති වන අත්තා යන දිට්ඨි විපල්ලාස අගයට වඩා වැඩි වන්නේ පෙර භාණ්ඩය පැවතුණා යන අදහස් ඇත්තේ, මතයන් ඇත්තේ ය. උදාහරණ වශයෙන් ආදී කාලයේ සාදන ලද ලී භාණ්ඩ ගත හැකි ය. අන්න ඒ අවස්ථාවෙදි අපිට පේනවා, මේ c1 >= c කියන එක එනවා. අලුත් උපකරණවල යම් නැවුම් බවක් වේ ද එය පරණ උපකරණවල ගෙවී ගිය ස්වභාවය ඉක්මවයි. මෙසේ b > b1 වේ. එනම් දැන් අත්තා චිත්තය පෙර නිත්‍ය චිත්තය ඉක්මවයි. මෙසේ චිත්ත විපල්ලාසයන් මිය යන්නේ 4.6 දි නිත්‍ය යන චිත්ත විපල්ලාසය මිය යාම පැහැදිලි වේ. මෙය වේදනාවේ ව්‍යාධිය විය. දැන් අත්තා සඤ්ඤාව, පෙර නිත්‍ය සඤ්ඤාව ඉක්මවයි. එනම් a > a1 කියන එක සිදු වන්නේ අලුත් රූපය මගින් විඤ්ඤාණ ධාරාව පවත්වයි. මේක කුමක් ද? හරියට රෝගියා විසින් සාදන ලද භාණ්ඩයක් මෙනි.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.